IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කටුනායක සේවකයන්ට 16000ක්

කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය.

ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්  වෘත්තීය සමිති සමග ගුවන්තොටේ දී  සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය.

මාසික දීමනාව ලෙස ඔක්තෝබර හා නොවැම්බර මාසවලට රුපියල් 8000 බැගින් රුපියල් 16000ක් වහාම ගෙවීමට පාලකයෝ යෝජනා කළහ. සේවකයෝ එය පිළිගත්හ. සෙසු ඉල්ලීම් සතියක් ඇතුළත සලකා බලා තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය.

සේවකයන්ගේ ඉල්ලීම වූයේ මාසික දීමනාව රුපියල් දස දහසක් විය යුතු බවයි.

තම ඉල්ලීම් දිනා ගත් බව කියමින් සේවකයෝ සිය උද්දාමය පළ කළහ. ඒ අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට සේවකයෝ පිරිසක් බාධා කළහ. ඡායාරූප නොගෙන පිටවී යන්නැයි බල කළහ.

DSCF1390 DSCF1391 DSCF1392 DSCF1393



අදහස් (0)

කටුනායක සේවකයන්ට 16000ක්

ඉසුරන්දි Wednesday, 05 November 2014 01:21 PM

ගල්ෆ් නීතිය පොදුවේ අපේ රටටත් තිබුණා නම් තමයි හොඳ. (නි)

:       0       0

චතුර Wednesday, 05 November 2014 08:41 AM

අපිත් වර්ජනය කරද්දී ඉල්ලීම් දෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

හිරු ලියනගේ Wednesday, 05 November 2014 08:41 AM

මාධ්‍ය නිසා තමයි බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ. මාධ්‍යයට ඔරවලා නම් හරියන්නේ නැහැ. මේවා වාර්තා නොකළොත් ඔය ඉල්ලීම් මොනවත් ලැබෙන්නේ නැහැ.වෘත්තීය සමිති ලොක්කන්ගේ ඇස් ඇරේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 01:24 PM

ඉල්ලීම් දෙන්න නෙමෙයි හැමෝව අත්අඩංගුවට ගන්න අවශ්‍ය තරම් ක්‍රියාවලික් මෙතන වුණේ. ඔවුන් දිනුවා කියන්නේ හැමෝම මේක ආදර්ශයට ගනීවි.ජාත්‍යන්තර ගුවන් තොටුපළක් මේ විදියට අකර්මන්‍ය කරන්න මොවුන්ට ඉඩ දීලා ඔවුන්ගේ ඉල්ලීම් දුන් එකේ ප්‍රතිඵල පොළියත් එක්ක අත් විඳින්න ලැබේවි. (නි)

:       0       0

එරංග Wednesday, 05 November 2014 01:25 PM

මේ දුන්නේ අවුරුදු තිහකට විතර පසුව නේද? ඒ විතරක් නෙමෙයි, ගුවන් තොටුපළ වාර්ෂික වැටුප් වර්ධකය පටන්ගන්නේ කීයෙන්ද කියලා දන්නවද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 05 November 2014 08:41 AM

රට ඉඳලා දහ දුක් විඳින අපි ගැන කවුරුවත් බලන්නේ නැහැ. අපිත් වර්ජනයක් කරමු. අපිත් මාසයක් ඩොලර් ලංකාවට යවන්නේ නැතුව ඉඳිමුද අපේ ඉල්ලීම් දිනාගන්න. (නි)

:       0       0

සරසි Wednesday, 05 November 2014 08:43 AM

වර්ජන, මර්දන, තර්ජන කරන්න හොඳයි. හැබැයි. ඒවා හෙළිකරන්න හොඳ නැහැ. (නි)

:       0       0

දිලාන් Wednesday, 05 November 2014 08:48 AM

මේ රටේ කම්කරු නීතිය සංශෝධනය කළ යුතුයි. හිතෙන හිතෙන හැටියට අත්‍යවශ්‍ය සේවා වර්ජන ඇති වෙන්නේ , පවතින නීතියේ ඇති අඩුපාඩුකම් නිසා. ආයතනයෙන් පුහුණුවකට අපේ කට්ටියක් ඔස්ට්‍රේලියාවට යැව්වා. එහේ වැඩ හොඳ නැති නම් කෙලින්ම ගෙදරලු.(හේ)

