IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘කටුනායක වැසිකිළි යන්නේ බලාගෙනයි‘

කටුනායක ගුවන්තොටුපළේ වැසිකිළිවල මෙතෙක් වතුර ද ටිෂූ ද තිබූ නමුත් බිඩේ ෂවර් ඉවත් කිරීම නිසා සාම්ප්‍රදායික ක්‍රමයට වැසිකිළි පාවිච්චි කළ ශ්‍රී ලාංකිකයන් අපහසුවට පත්වී සිටින බව කියති.

ව්‍යාපාරික කටයුතු සඳහා නිතරම වාගේ පිටරට යන ලාංකිකයන් කියනුයේ වැසිකිළි ගිය පසු අතපය සෝදා ගැනීමට වතුර මිස ටිෂූ කඩදාසි පාවිච්චි කිරීමේ පුරුද්දක් නැති බවයි.

කටුනායක ගුවන්තොටුපළ පාලකයන් ලංකාවේ මානව හුරුපුරුදු ගැන අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් බව ඔවුහු කියති.



අදහස් (0)

‘කටුනායක වැසිකිළි යන්නේ බලාගෙනයි‘

පෙරේරා Friday, 24 June 2016 08:30 PM

අත පය හෝදගන්නද දන්නෙ නැහැ අපේ අය මෙච්චරකල් බිඩේ ෂවර් පාවිච්චි කරලා තියෙන්නේ? (නි)

:       0       0

හේවා Saturday, 25 June 2016 11:07 AM

මත්ද්‍රව්‍ය සහ රන් නොහොබිනා තැන් වල සඟවාගෙන එන හින්දද කොහෙද? (නි)

:       0       0

නිෂාශ් Sunday, 26 June 2016 08:28 AM

මම සාමාන්‍යයෙන් කටුනායක වැසිකිලියට යන්නේ නෑ. ගිය නොවැම්බර් වල ලන්ඩන් ඉඳලා එද්දී ගියා මුත්‍රා කරන්න. ටොයිලට් එකේ නඩත්තුව අන්තිමයි. ෆ්ලෂ් බට්න් එක හරියට වැඩ කරන්නෙත් නෑ. පිරිසිදුත් නෑ. එතැන ඉන්න උනුත් ගානක් නැතුව ඉන්නවා. මං කස්ටමර් සපෝට් එකට ගිහින් ඇහුවා මේක එයාර්පෝට් එකක් නේද කියල (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 24 June 2016 09:48 PM

කටුනායක වැසිකිළි බිත්තිවල කුරුටු ගී, බිතුසිතුවම් වගේ දේවල් හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා ළඟදීම බලාගන්න පුළුවන් වේවි. විදේශ සංචාරකයන් සඳහා ඒවා ප්‍රදර්ශනය කළොත් සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවන් වේවි (නි)

:       0       0

දිල්කි Saturday, 25 June 2016 12:47 PM

කටාර් වල ගුවන්තොට කොහොමද ලස්සන? ලංකාවේ එක දැක්කහම ආයෙත් කිසිම මිනිහෙක් එන්නෙ නැහැ (නි)

:       0       0

හේවා Saturday, 25 June 2016 01:56 PM

අදහස් දක්වන්නෝ තමන්ගේ පුරසාරම් දොඩවනවා මිස ප්‍රවෘත්තියට ගැළපෙන පිළිතුරක් දෙන්නේ නැතුවා වගේ (නි)

:       0       0

රාජසේකර Saturday, 25 June 2016 02:17 PM

ජලය නැතුව මොනවා කරන්නද? කටුනායක ගුවන් තොටුපළේ කළමනාකරණය කරන්නේ ලාංකිකයෝද? නැත්නම් පිටසක්වල මිනිසුන්ද? (නි)

:       0       0

කිම් Saturday, 25 June 2016 02:25 PM

යුරෝපා රටවලත්, ඕස්ට්‍රේලියාව වැනි රටවලත් බිඩේ ෂවර්වත් නැහැ (නි)

:       0       0

බලගෙදර Saturday, 25 June 2016 04:45 PM

අයියෝ! දැන් ඒ වැඩේටත් වැට බැඳලද? (නි)

:       0       0

නිමල් Saturday, 25 June 2016 01:18 AM

ව්‍යාපාරික කටයුතු සඳහා නිතරම වාගේ පිටරට යන ලාංකිකයන් එහෙ ගිහින් ශරීරකෘත්‍ය කරන්නේ කොහොමද දන්නේ නැහැ (නි)

