IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


කටුනායක රථවාහන සැලැස්ම වෙනස් වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා එම ප්‍රදේශයේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීමට විශේෂ වාහන ගමනා ගමන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

ලබන හය වැනි දා සිට අප්‍රේල් හය වැනි දා තෙක් එම සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

මෙම නව රථවාහන සැලැස්ම අදාළ වනුයේ සෑම දිනකම සවස තුනේ සිට පසුදින උදෑසන නවය වන තුරු පමණි.

නව රථවාහන සැලැස්ම පහත දැක්වේ.

media-on-2017.01 media-on-2017.01-2 media-on-2017.01-3

Untitled-1-small Untitled-1 Untitled-2



අදහස් (0)

කටුනායක රථවාහන සැලැස්ම වෙනස් වෙයි

ද සිල්වා බෙර්ලින් Tuesday, 03 January 2017 10:17 PM

ලංකාවට විදේශ ආයෝජකයෝ එ්ම කෙසේවෙතත් රටට වැඩක් කළහැකි තරුණ ශ්‍රම බලකාය බලන්නේ කොහොමහරි වෙනත් රටකට පනින්නටය. රටේ තීන්දු තීරණ ගන්නේ විෂය පිළිබඳ දැනුමක් නැති දේශපාලන හෙන්චයියලාය. අනාගතය ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසා උගත් බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යති

:       0       0

සිල්වා බර්ලින් Tuesday, 03 January 2017 07:59 AM

ධාවන පථය අලුත්වැඩියා කරනකොට ගුවන්තොටුපළේ පිටත මාර්ගවල ගමනා ගමනය වෙනස් කරන්නේ මොකද ? පැය 5 කට කලින් එන්න කිවුවහම ගුවන් මගින් වැඩි සංඛ්‍යාවක් ගුවන්තොටුපළේ රැදී සිටීම හේතුවෙන් එහි තදබදය වැඩි වේ (බ)

:       0       0

සිල්වා බර්ලින් Tuesday, 03 January 2017 08:15 AM

කටුනායක ගුවන් තොටුපළට දුම්රියපොළක් තිබුනත් පිට වීමේ සහ පැමිණීමේ පර්යන්ත වල සිට ඍජුවම තම ගමන් මලු සමග දුම්රියට ගොඩ වීමේ පහසුකම් නැත , බස් සේවා තිබුනත් පැමිණීමේ පර්යන්තයේ සිට බස් එකට යාමට මගපෙන්වීමේ පුවරු පවා නැත , එමනිසා හැමෝම පුද්ගලික වාහන හෝ ටැක්සි මගින් ගුවන් තොටුපලට යාමට සහ ඒමට පෙළබි ඇත ගුවන් තොටුපල බලධාරීන් සහ සැලසුම් කරන්නන් වැඩ කරන්නේ ටැක්සි සංගම වලට ඕන ලෙසටය , ඔය මොන දෙය කළත් ගුවන් තොටුපළක ප්‍රධාන දෙය එය භාවිත කරන මගින්ය , මුලින්ම ගුවන් තොටුපල මගීන්ට පහසුකම් සැලසිය යුතුය , මගීන්ට අපහසුවකින් තොරව කොළඹ නගරයට ගමන් කිරීමට විධිමත් පොදු ප්‍රවාහන සේවයක් සැපීමට බැරි නම් ඔය කෝටි ගණනක් ගෙවා කරන නවීකරණ සහ ප්‍රති සංස්කරණ වලින් පලක් නැත (බ)

:       0       0

පෙරේරා ඕමාන් Tuesday, 03 January 2017 09:46 AM

සිල්වා -බර්ලින්, ඔබගේ වටිනා අදහසට මමත් සියයට සියයක්ම එකඟ වෙමි. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 03 January 2017 10:45 AM

සිල්වා මහත්තය, ඔය ඔය කියන්නේ මේ ලෝකේ අනිත් රටවල කරන විදිහනේ? එ්ත් මේ දුපතේ ඔහොම කරන්නේ නැහැ. එයාල තාම ඉන්නේ 1900 ගණන් වල. (බ)

:       0       0

ද සිල්වා Tuesday, 03 January 2017 11:40 AM

ගුවන්තොටුපල සිට කොළඹ කොටුව දක්වා පැය භාගයෙන් භාගයට රේල් බස් එකක්වත් ධාවනය කරවීමට බැරි නම් ඔය ප්‍රවාහන ඇමතිගෙන් සහ ගුවන්තොටුපල බලධාරීන්ගෙන් වැඩක් නැත , වෙන රටවල දුම්රිය පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තය අසලටම එනවා , වාහන තදබදය අඩු කිරීමට මෙන්න නිසි පිළිතුර , නැතුව 25000 දඩ ගැසීම හෝ නොවේ , අපේ රට දියුණු කරන්න නම් දේශපාලකයන්ට දෙන වාහන තීරුබදු නවතා , රජයෙන් දෙන වාහන පහසුකම් සීමාකර පරිවරක් රථ නැවැත්විය යුතුය එතකොට දේශපාලකයන් සහ නිලධාරීන් රටේ සාමාන්‍ය ජනතාව ගමන් කරන ලෙස ගමන් කරනකොට අපිට තිබෙන අඩුපාඩු එයාලට පෙනේවි එතකොට එයාලත් අවශ්‍ය විදිහට දේශපාලන තීන්දු ගනීවි , එතකොට රට නිකම්ම දියුණු වේවි , මම ජිවත්වන ජර්මනියේ අැමතිලාට තීරුබදු සහිත වාහන පහසුකම් නොලැබේ , පරිවාරක රතද නැත ඔවුන් බොහෝවිට ගමන් කරන්නේ පොදු ජනතාව ගමන් කරන ආකාරයටය , නමුත් මෙහෙ පොදු ප්‍රවාහන් සේවය ඉතා දියුණුය .(හේ)

:       0       0

ද සිල්වා Tuesday, 03 January 2017 12:01 PM

පෙරේරා මහත්මය ස්තුති , අප පිට රටවලදී දකින ලංකාවෙත් ක්‍රියාත්මක කළහැකි හොඳ දේවල් කොපමණ ලිපි මගින් ලංකාවේ බලධාරීන්ට දැන්වුවත් ඔවුන් කනකට ගන්නේ නැත , මොන ආණ්ඩුව අවත් ලංකාවේ බලධාරින්ට පොදුවේ වැළදෙන රෝගයක් ඇත \" බලේ ලැබෙනකොට මොලය නැති වීම \" ලංකාවේ රුපියල් කොටි 120 වැයකර කෘතීම නත්තල් ගස් හදන්නට අැමතිලාට කාලය සහ මුදල් ඇත , කාටුනයක් සිට කොළඹට අධිවේග මාර්ගයද තනා ඇත , ගුවන්තොටුපලේ සිට කොළඹට දුම්රිය මාර්ගද තනා ඇත , නමුත් ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයට සිට මගියකුට ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන කරදරයකින් තොරව පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් කොළඹට ළඟාවිය හැකිද ? මෙවැනි දෙයක් වත් සංවිධානය කරගන්න බැරි රටකට විදේශ ආයෝජකයෝ ඒවිද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 346 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 609 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 887 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 504 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1150 2

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1931 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 518 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site