:       0       0

ධනුක Wednesday, 05 November 2014 08:49 AM

මේ අයගේ ප දිමනා ලබා දීම ගැන සතුටු විය නොහැකියි.(හේ)

:       0       0

තරංග Wednesday, 05 November 2014 08:49 AM

පඩි වැඩ්ඩිකරන කොට කාටත් සතුටුයි.හැබැයි ගුවන්තොටුපලේ රියදුරෙකුගේ පඩිය 80,000 කටත් වැඩියි. අනිත් අයගේ පඩි විස්තර කතා කරන්න ඕන නැහැ. ඔවුන් රටම අපකීර්තියට පත්කරන්න හදන්නෙ.(හේ)

:       0       0

දිනෙල්ක‍ා Wednesday, 05 November 2014 01:33 PM

දැන් සිදුවූ පාඩුව ගෙවන්නේ කවුද එතකොට? (නි)

:       0       0

යොහාන්‍ Wednesday, 05 November 2014 01:34 PM

අනෙක් අංශ වල සේවකයන්ටත් මෙහෙම ගෙවනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

ධනුක Wednesday, 05 November 2014 08:58 AM

මේ කට්ටියට විතරක් මේ ප්‍රතිලාභ දිලා මදි. රජයේ අනිත් සේවකයින්ටත් ලබා දෙන්න.(හේ)

:       0       0

ශලනි Wednesday, 05 November 2014 09:02 AM

අපේ රටේ කම්කරු නීතියේ හැටියට වඩාත් වාසි වෙන්නේ සේවකයාටයි. මෙන්න මේ කාරණාව නිසා බොහෝ විදේශීය ආයෝජකයන් ලංකාවේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කරන විට දෙපාරක් හිතනවා. වර්ජන නිසා සිදු වන නිෂ්පාදන සහ සේවා අඩාල වීම් , අපතේ යන මිනිස් පැය ආදිය ගැන ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා. පාඩුව අපේ රටටයි. (දිල්)

:       0       0

දසුනි Wednesday, 05 November 2014 09:20 AM

කොටි ගානක් උන පාඩුව තවත් වැඩි කර ගන්න පුළුවන්.මේ රටවල ඔය වගේ ආයතනවල ඉන්නේ අවශ්‍යම සේවකයෝ විතරයි. අපේ ගුවන්තොටුපොළේ නිකරුනේ හිටගෙන ඉන්න අයම සැහෙන ගානක් ඉන්නවා.වැඩි ප්‍රමාණයක් දේශපාලන පත්වීම්.(බ)

:       0       0

කෙනඩි Thursday, 06 November 2014 05:46 PM

මම නම් මේවා ගැන දන්නේ නැහැ. ඒත් මෙයාලගේ පඩි වැඩිකරන්නේ ගුවන් සාමගමෙන් මිසක් ආණ්ඩුවෙන් නෙමෙයි නේද? ඉතින් ඊර්ෂයා කරන්නේ මොකටද ඒකට? (නි)

:       0       0

සුමනදාස Wednesday, 05 November 2014 09:32 AM

මෙයාලගේ ඉල්ලීම් කාටත් නොදී ඉන්න බෑ.(හේ)

:       0       0

ශාන්ත Wednesday, 05 November 2014 09:37 AM

මේ අයට නිල ඇදුමක් නැද්ද ? හරියට ට්‍රිප් එකක් යනවා වගේනේ වැඩට එන්නේ.. ජාත්යන්තර ගුවන් තොටුපලක නේද වැඩ කරන්නේ (බ)

:       0       0

බෝගහවත්තේ අමරසේන Wednesday, 05 November 2014 09:38 AM

මේක නම් හරිම අසාධාරණයි (බ)

:       0       0

ගණිදු Wednesday, 05 November 2014 02:32 PM

ඔයගොල්ලෝ නොදැන කතා කරන්නේ... වැටුප් වැඩී වීමක් වෙන්නේ අවරුදු 4 පස්සේ එතිනින් සාමාන්‍ය වැටුප තමයි මේ යට ලැබෙන්නේ.(හේ)

:       0       0

ගාමිණී Wednesday, 05 November 2014 09:46 AM

සමාජය අපි මේ ක්‍රමයට විරැද්ධ නිසයි. ඔයාලා කොහමද තාත්තාගෙන් පුතාට ඉල්ලන්නේ. එ්කත් ඇමතිකම් වගේ. පෞද්ගලික අංශයේ වැඩ කරන්නෙත් මේ රටේ මිනිස්සු. අපේ සහයෝගය නැතිව ගියොත් කොයි ලොක්කත් ගෙදර තමා යන්න වෙන්නේ. අපි ඉල්ලනේ අපිටත් සාධාරන මුදලක් දෙන්ඩ කියලයි. 9(රුපියල් 5000 ක් වත්)(අ).

