IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කටුනායක ලොකු කරන්න ජපානයෙන් කෝටි 5400ක්

කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් සහ සංවර්ධනය කරලීමේ දෙවැනි අදියර ඇතුළත් ව්‍යාපෘතිය සඳහා අවන ගිවිසුමට ජපානයේ තෝකියෝ අගනුවර දී ජපාන අග්‍රමාත්‍ය ෂින්සෝ අබේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්වරු අත්සන් කළහ.

කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කැර සංවර්ධනය සඳහා ජපාන රජය යෙන් බිලියන 45ක් (රුපියල් කෝටි 5400ක්) වැය කිරීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකාවේ නැගී සිටීම් මෙන්ම කඩා වැටීම් හමුවේ ද, අර්බුදකාරී අවස්ථාවන් හි දී ද, ජපානය සැබෑ මිතුරකු ලෙස සහය දැක්වූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත්ව හා නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ඉවහල් වූ බව ය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ අයෝජන ප්‍රවර්ධනය, ජාතික සංවර්ධනය, සාමය ගොඩ නැංවීම, ජාතික සංහිඳියාව යන ක්ෂේත්‍ර තුන සඳහා ජපානය විශේෂ සහයක් දෙන බව ද ෂෙන්සෝ අබේ මහතා පැවසීය.



අදහස් (0)

කටුනායක ලොකු කරන්න ජපානයෙන් කෝටි 5400ක්

රෝහණ Wednesday, 07 October 2015 07:24 AM

ඉසුරන්දි ඔයාට වැරදිලා ඉන්දියා වේ සමහර ගුවන් තොටවල්,පකිස්තානයේ, බංගලිදේශයේ ගුවන් තොටවල්,ආගමන විගමන නිලදාරීන් සහ අනිකුත් නිලදාරීන් ඒ වගේම පිරිසිදු කම අතින් ලංකාවේ ගුවන් තොටුපොළ ඉහළින් ඉන්න බව මම කියනවා. බටහිර රටවල් ඇරුනම ලංකාවේ ගුවන්තොටු පළ හොඳටම හොඳයි. (බ)

:       0       0

ඩෝසන් Wednesday, 07 October 2015 07:23 AM

රුපියල් කෝටි 5400 න් කීයකට කොමිස් කයිද ? රුපියල් කෝටි 1000ක් වගේ ගානකට පොඩි ගොඩනැගිල්ලක් හදාවි. (බ)

:       0       0

චානක Wednesday, 07 October 2015 07:31 AM

හොඳ ආරංචියක්. රනිල් අගමැතිතුමා අපේ පිනට උපන් කෙනෙක් (නි)

:       0       0

රොහාන් Wednesday, 07 October 2015 07:32 AM

රනිල් මැතිදුනි ඔබ පිරිසිදු නායකයකු බව ලොව පිලි ගෙන හමාරයි. මිස්ට ක්ලින් යනු ඔබයි. (ර)

:       0       0

ප්‍රසාද් Wednesday, 07 October 2015 11:32 AM

කිසි තේරුමක් නැතුව හදපු මත්තල වෙනුවට කටුනායක දියුණු කරලා, ඊට අමතරව අඩු පිරිවැය ගුවන් සේවා සඳහා පමණක් රත්මලාන වැඩි දියුණු කළා නම් මේ සල්ලි වලින් රටට තව මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න තිබ්බා. (ර)

:       0       0

බණ්ඩාර Wednesday, 07 October 2015 07:38 AM

ශ්‍රී ලංකාවේ පිරිසිදු දේශපාලනයේ සංකේතය ඔබයි රනිල් මැතිඳුනි (නි)

:       0       0

සුලෝචන Wednesday, 07 October 2015 07:39 AM

ඉසුරන්දි ඉතින් කොයිවෙලෙත් එහාට මෙහාට යන්නේ කටුනායක ගුවන් තොටුපොළ හරහානේ. ඒකයි එයා එහෙම කියලා තියෙන්නේ (නි)

:       0       0

සමන් Wednesday, 07 October 2015 07:45 AM

නුදුරු අනාගතේ ඔබගේ පිළිම ශ්‍රී ලංකාවේ තනනු ඇති. (ර)

:       0       0

ලාල් Wednesday, 07 October 2015 11:58 AM

ෂා නියමයි.සාර්ථක වේවා..!ඔය සෑම් වගේ මනුස්සයෝ ටික දෙනෙක් තාම ඉන්නවා.දූෂණයෙන් තොරව රට දියුණු වෙනකොට, සමහරවිට සෑම් වගේ අයගෙත් සිත් දියුණුවේවී. (නි)

:       0       0

සෑම් Wednesday, 07 October 2015 08:18 AM

එතකොට මහින්ද මහත්තය එක්ක මුල්ගල් තියල වැඩ පටන් ගත්තනේ .එක යට ගහල වෙන අටමගලයක් අටවන්නද යන්නේ ?මේවා ජනතාව රවට්ටන වැඩ .මහින්දගේ වැඩ රනිල් එයාගේ නමින් කොරන්නයි යන්නේ .කමක් නැහැ .ඉක්මනට හදල ඉවර කොරන එකයි ඇත්තේ .අර කටුනායක අධිවේගේ හදන්න ගත්ත ණයෙන් මේ අය කළේ සැලසුම් හදන එක විතරනේ.අන්න එහෙම වෙන්න දෙන්න එපා .නැතිනම් මහින්දව ආයේ ගෙනෙන්න වෙයි බලයට (බ)