:       0       0

මාල් Friday, 24 June 2016 10:12 AM

ගුවන් තොටුපළ අයිති ලංකාවට. හෑන්ඩ් ෂවර් නැවත සවි කළයුතුයි. ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ විදියට වියයුතුයි (නි)

:       0       0

රන්ජිත් Friday, 24 June 2016 10:16 AM

ඉතා හොඳ, කාලෝචිත, බුද්ධිමත් තීරණයක් (නි)

:       0       0

නිමන්ත Friday, 24 June 2016 10:22 AM

හරි. දැන් කවුරුහරි ටිෂූ ටික හොරකම් කරගෙන ගියා, නැත්නම් ටිෂූ ටික ඕනෑකමින් ඉවරකළා කියමුකෝ. දැන් එතකොට ශරීර කෘත්‍යය කරන අයට මොකද වෙන්නෙ. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 24 June 2016 10:28 AM

යහපාලනෙන් එ්කටත් වැඩේ දුන්නද? නිදහසේ කරන්න තිබුනේ එච්චරයි. එ්කත් ඉවරයි (නි)

:       0       0

ලීනා Saturday, 25 June 2016 02:19 AM

මොහාන් පටළවාගෙන. ගුවන් යානාවල බිඩේ ගැන කතාකරන්නේ මොකද? අපි කතා කරන්නේ ගුවන් තොටුපලේ වැසිකිළියේ බිඩේ ගැන කියලා අමතක වෙලාද? ගුවන් යානාවේදී පසුපස හෝදාගන්න ක්‍රමයක් නැති නිසානේ තොටුපලේ වැසිකිළියේ එම පහසුකම් තියෙන්නේ. (නි)

:       0       0

ශාලින්ද Sunday, 26 June 2016 03:14 AM

වැසිකිළියක්වත් නඩත්තු කරන්න බැරිද අපේ රටේ අයට? (නි)

:       0       0

විකී Saturday, 25 June 2016 03:26 AM

සරත් හරි. අපේ අය වැසිකිළි යන්න දන්නේ නැහැ. එතන නානවා. තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ. ටීවී රේඩියෝ වලින් මේ වගේ දේවල් ගැන අධ්‍යාපනයක් දිය හැකිය. අනික වැසිකිළි යාමෙන් පසු හරියට සබන් භාවිතා නොකොට අත සේදීම නිසා බොහෝ ලෙඩ රෝග ඇතිවෙනවා. විශේෂයෙන් බඩේ අමාරු. (නි)

:       0       0

රාජා Sunday, 26 June 2016 04:53 AM

ඔය දේ විතරක් නොවෙයි මේ රටේ මොනදේද හරියට තියෙන්නේ. ඔය ගුවන් තොටුපොළේ කැන්ටිමේ බඩු කොච්චර ගණන්ද? බඩගින්නට බත් එකක් කන්න පුලුවන්ද? විස්කෝතු එකක් කන්න පුලුවන්ද? අපි රට රස්සාවලට ගිහින් දහදුක් විඳලා කීයක්හරි හම්බ කරලා දෙනවා. මොනවද අපිට තියෙන සැළකිලි. (නි)

:       0       0

කමල් Saturday, 25 June 2016 03:39 AM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. වැසිකිළි මඩ වලවල් වගේ. සමහරු නානවා. (නි)

:       0       0

ලක්ෂිත Friday, 24 June 2016 10:54 AM

අපරාදේ මම එනවා ලබන සතියේ. (නි)

:       0       0

පෙරේරා Sunday, 26 June 2016 05:23 AM

නුසුදුසු අය වැසිකිළි පාවිච්චි කරන නිසා වෙන්න ඇති නේද? (නි)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 11:00 AM

මම කැමතිම ගුවන් තොටුපල සිංගප්පුරුව. හෝදන්න වතුර හිතේ හැටියට (නි)

:       0       0

සෙනෙවි Sunday, 26 June 2016 05:50 AM

කඩදාසියෙන් පිසදැම්මාට දුර්ගන්ධය යන්නෙ නැහැ කියලා බොහෝ අය දන්නෙ නැහැ වගේ පේන්නෙ (නි)

:       0       0

තුසිත Saturday, 25 June 2016 04:17 AM

පියසිරි, ගුවන් යානයේ වතුර නැහැ කියන්නේ ඔය හදපු එහෙකද? අනේ අපි යන ඒවායේ හොඳට වතුර තියෙනවා. (නි)