:       0       0

මධු Wednesday, 05 November 2014 02:40 PM

ඇයි ගුවන්තොටුපොළ සේවකයෝ මාධ්‍යයට මෙහෙම සැලකුවේ. ලැජ්ජා නැද්ද? කාන්තාවකට හිරිහැර කරන්න. (ර)

:       0       0

යහම්පත් Wednesday, 05 November 2014 09:55 AM

බංකොලොත් දේශපාලකයන්ගේ රට අස්ථාවර කිරීමේ පියවරක් , රටට එන සංචාරකයන්ට සහ ආපසු යන අයට කොපමණ කරදරයක්ද(අ)

:       0       0

චතුරංග Wednesday, 05 November 2014 02:42 PM

ගුවන්තොටුපොළේ මෙච්චර බුද්ධි අංශය ඉන්නවා. ගුවන් හමුදාව ඉන්නවා. සී.අයි.ඩිය ඉන්නවා. පොලිසිය ඉන්නවා මෙච්චර දෙයක් වෙලත් ඇයි මෙහෙම කරන්ඩ ඉඩ දුන්නේ? මාධ්‍ය වේදීන්ටත් හිරිහැර කරලා. චිකේ ලැජ්ජාවේ බැහැ. (ර)

:       0       0

පූර්ණ Wednesday, 05 November 2014 09:59 AM

තමන්ගේ ඉල්ලීම් නෙමෙයි වෙන මොන කෙහෙල්මල දිනාගන්න වුවත් රටේ ආර්ථික මර්මස්ථානයක පාලනය කඩාකප්පල් කරන එක දැවැන්ත වරදක්. රටේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්නේ ආර්ථික මර්මස්ථානයක්. ඒක තේරුම් නොගත් අම්බරු වෘත්තීය සමිති නායකයින් ගත්ත මේ තීරණය ඉතාම අධම, රට ගැන නොහිතන දෙයක්. නමුත් රජය මෙහිදී කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. වහාම මේ ගැන මැදිහත් වෙලා කටයුතු කරමින්, මස් රාත්තලම නොදී නමුත් දෙපැත්තටම පිළිගත හැකි විසඳුමක් ලබා දීම යහපත්. අපිට මතකයි 1980 ජූලි වර්ජකයන්ට ඒ කාලේ තිබ්බ ධර්මිෂ්ඨ රජය සළකපු හැටි. එක පෑන් පාරෙන් අසූදහසක රැකියා නැතිකළ හැටි සහ ඒ හේතුවෙන් වර්ජකයින්ගෙන් ඇතැමෙක් සිය දිවි නසාගත් හැටිත් අපිට මතකයි. නමුත් වර්ථමාන රජය ඒ ආකාරයට කටයුතු නොකර සංවේදීව මේ ගැටළුවෙ දෙස බැලීම සැබැවින්ම ප්‍රශංසනීයයි...(අ)

:       0       0

චමත් Wednesday, 05 November 2014 02:47 PM

ඇයි මේ අයට රජය මෙච්චර බය.? (ර)

:       0       0

සිතාර Wednesday, 05 November 2014 10:04 AM

ඇත්තටම මේ අයට ලැබෙන මුදල වැඩියි.(හේ)

:       0       0

වෙනුර Wednesday, 05 November 2014 10:05 AM

නිවැරදි කෙරීමක්.ගුවන් තොටුපල රියදුරන්ට, පොදු කාර්ය සේවකයන්ට හා පහල ශ්‍රේණි සේවකයන්ට පඩිය රු 80000ට වැඩියි. නමුත් උසස්පෙළ ඉහලම ලකුනු ලබාගෙන, අවුරුදු ගානක් ඉගෙනගෙන උපාධිය ලබාගෙන, තරග විභාගයකට ලියලා , අමාරු සම්මුඛ පරික්ෂණ වලට මුහුණ දීලා ගුවන් තොටුපල වැඩිම වගකීමක් දරන උසස් නිලධාරියෙකුගේ, ඉන්ජිනීයර් කෙනෙකුගේ පඩිය රු .65,000.මේවත් නිවැරදි වෙන්න ඕනේ.(හේ)

