IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කටුනායක තිරිහන් කරන්න කෝටි 700ක්

වසර තිහකට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 6 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබෙන  බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායකදී පැවසීය.

වැයවන මුදල රුපියල් කෝටි 720කි. ලබන ජනවාරි 06 වැනිදා සිට අපේ‍්‍රල් 05 වැනිදා තෙක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බව ද ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණෙනන ලෙසත් ,ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය. ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැති කීය.

IMG_8571 IMG_8605 IMG_8649 IMG_8714



අදහස් (0)

කටුනායක තිරිහන් කරන්න කෝටි 700ක්

චන්න Thursday, 22 December 2016 02:34 PM

මහින්ද රට කෑවා කියලා මේකෙන් හොඳටම පේනවා. බොරුවට මත්තල හදනවා වෙනුවට කටුනායක දියුණු කළා නම් කොච්චර සල්ලි රටට ඉතුරුද (නි)

:       0       0

කුමාර Thursday, 22 December 2016 03:02 PM

ඉතින් ඇමතිතුමනි දවල් කාලයේ එන ෆ්ලයිට් ටික මත්තලට යොමු කරන්න. එතකොට ආදායම නිකන්ම ලැබෙයි (නි)

:       0       0

සංජය Thursday, 22 December 2016 04:12 PM

සමහරු තමන් ඉන්න රට නමට යොදන්නේ ලොකුකමට කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

දිලුම් Friday, 23 December 2016 09:26 AM

මේ ඇමතියත් පසුගිය රජයේ ඇමතියෙක් නේද දැන් දන්නේ නෑ වගේ කථාකරන්නේ. ආ ඒත් මෙයා නිදාගෙන ඉන්න බව මට අමතක වුනානේ (බ)

:       0       0

සරත් Thursday, 22 December 2016 05:19 PM

ඩුබායි ගුවන් තොටුපල ලොකු කළා. අපි දැක්කෙ නැහැ මේ වගේ පැය පහක් ඉක්මනින් එන්න කියලා කොහෙවත් තියෙනවා. අන්තිම පැය බාගේ වුණත් ගිහින් ප්ලේන් එකට ගොඩවෙන්න හැකියාවක් තිබුනා. (නි)

:       0       0

හර්ෂ Thursday, 22 December 2016 06:49 PM

පැය 5 කට කලින් ගුවන් මඟීන්!!! මොන එහෙකටද? ගුවන් ධාවන පථය අලුත්වැඩියා කරනවා නම් මොකටද කලින් එන්නේ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 22 December 2016 07:19 PM

ගුවන් යානය ධාවන පථය ස්පර්ශ කළ මොහොතේ සිට මගී පර්යන්ත දක්වා බිම දිගේ යන කෙටි දුර මගීන්ට දැනෙන්නේ ගමේ තාර කැඩුන පාරක දිවෙන ලංගම බසයක ගමන් කරනවා වගෙයි. අලි, පිඹුරු හෝ මොනරුන් සඳහා මහ කැලෑවක් මැද ඉදිකරපු, හිස් ගුවන් තොටුපොළට වැයකළ අති විශාල මුදලින් පුංචි කොටසක් හෝ වෙන්කළා නම්, හිටපු රජයට කටුනායක ගුවන් තොටුපොල මීට වසර 10 කට පෙර ඉතාමත් ඉහළ තත්වයකට ගෙන ඒමට තිබුණා. එ්ත් කොහේද, නම ගහපු බෝඩ් ලෑලි එල්ලා ගන්නා එක ඊටවඩා ලොකු වුණානේ (නි)

:       0       0

වල්පොල Thursday, 22 December 2016 08:08 PM

ලංකාවේ ඇමැතිලාගේ සහ නිලධාරින්ගේ ප්‍රායෝගික දැනුම, ලෝකය පිළිබඳ දැනුම තේරුම් ගැනීමට පුලුවන් අවස්ථාවක්. ශීතල සමයේ වැඩියෙන්ම සංචාරකයන් එන කාලයක්. එසේම හෝටල් ඇතුලු සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අල්ප දැනුමක් නැති පිරිසක්. (නි)