:       0       0

මොහාන් Sunday, 26 June 2016 06:13 AM

කටාර් වල හමාඩ් ගුවන් තොටුපොළේ වැසිකිළි වල බිඩේ ෂවර් වලින් කකුල් අතපය සෝදන මගියෝ දැකලා තියෙනවද? එ්ත් කටුනායක බිඩේ ෂවර් තියෙන වැසිකිළියකට ගිහින් බලන්න. මුළු වැසිකිළියම බිම ගන්න දෙයක් නැහැ. මඩ කරලා. කොච්චර පිරිසිදු කළත් එහෙම තමා. මමත් ඇත්තටම වතුර නැති එකට කැමති නැහැ. එ්ත් අපේ රටේ මිනිස්සු මේවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. විදේශිකයෝ මේවට ගියාම ලංකාව ගැන හිතන්නේ සත්තු විතරක් ඉන්න රටක් විදියට. ඒ නිසා තමා මෙවැනි පියවරක් ගන්න සිද්ධවෙන්න ඇත්තේ. (නි)

:       0       0

මොහාන් Saturday, 25 June 2016 04:59 AM

ලීනා, මට සමාවෙන්න, මම දැනගෙන හිටියේ නැහැ ගුවන් තොටුපොළේ බිඩේ ෂවර් තියෙන්නේ ගුවන් යානයේදී ශරීර කෘත්‍ය කරගෙන පහලට ඇවිල්ලා හෝදගන්න කියලා. (ර)

:       0       0

ඉමේශ් Friday, 24 June 2016 12:08 PM

ඇත්ත. සිංහල මිනිස්සු ගැනත් හිතන්න ඕනෑ (නි)

:       0       0

සුනිල් Saturday, 25 June 2016 05:23 AM

මොහාන් මහත්තයා, මම වැඩ කරන්නේ ලෝකේ ධනවත්ම රටේ තිබෙන එයාර් පොර්ට් එකේ , කටාර් හමාඩ් එයාර්පොර්ට් එකේ. එකෙත් බිඩේට් ෂවර් තිබෙනවා . නොදන්න දේවල් කතා කරන්න එපා. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Friday, 24 June 2016 12:14 PM

මේ සුද්දාට හදාපු වැසිකිළි. කඩදාසියෙන් පිහිදාගෙන සුද්දා වගේ ගියාම ඉවරයි. (නි)

:       0       0

පියසිරි Friday, 24 June 2016 12:26 PM

ප්ලේන් එකේ යනකොටත් වැසිකිළි ගිහිල්ලා හෝදන්නෙ වතුරෙන්ද​? (නි)

:       0       0

සරත් Saturday, 25 June 2016 06:00 AM

බොහෝ ගුවන්තොටුපල වල වැසිකිලි සම්ප්‍රදායක ක්‍රමයට තියෙනවා වතුරත් එක්ක. ඔය එක ගුවන් තොටුපලක් දැක්ක අයට තමා ප්‍රශ්නේ. (ර)

:       0       0

රත්නසිරි Friday, 24 June 2016 12:31 PM

මේ කියන අය වෙන රටවලට ගිහිල්ලත් හෝදන්න වතුර ඉල්ලනවද? (නි)

:       0       0

ජයසිරි Friday, 24 June 2016 12:55 PM

අර ඩියුටිෆ්‍රී ෂොප් එක ළඟ තියෙන කඩේ වතුර බෝතල් තියෙනවා. 3ක්වත් අරන් යන්න තමයි වෙන්නේ (නි)

:       0       0

සෙනෙවි Friday, 24 June 2016 01:12 PM

ප්‍රශ්නයක් නැහැ. වැසිකිළි වල ටිෂූත් අයින් කරන්න. කෑම බීම වල බදු වැඩිවෙන තරමට ඉස්සරහට වැසිකිළි යන්න ඕනෑවෙන එකක් නැහැ (නි)

:       0       0

ලාලිත Friday, 24 June 2016 01:42 PM

කඩදාසි පාවිච්චි කරන්න පුරුදුවෙන එක ඉතා සුදුසුයි. ඊටපසු සබන් පාවිච්චි කර අත සෝදාගන්න. ඉන්පසු විෂබීජ නාශකයක් පාවිච්චි කරන්න. ජලයත් ඉතුරුයි. ලෙඩත් නැතිවෙයි. අද කී දෙනෙක් සබන් යොදා අත සෝදනවද? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 25 June 2016 06:51 AM

අම්මෝ මොනවට කතා කරනවද ඒ ගැන. දවසක් නෙමෙයි විනාඩි ගානක් ටොයිලට් එක පිරිසිදු කලේ නැත්තම් ඉවරයි. තව කෙනකුට යන්න බැහැ ඊටපස්සේ. මේක රටේ ප්‍රසිද්ධ හැමතැනකම එහෙමයි. විශේෂයෙන් රෝහල්වල. (ර)