:       0       0

රත්නේ Wednesday, 05 November 2014 10:08 AM

මේ ඔක්කොම හොරු. මේ අයට හොරකම් කරන්න දෙන්නේ නැති එක තම මෙතන යට තියෙන ප්‍රශ්නේ.(හේ)

:       0       0

සුමේද Wednesday, 05 November 2014 10:09 AM

සියල්ලම දිනුම්.(හේ)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 05 November 2014 10:14 AM

මේක නම් පාලකයන්ම සංවිධානය කළ මහජනයා නොමග යවන්න කළ වැඩ වර්ජනයක් මොකද මේගොල්ලෝ මේ පෙන්වන්න හදන්නේ හැමෝටම නිදහස තියෙනවා රජය ටක් ගාලා විසදුම් දෙනවා කියන ප්‍රෝඩාවද?(හේ)

:       0       0

ලුම්බිණි Wednesday, 05 November 2014 10:15 AM

මාසේ පඩියක් නැතුව කුලී වැඩක් කරමින් ජීවත් වෙන අය මේවා දැකලා මොනවා හිතනවද දන්නේ නැහැ. (හේ)

:       0       0

සිල්වා Wednesday, 05 November 2014 10:18 AM

ඔතන වැඩි හරියක් ඉන්නේ දේශපාලන හෙන්චයි යෝ . ඔතන ජොබ් එකක් ගන්නනම් ඔය පළාතේ දේශපාලකයන්ට බැහැල වැඩකරන්න ඕන .(අ)

:       0       0

අසංක Wednesday, 05 November 2014 10:22 AM

මේවට තමයි අසාධාරණ ඉල්ලිම් කියන්නේ.(හේ)

:       0       0

හංසක Wednesday, 05 November 2014 10:37 AM

සියළු දෙනාම දිනයි.(හේ)

:       0       0

මංජු Wednesday, 05 November 2014 10:37 AM

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළාට දඬුවම් කෝ?ආණ්ඩුවේ සංගමයක් නිසාද?විශ්ව විද්‍යාලයක වුනානම් මෙලහකට දහයක් පහලවක් ඉස්පිරිතාලේ? පව් රට වැසියෝ.(හේ)

:       0       0

අසේල Wednesday, 05 November 2014 10:38 AM

තව කී දෙනෙක් පඩි නැතුව සේවය කරනවාද?ඒ අය දිහා බලන්නේ නැද්ද?(හේ)

:       0       0

ධනුක Wednesday, 05 November 2014 10:38 AM

මේක අසාධාරණ වැඩක්.(හේ)

:       0       0

සුනිල් Wednesday, 05 November 2014 10:38 AM

මේ සිද්ධිය නිසා හෙට කී දෙනෙක් පාරට බහිද දන්නේ නෑ.(හේ)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 05 November 2014 10:38 AM

ගුවන් තොටුපලේ රැකියා කරන අය වැටුප මෙන් 3 ගුණයක් වෙනත් හොර ක්‍රම වලින් මුදල් උපයනවා , මම දන්නා හිතවතුන් කිහිප දෙනෙකු මෙහි රැකියාවට ගියාට පසු ලොකු පොහොසතුන් බවට පත්ව ඉන්නවා , ලැබෙන වැටුප නැතුව හෝ ඔවුන් මෙහි රැකියාවට කැමති , හොර වංචා මාර්ග බොහෝ තිබෙන බැවින් මුදල් ඉපයීමට , මම කියන්නේ සේවය කරන සියල්ලම නොවේ , එහෙත් බහුතරය.(හේ)

:       0       0

පෙරේරා Wednesday, 05 November 2014 10:38 AM

ඇයි මේ අයගේ ඉල්ලීම් ලබා දුන්නේ.(හේ)

:       0       0

වෙනුර Wednesday, 05 November 2014 10:44 AM

පහල ශ්‍රේණි වල වැඩි දෙනෙක් දේශපාලන පත්වීම්.(හේ)