:       0       0

වරුණ Thursday, 22 December 2016 08:55 PM

කටුනායක මේ කරන දේ වටිනවා තමයි. එ්ත් කරන්න තිබ්බේ ඒ380 අපහසුවකින් තොරව හැසිරවිය හැකි ධාවන පථයක් ඉදිකර දැනට පවතින එක දෙවන ධාවන පථය ලෙස දියුණු කිරීමයි (නි)

:       0       0

පෙරේරා රියාද් Thursday, 22 December 2016 09:52 PM

දවල් කාලයේ එන යානා ටික මත්තලට යොමුකරන්න. එතකොට ආදායම නිකන්ම ලැබෙයි (නි)

:       0       0

ශාන්ත Thursday, 22 December 2016 10:21 PM

මේවට කියන්නේ ‘මළ හොල්මන්‘ කියලා. අලුත්වැඩියා කරන්නේ ධාවන පථය. ඒ වුණාට පාලනය කරන්න හදන්නේ මිනිස්සු ගැවසෙන පර්යන්තය. කට්ටිය ඔක්කොම අරගෙන හම්බන්තොට ගියා නම් මාස තුනකට ඔය ඔක්කොම හොඳට රෙපෙයාර් කරන්න තිබුනා (නි)

:       0       0

සාමා Friday, 23 December 2016 12:05 AM

බණ්ඩාර, ඔයා හිතනවද අනිත් ගුවන් සමාගම් මත්තලට යන්න කැමති වේවි කියලා? පිටරට ඉඳලා ලංකාවට එන්න යන වෙලාවම යනවා මත්තල ඉඳලා ආයෙත් කොළඹ සහ අනෙකුත් පළාත් වලට යන්න. එනිසා එයාලා දැනටමත් මත්තලට යන්න බැහැ කියලා තියෙනවා (නි)

:       0       0

මුණසිංහ Friday, 23 December 2016 12:15 AM

එ්කත් චීනෙට. පස්සේ කියයිද දන්නේ නැහැ ණය ගෙවාගන්න බැරි නිසා මේකත් හම්බන්තොට වගේම චීනේටම දීලා දානවා කියලා. (නි)

:       0       0

මුණසිංහ Friday, 23 December 2016 12:16 AM

බලාගෙන යනකොට මෙයාලා මහින්දටත් එහා. ඔක්කොම චීනෙට. කෝ අර බටහිර යාලුවෝ ටික. මඟඇරලා නේද? (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Friday, 23 December 2016 03:36 PM

සාමා,මඟීන්ට කිසිම ගැටළුවක් ඇතිවෙන්න් නැහැ. හම්බන්තොට ඉදන් බස් සේවාවක් කොළඹට යොදන්න, රජයට අමතර ආදායමක් ලැබෙනවා නිකන්ම. දකුණු අධිවේගී මාර්ගයේ පැය 3න් කොළඹට එන්න පුළුවන්. මාතර - කොට්ටාවට එන බස් ටික කටුනායකටම යවන්න, ප්‍රශ්නය විසඳිලානේ. (නි)

:       0       0

නිශාන්ත Friday, 23 December 2016 12:38 AM

මේ වගේ වැඩ කරන්න එපා. සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. විකල්පයට මත්තල පාවිච්චි කරන්න. මත්තල සිට හොඳ බස් සේවයක් දමන්න (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Friday, 23 December 2016 02:33 AM

මේකෙන් නම් වැඩක් වෙයි නේද..? අපෙ ටැක්ස් වලින් වැඩක් වෙනවා කියලා සතුටු වෙන්න පුලුවන්. (නි)

:       0       0

අමිල සිංග Friday, 23 December 2016 02:46 AM

ගුවන් තොටුපළ කියන්නේ මුලින්ම රටකට එන කෙනෙකුට රට ගැන හැඟීමක් ඇතිවන ස්ථානය. පරක්කුවෙලා හෝ එය දියුණු කිරීම අගය කරන්න ඕනෑ. මැති ඇමතිවරු සාමාන්‍ය ජනතාව යන පර්යන්තයෙන් වෙනත් රටවල් වලට යනවා නම් අපේ ගුවන් තොටුපළේ තත්වය මීටවඩා හොඳට තේරෙයි. වෙනත් ආසියාතික රටවල ප්‍රාදේශීය ගුවන් තොටුපලවලුත් කටුනායකට වඩා පිරිසිදුයි කාර්යක්ෂමයි පහසුකම් සතිතයි. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 23 December 2016 03:21 AM