:       0       0

දුමින්ද Wednesday, 07 October 2015 08:45 AM

දකින තුන්-කල්-අගමැති-රනිල්. (ස)

:       0       0

කරුණා Wednesday, 07 October 2015 09:20 AM

නම දාගන්න අලුත් ඒවා හදන්න එපා, තියන ඒවා අලුත් කරන්න. (ර)

:       0       0

නුවන් Wednesday, 07 October 2015 09:28 AM

මේක පසුගිය රජයෙන් පටන්ගත් ව්‍යාපෘතියක් (බ)

:       0       0

සංක Wednesday, 07 October 2015 09:30 AM

සෑම් හරි මෝඩ පාටයි..(බ)

:       0       0

කුමාර Wednesday, 07 October 2015 05:54 AM

සුබ ආරංචියක්! (නි)

:       0       0

අමල් Wednesday, 07 October 2015 09:34 AM

මේක ණය මුදලක්ද.? ආධාරද.? (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 October 2015 01:56 PM

මම අපු ගුවන් යානය මත්තල හරහා යනවා කියල දැන ගත්තු වෙලේ මගේ පුදුම බියක් දැනුන.මොනරෙක් වැදිලා මම මැරුණත්,මගේ සියලුම දේපල දරුවන් අතරේ බෙදල දෙන විදිහ මම එවෙලේ මගේ ගෙදරට දැන්නුව.අඩු මිලට ගුවන් පත ගත්තු මෝඩ කම කියල හිතුන.මත්තල කියන්නේ පට්ටම කාලයක හදපු ගුවන් තොටුපොළක්.මම ගිය ගුවන් යානය හැරුනුකොට නතර කරලා තිබුනේ "රෝටාන ජෙට්" එක ගුවන් යානයක් පමණයි.කිසිම මගියෙක් ගන්නෙත් නැතිව,කිසිම මගියෙක් බහින්නේත් නැතිව මත්තල ගියේ මත්තල යන එන ගුවන් වාර ගණන සලකුණු කරන්න පමණයි.පට්ට කැලයක හදන්න දායක වුනු සියලුම දෙන මේ වගකීම ගන්න ඕනේ.මේවා ජාතික අපරාද.කොමිස් ගහපු අවුන් පැත්තක.අසරණ අපිද දන්ගෙඩියට දක්කන්න යන්නේ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 08 October 2015 03:27 AM

සිල්වියා.මත්තල කියන්නේ කොහෙද කියල මම දුටුවා. නුවනක්කරය පා නොතබන තැන මෝඩයෝ පිනුම් ගහනවලු. මැරෙන්න බිය නැති මෝඩයෝ නම් මත්තලින් යාවි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 08 October 2015 03:28 AM

බෙනට් ඔබ හරියටම හරි. (බ)

:       0       0

සිල්වියා Wednesday, 07 October 2015 02:59 PM

මම නම් කියන්නේ මත්තල පාවිචිකරන්න . ඔය සල්ලි රටේ වෙන සංවර්ධන වැඩකට යොදන්න . මොකද මත්තල දැන් අංගසම්පුර්ණ ගුවන් තොටුපලක් . සල්ලිත් ඉතුරුයි , කාලෙත් ඉතුරුයි (බ)

:       0       0

කවින්ද Wednesday, 07 October 2015 03:00 PM

මේ ණය ගෙවන්න සල්ලි එකතු කරන විදිහ. ගැසට් එකෙන් ජපන් වාහනවල මිල වැඩි කරලා (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 October 2015 06:48 AM

ලොකු දෙයක්. මමත් නිතර යන එන කෙනෙක් හැටියට අනෙක් ගුවන් තොටුපොළවල් එක්ක සසඳද්දී අපේ ගුවන්තොට (පර්යන්තය) දියුණු තත්ත්වයක නැහැ (නි)

:       0       0

සුමනපාල Wednesday, 07 October 2015 06:51 AM

චීනයට වඩා ජපානය ඉතා හොඳ රටක්. ඔවුන් සංස්කෘතික වශයෙන් බොහෝ වෙනස්. චීනුන් බොහෝ විට කුහක යටි අරමුණු ඇති වංක ජාතියක්. (නි)

:       0       0

ඉන්දික Wednesday, 07 October 2015 03:10 PM

ෂා නියමයිනේ.(හේ)

:       0       0

ඉරේෂ් එස් කුමාර Wednesday, 07 October 2015 07:00 AM

අපිටත් ඕනෑ සංවර්ධනය තමා.අපිත් ආසයි අපේ රට පිටරටවල් වගේ තියනවට (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 07 October 2015 03:30 PM

අමල් ණයම තමයි ඉල්ලන්නේ ඇයි පරණ පුරුද්දට නේද ? (බ)

:       0       0

රොහාන් Wednesday, 07 October 2015 07:06 AM

රනිල් මැතිදුනි ඔබ තමඉ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගැලවුම්කරු ඔබට ජයවේවා රටට ජය .!! (ම)!

:       0       0

රන්දික Wednesday, 07 October 2015 07:10 AM

රනිල් යනු ලෝක පුජිත නායකයෙක් ජය හා සතුට මගේ රට‍ට. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 07:15 AM

ජපානය මිත්‍රශීලි රටක්. ජේ. ආර්. ජයවර්ධන නාමයට ගරු කරන ජාතියක්. අගමැතිතුමාගේ දුරදර්ශි වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම අපේ වාසනාවක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 78 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1110 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1821 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 798 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 196 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 531 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site