:       0       0

චරිත් අධිකාරි Wednesday, 05 November 2014 10:51 AM

ඕනෑම රටක ආර්ථික ශක්තිය රදා පවතින්නේ, රටේ කම්කරුවන් අත. සේවයට සරිලන වැටුපක් ලැබීමට සහ ඒ සදහා සටන් කිර්‍රමට පුර්ණ අයිතියක් ඔවුන් සතුයි. නමුත් තමන්ගේ රට ජාත්‍යන්තරයට සම්බන්ධ වන ස්ථානය දඩමීමා කරගැනීම නම් අනුමත කළ නොහැකියි.(හේ)

:       0       0

ධම්ම Wednesday, 05 November 2014 10:57 AM

මෙහි අදහස් පලකල බොහෝ දෙනෙකුට වඩා මේ රජය ප්‍රජාතන්ත්‍රවාදීයි. මේ අයට යම් හෙයකින් බලය ලැබුනොත් මර්වින් සිල්වලාට අන්ත වෙනවා. (අ)

:       0       0

ජයරත්න Wednesday, 05 November 2014 10:59 AM

රජය වර්ජකයන්ට බයවෙලා. වර්ජකයො මාධ්‍යයට බයවෙලා.මම අහල තියෙන විදියට ගුවන්තොටුපලේ වැඩකරන උදවිය ඉහළ ආදායමක් ලබනව.හැබැයි දේශීය ගුවන් සේවය දුවන්නෙ අතේ පාඩුවට.(අ)

:       0       0

ටෙනිසන් Wednesday, 05 November 2014 05:49 PM

කණගාටුයි.ගත් තීරණය වැරදි බවයි මට හිතෙන්නේ. කඩාකප්පල්කාරීන් සියලු දෙනා වහාම සේවයෙන් පහකරන්න.නිතර ගමන් කරන අපි එයාලගේ කාර්යක්ෂමතාවය ගැන හොඳින් දන්නවා. ලැබෙන වැටුපට වැඩක් නොකරන අයට දෙන දීමනා රට වෙනුවෙන් තවමත් කැපවෙන ත්‍රිවිධ හමුදාවන්ට දෙන්න. (නි)

:       0       0

බෙනට් Wednesday, 05 November 2014 11:33 AM

ගුවන් තොටුපොළේ ධිවර කටයුතු වලට සම්බන්ද දේවල් එහෙමත් තියෙනවද ? මම එහෙම ඇහුවේ ධිවර කටයුතු ඇමතිත් සාකච්චා වලට එකතුවෙලා කියලා තියෙන හින්දයි ...අපි නොදන්නා චෙස් කියලත් කතාවක් තියෙනවා නේ .(හේ)

:       0       0

ප්‍රේමලාල් Wednesday, 05 November 2014 11:35 AM

එකාවගේ සටන් කලොත් ඓතිවාසිකම් දිනන්න පුළුවන් කියන එක මේ සටනෙන් ඔප්පු වෙනවා. අනිත් සේවකයන්ට සොච්චමක් ලැබෙන්නේ සටනක් නැති නිසා. මේ සේවකයන් දොට්ට දාන්න කියල කියන්නේ රස්සාවක් නැති අය. ඒගොල්ලොත් රස්සාවක් කරන දාට සටන් නොකර කිසිවක් දින ගන්න බෑ කියලා තේරුම් ගනීවි.(හේ)

:       0       0

ද සිල්වා Thursday, 06 November 2014 06:37 AM

අපේ මාධ්‍ය නිදහසටත් ගරු කරන්න දන්නේ නැති මිනිස්සු (නි)

:       0       0

අනුරාධ Thursday, 06 November 2014 07:12 AM

කෙලින් ඉන්න බැරි පාලකයෝ ඉන්නතාක් මේ රට ගොඩගන්න බෑ. දැන් ඉතින් තියෙන්නේ අනිත් අයටත් වැඩ වර්ජනය කරන්න, වැටුප් වැඩිකරන තුරු. මේවා වැරදි ආදර්ශ.. කවුද කවද්ද වැඩ වර්ජනය කළේ, යෝජනා කළේ රටේ දියුනුවට එක දෙයක් කරන්න.(බ)

:       0       0

මුතු Wednesday, 05 November 2014 12:17 PM

මාධ්‍ය වෙිදියකට සලකපු විදිය රට යන ගුවන් මගින් විදියට අපි දැක්කා හරිම කැතැයි මෙයාලට අහසින් ඹික ලැබුනේ නැහැනේ ගුවන් තොටුපළ මේයාලගේ බූදලයක් කියලා හිතනවා ඇති අයිස් ගහලා ලක්ෂ ගණන් පඩි ගන්න හැටිත් දැක්කා.(හේ)