ගොඩක් අය හිතන්නේ බස් වගේ ගුවන් යානාත් ඕනෑ තැනකට හරව හරවා යන්න පුළුවන් කියලා. ප්‍රධානම දේ ඒ සඳහා ගුවන් සේවා කැමති විය යුතුයි. ඔවුන්ගේ පරගණක පද්ධති වලට දත්ත ඇතුළු කළයුතුය. මත්තල තියන පහසුකම් මදිකම හා අවදානම වැඩි නිසා ගුවන් සේවා එහි යාමට කැමති නැත. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 23 December 2016 03:22 AM

කොළඹට ආ යානා මත්තලට යොමු කරන්න එම ගුවන් සමාගම් එකඟ වෙන්න ඕනෑ. අභ්‍යන්තර කටයුතු කරනවා වගේ ජාත්‍යන්තරයත් එක්ක අපිට ඕනෑ ඕනෑ විදියට කටයුතු කරන්න බැහැ. (නි)

:       0       0

උපාලි Friday, 23 December 2016 03:34 AM

මත්තල හදල තියෙන්නෙ කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් නොකර බවයි පේන්නේ. තමන්ගේ ගමේ තමාගෙ නම ගහගන්න මහ ගණ කැලෑවක මේ ගුවන්තොටක් හදලා ලාංකික ජනතාව අධික ණය බරකට තල්ලු කරපු එකයි හිටපු ජනාධිපති කරලා තියෙන්නෙ. ලංකාවට අනිවාර්යයෙන්ම දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අවශ්‍යයි. ඒක අඩුගානෙ අනුරාපුරේ හෝ කුරුණෑගල පැත්තෙවත් හැදුවා නම් කොච්චර හොඳද. (නි)

:       0       0

නලීන් Friday, 23 December 2016 03:55 AM

සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කළයුත්තේ සංචාරකයින් වැඩිපුර එන කාලයේදී තමයි. එ්කට හේතුව අනිත් රටවල් වලත් වැඩි නිසා යන්නට වෙන තේරීමක් කරන්න බැහැ. අනිත් කාරණය අපහසුතාවයට පත්වන්නේ ගුවන් තොටුපළේදී විතරයි. මෙතනදි අලුත්වැඩියාවේදී බලපාන්නේ වැස්ස. කටුනායකට අඩුවෙන්ම වැස්ස ලැබෙන්නේ මේ මාස 3 දී. මේක තමයි ප්‍රධානම හේතුව. අදහස් දාන අය හැම පැත්තම බලනවා නම් හොඳයි. (නි)

:       0       0

තිලක් Friday, 23 December 2016 04:13 AM

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය, ඔබ නිවැරදියි. (නි)

:       0       0

ඉක්බාල් Friday, 23 December 2016 04:47 AM

කටුනායකට එන ගුවන් යානා මත්තලට යන්න කැමති නැති බව බොහෝ අය තවම තේරුම්ගෙන නැහැ. (නි)

:       0       0

කුමාරසිංහ Friday, 23 December 2016 04:49 AM

කවුරු කළත් හොඳ වැඩක් (නි)

:       0       0

රංගන Friday, 23 December 2016 05:01 AM

වෙන රටවල එයාර්පෝට් එක්ක බලදී කටුනායක කියන්නේ රජයේ රෝහලක් වගේ, එහෙම තියෙද්දී එ්ක දියුණු කරන්නේ නැතිව මුළු රටම ණය කරලා කැලෑවක මිනිස්සුන්ට රස්සාවල් බෙදන්න සුපිරි එයාර්පෝට් එකක් හැදුව (බ)

:       0       0

කමල් Thursday, 22 December 2016 12:41 PM

නියමයි නියම ප්ලැන් එක. ලංකාවට වැඩියෙන්ම ටුවරිස්ට්ලා එන කාලෙම මේක පටන් ගන්න එක. (බ)

:       0       0

බණ්ඩාර-කැකිරාව Thursday, 22 December 2016 12:40 PM

ඉතින් ඇමතිතුමෝ දවල් කාලයේ එන ෆ්ලයිට් ටික මත්තලට යොමු කරන්න එතකොට ආදායම නිකන්ම ලැබෙයි (බ)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 22 December 2016 12:44 PM