:       0       0

විරාජ් Saturday, 25 June 2016 06:58 AM

මම දැනට රටවල් දොළහක ගිහින් තියනවා කිසිම රටක හැන් ෂවර් නැති ගුවන්තොටුපලවල්වත් හොටල්වත් හමුවූයේ නැහැ. යුරෝපයේ ගොඩක් රටවල් දැන් වැටිලා ලෝකය මුදල් තියෙන්නේ ආසියාවේ. යුරෝපයේ ටෝයිලට් හදන්නෙත් අසියානුවන්ට. (ර)

:       0       0

සරත් Friday, 24 June 2016 02:18 PM

අපේ අය වැසිකිළි පාවිච්චි කරන්න දන්නේත් නැහැනේ (නි)

:       0       0

ධම්ම Friday, 24 June 2016 02:30 PM

මිරිස් තුනපහ කන සිංහල අපිට වැසිකිළි යාමෙන් පසු හොඳට සෝදාගන්න ඕනෑ. (නි)

:       0       0

සිරිලාල් Saturday, 25 June 2016 09:09 AM

ඉතාම කනගටුදායක පුවතක්. ජලය අත්‍යවශය කරුණක්. (ර)

:       0       0

සෙනරත් Friday, 24 June 2016 03:50 PM

මින්පසු ඉතින් අපිත් ලොක්කෝ කියන විදියට එංගලන්තයේ ක්‍රමයට හැරෙමු. (නි)

:       0       0

ටෙනිසන් Friday, 24 June 2016 03:57 PM

මේ පුරුදු අපිට හුරු නැහැනේ (නි)

:       0       0

බෙනට් Saturday, 25 June 2016 09:26 AM

ඇත්ත නම් බිඩේට් ෂවර් නිසා වැසිකිලි ජරා වෙලා තියෙන්නේ. අඩියක් තියන්න බෑ, වාඩිවෙන්න තියා හිතන්න වත් බෑ. මම කියන්නේ වතුර පාවිච්චි කරන්න අවශ්‍ය අයට, කොමඩ් නැති ස්කොටින් පෝච්චි වැසිකිලි අමතරව හයි කරන්න කියලා. (ර)

:       0       0

සුනිල් ගිකියනගේ Friday, 24 June 2016 04:20 PM

අඩුම තරමේ මේ බලධාරීන් සිංගප්පුරුවේ ගුවන් තොටුපළටවත් ගිහින් නැද්ද? (නි)

:       0       0

විරාජ් Friday, 24 June 2016 04:38 PM

කොළෙන් පිහිදැම්මහම අපිත් සුද්දා වගේ වෙයි කියලා හිතනවා ඇති. මීටවඩා කොච්චර දේවල් තියෙනවද ඔතන හදන්න (නි)

:       0       0

කමනි Saturday, 25 June 2016 09:53 AM

බෙනට් කියන එක හරි. අපේ අය සෝදා ගන්නවා නෙවයෙි නානවා. වැසිකිලිය හැමතැනම වතුර හලනවා. ඊට පසේසේ ගඳයි, අපිරිසිදුයි. ඔය කොමඩ් සංකල්පය අපේ රටේ පොදු වැසිකිලිවලට ගැලපෙන්නේ නැහැ. (ර)

:       0       0

නඳුන් Friday, 24 June 2016 04:52 PM

අපොයි දෙවියනේ! (නි)

:       0       0

රහීම් Friday, 24 June 2016 05:19 PM

දැන් මොනවා කරන්නද, ලගේජ් එකත් එක්ක වතුර කෑන් එකක් අරගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් තද කරගෙන ඉන්න වෙනවා යානයට යනතුරු හරි, එළියට යනතුරුම හරි (නි)

:       0       0

මොහාන් Friday, 24 June 2016 05:32 PM

වැසිකිලි ගියපසු අතපය හෝදාගන්න නෙමෙයි බිඩේ ෂවර් තියෙන්නේ. පසුපස හෝදාගන්නනේ. ඔය කියන මහත්තුරු ගුවන් යානය අැතු‍ෙළේත් බිඩේ ෂවර් හොයනවද? මොන ගුවන් යානයේද බිඩේ ෂවර් තියෙන්නේ? මේක වැසිකිලි පිරිසිදුව තබාගන්න කළ ඉතා හොඳ දෙයක්. ලෝකේ කිසිම ගුවන් තොටුපලක බිඩේ ෂවර් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 125 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 185 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 181 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 212 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1189 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 784 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site