:       0       0

චමින්ද Wednesday, 05 November 2014 07:44 AM

ඉල්ලීම් ලැබුනද දන් නැහැ....?(දිල්)

:       0       0

ප්‍රනීත් Wednesday, 05 November 2014 12:25 PM

එයාර්පෝර්ට් එකක් කියන්නේ රටක ප්‍රධාන මරමස්ථානයක්. ඔය වගේ තැන්වලට බඳවා ගත යුත්තේ උගත් විනයක් ඇති මිනිසුන්. (හේ)

:       0       0

සුරංග Wednesday, 05 November 2014 12:30 PM

අපි සටන් කරන්නේ නැහැ. නමුත් පුද්ගලික අංශයේ මහන්සියට හරියන වැටුපක් ලැබෙනවා. අපි වැඩ පෙන්නලා තමයි උසස් වෙම් පඩි වැඩි වීම් ඉල්ලන්නේ. ආයතන ලාබ ලබනවා. අපිට ප්‍රසාද දීමනා ලැබෙනවා. ඔය කරන්නේ රස්සාවක් නෙවෙයි . පිනට කෑමක්. රටත් වැඩක් නැහැ . තමන්ටත් වැඩක් නැහැ. කරන වැඩකුත් නැහැ. ඉල්ලීම් වර්ජන තර්ජන විතරයි. (හේ)

:       0       0

තුසිත් Wednesday, 05 November 2014 12:34 PM

මේ රටේ ඔක්කොම ප්‍රේමලාල්ලා වුණා නම් මේක රටක් නෙමෙයි, අම්බලමක්. (නි)

:       0       0

ජනිත් Wednesday, 05 November 2014 07:53 AM

දැන් වෙච්ච පාඩුව මගින්ගේ පිටින් යවන්න හදාවි. ගුවන් මගින් සහ ආයතන වෙච්ච පාඩුවට වන්දි ඉල්ලනකොට අර ගෙවන්න යන ගානත් එක්ක ම වර්ජකයන්ගේ පඩියෙන් කපන්න.(හේ)

:       0       0

රුශාන් Wednesday, 05 November 2014 12:37 PM

ප්‍රේමලාල්, අයිතිවාසිකම් විතරද ? ඔයගොල්ලන්ට ඔතන වැඩ කියලා දෙයක් නැද්ද? (නි)

:       0       0

ජෙනි Wednesday, 05 November 2014 12:42 PM

ඔය ගුවන් තොටුපලේ පසුගිය කාලයේ මිනිස්සුන්ගේ බඩු පාර්සල් නැති වීම ගැන වගකිව යුත්තන්ටත් පඩි වැඩි වුනාද ? (ර)

:       0       0

ගාමිණි Wednesday, 05 November 2014 07:54 AM

ගුවන් තොට සේවකයෝ විතරද කන්නේ . පුද්ගලික අංශයට රුපියල් 500 යි, ගුවන්තොට සේවකයිට රුපියල් 8000 යි .(හේ)

:       0       0

නිලූ Thursday, 06 November 2014 03:29 PM

මේ අය වැඩට ඇවිත් තියෙන්නේ අරක්කු බීලා ගංජා ගහලා වගේ. මේ නම් මැරයෝ ටිකක්. ආරක්ෂක අංශ වල අයට පුලුවන් කඩාකප්පල්කාරි වැඩ කළාට මේ අය අත්අඩංගුවට ගන්න. ජනාධිපති තුමනි මේ ගැන අවධානය යොමුකරන්න (බ)

:       0       0

මධූ Thursday, 06 November 2014 03:29 PM

මේ අර නියෝජ්‍ය ඇමතිගේ ගෝලයෝ නේද? (බ)

:       0       0

නාලි Thursday, 06 November 2014 03:30 PM

එහෙනම් ඇමතිට ඕනෑ මේ අය හරහා ගුවන්තොටුපොළ අල්ලන්න නේද (බ)

:       0       0

තිස්ස Wednesday, 05 November 2014 07:58 AM

බලපැම් කණ්ඩායමක ඉල්ලිම් ගන්න එක හරි ලේසියි. නමුත් සමස්ථය අන්ත අසරණයි.(හේ)