මේ අලුත්වදියව කරන බව දැනට අවරුදු 2 පමණ ඉඳන් කතා කරනවා මේ අලුත් වැඩියාව කරන්න පටන් අරන් තිබෙන්නේ ලංකාවේ ප්‍රධාන සංචාරක වාරය වන ජනවාරි , පෙබරවාරි , මාර්තු යන මාස වල , ගුවන් මගීන්ට පැය පහකට කලින් එන්න කියන්න ලජ්ජා නැද්ද ? පැය 5 ගුවන් මගින් පෝලිමේ රස්තියාදු කරන්න ඕනෙද ?බණ්ඩාරනායක ගුවන්තුපල වගේ 10 ගුණයකට වඩා විශාල කටාර් ගුවන් තොටුපලෙත් විශාල අලුත් වැඩියාවක් කළා ඒවා කළේ මගීන්ට කිසිම හිරිහැරයක් නොවන ලෙසට (බ)

:       0       0

සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 12:47 PM

කොහොමත් චෙකින් කවුන්ටර තිබෙන ප්‍රදේශයට ඇතුල් වෙන්න දෙන්නේ ගුවන් මගීන්ට පමණි (බ)

:       0       0

මහින්ද Thursday, 22 December 2016 12:55 PM

මේකත් චීනෙට දුන්න වැඩක් වගේ ! (බ)

:       0       0

මංජුල Thursday, 22 December 2016 01:10 PM

ඩ්‍රෝවින් බලන්නේ නම් ඔලුවෙන් හිටගෙන වගේ..ඇමතිතුමා කරන වැඩත් ඒ වගේද දන්නේ නැ..(බ)

:       0       0

ඩී.උපුල් Thursday, 22 December 2016 01:26 PM

ඉතා හොඳ වැඩක් ප්‍රමාද වෙලා හරි කරන එක. නැත්නම් ෆ්ලයිට් එක ටච් කරපු වෙලාවේ ඉඳල නවතිනකම් බර කරත්තෙක යනවා වගෙයි දැනෙන්නේ. (බ)

:       0       0

විශ්ව හීන්තිලක Thursday, 22 December 2016 01:31 PM

ඔබ තුමා පහු ගිය ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් විදියට ඔය තරම් පාඩු ලබනවා කියන මත්තල හදන්න අත ඉස්සුවේ නැද්ද...? අමතක වුනා ඔබ තුමා නිදා ගෙන වෙන්ඩ ඇති හිටියේ. (බ)

:       0       0

අනුර Friday, 23 December 2016 06:12 AM

මත්තලට යවන්නේ කොහොමද අපි ඒක සුදු අලියෙක් කියල නේ කියුවේ (බ)

:       0       0

අනුර Friday, 23 December 2016 06:16 AM

ගුවන් යානා මත්තලට යන්න බැහැ කියල නැහැ තීරණය වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයට දෙන වාර්තා අනුවය එසේ නැතිව පුවත් වාර්තා දෙන ආණ්ඩුවේ දේසපාලකයන් අනුව නොවේ (බ)

:       0       0

අනුර Friday, 23 December 2016 06:22 AM

මෙම නඩත්තු අංශයේ මම අවුරුදු 10 සේවය කළ දිනපතා මින් ගැලවෙන මතු පිට කොටස් මාසයක කාලයක් ගණනය කර බලධාරීන්ට දැන්නුව අකුණු වැදී ගැලවීගිය කොටසද නැවත සැදුවේ ලංකෙම් ආයතනයේ නිෂ්පාදනයක් භාවිතයෙන් අපේ දැනුමින් එහි කාලය ඉක්මවා ගොස් ඇති ද කිසිවෙක් නොදනී මෙහි මතු පිට පින්තාරු තර්මෝ ප්ලාස්ටික් පිපිරී ගියේ 1990 වසර වල නිලධාරීන් මේවා බැලුවේ නැහැ වෙළඳ දැන්වීම් පර්යන්තයේ එල්ල ගෙන ලැබෙන අදායම් බැලුව පමණි (බ)

:       0       0

නුවන් Thursday, 22 December 2016 01:49 PM

ඔය දවල් කාලේ ගුවන් යානා මත්තලට හරවන්ද බැරිද. ඒ වගේම ඇමතිතුමා මත්තල හදන කාලේ හිටියේ කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 312 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 927 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4565 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site