:       0       0

දිලාන් Wednesday, 05 November 2014 12:48 PM

මෙහෙම වර්ජන කරලා පාඩුව ඩබල් ට්‍රිබල් වෙලා, ආයතනය එමිරේට්ස් වගේ තැනකට හුවමාරු වුනොත් ගෙදර ඉස්සරහ තමයි අයිතිවාසිකම් ගැන කෙකර ගාන්න වෙන්නේ. (ර)

:       0       0

විකුම් Thursday, 06 November 2014 07:45 AM

සිදුවූ පාඩුව පියවන්නේ කවුද ? වර්ජකයින්ගෙන් එය අයකර ගැනීමට පියවරක් ගන්න. (නි)

:       0       0

ලංකා Wednesday, 05 November 2014 08:00 AM

අසාධාරණයි මේ ලබා දීම්.(හේ)

:       0       0

මෙවන් Wednesday, 05 November 2014 12:50 PM

මේ ගොල්ලන්ට වැඩි කලාට ප්‍රශ්නයක් නැ. පර්යන්තයෙන් පිටවීමේ සහ ඇතුළුවීමේ ගාස්තුව වන රු.300/= ළඟදීම 600/= වේවි. (ර)

:       0       0

කාංචනා Wednesday, 05 November 2014 08:00 AM

මේක නිකම් අරින්න එපා. දැන් මාධ්‍යයට තියෙන්නේ මේගොල්ලන්ගේ ප්‍රචාරක කටයුතු වර්ජනය කරන්න. එක පින්තුරයක්වත් දාන්න එපා පත්තරේ. වැරදි වැඩේ කලා මදිවට ඒවා එලි කරන අයටත් බුරනවා.(හේ)

:       0       0

අචල Wednesday, 05 November 2014 08:00 AM

මේක හරිම අසාධාරණයි.(හේ)

:       0       0

දමයන්ති Wednesday, 05 November 2014 08:00 AM

මේ අයට විතරක් වැඩි කරලා මදි.(හේ)

:       0       0

සාරංග Thursday, 06 November 2014 07:55 AM

වර්ජකයන්ව සේවයෙන් පහ කරන්න. (ර)

:       0       0

සමන්ජය Wednesday, 05 November 2014 08:07 AM

ගාමිණී, මෙතන ගැටලුව ගුවන්තොට සේවකයෝ වැඩකරන්නේ රජයට අනුබද්ධවයි. පුද්ගලික අංශයේ අය සේවය කරන්නේ හාම්පුතාලට. ඉතින් හාම්පුතාලා තමයි ඔයාලගේ පඩි වැඩි කරන්න ඕනෑ. රජයට කරන්න පුලුවන් දේ සීමිතයි. රජයට ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් පඩි වැඩිකරන්න කියලා (නි)

:       0       0

කෙවින් Wednesday, 05 November 2014 08:07 AM

මේ වගේ සේවකයන් තවත් තියාගෙන ඉන්නේ මොකටද? දැන්ම කොන්ත්‍රාත් ක්‍රමයට හෝ අනියම් සේවකයන් සංචිතයක් බඳවා ගන්න. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 05 November 2014 08:12 AM

මේ විශේෂ වැඩිවීම අනෙකුත් සියළු රජයේ සහ පෞද්ගලික සේවකයින්ටත් ගෙවන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

සුනිල් Wednesday, 05 November 2014 08:12 AM

ජය වේවා! අපේ ඉල්ලීම් දිනේවා! (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 05 November 2014 01:03 PM

බලන්නකෝ මේ පාඩු සහ පඩි වියදම් කොහොමහරි සොයාගන්නේ නැද්ද කියලා (නි)

:       0       0

රොහාන් Wednesday, 05 November 2014 08:29 AM

සහෝදරවරුනි, දැන් ඉතාම පැහැදිලියි. පාරට බැස්සොත් ඔබගේ ඉල්ලීම් දිනාගන්න පුළුවන්. නැත්නම් පොරොන්දු පමණි. (නි)

:       0       0

සෙල්වම් අඩේක්කලනාදන් Wednesday, 05 November 2014 08:36 AM

ජනමාධ්‍යයට බාධාකිරීම අපි තරයේ හෙළා දකිමු. ජනමාධ්‍යවේදීන් නිසයි අපි රටේ තොටේ සිදුවන්නේ කුමක්දැයි කියා දැන හඳුනාගන්නේ. ඒ උදවියට නිදහසේ රාජකාරි කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 6 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 125 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 146 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 148 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 63 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site