IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කෝටිපතියකුත් රිමාන්ඩ්

පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්‍රාත්  තිස්ස විජේරත්න මහතා විසින් හය දෙනෙක් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කෝටිපති ව්‍යාපාරිකයකු, සන්නිවේදන මධ්‍යස්ථාන හිමිකරුවකු, දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයකු ද ඒ අතර සිටින බව වාර්තාවෙයි.  15 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන සිංහල නොවන තරුණයකු  එම දැරිය කෙළෙසීයැයි කියන සිද්ධියකින් ප්‍රකොප වූ  පිරිසක් මේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය කියයි. පැෂන් බග් ආයතනය පිටුපස වෙනත් සමාගමක සේවය කරන බව කියන එම තරුණයා සොයාගිය පිරිසක් පැෂන් බග් ආයතනයට ගල්මුල්ගසා ඇතැයි කියති.



අදහස් (0)

කෝටිපතියකුත් රිමාන්ඩ්

නන්දික Sunday, 31 March 2013 01:11 AM

සමහර ප්‍රදර්ශන බෞද්ධයෝ ජාතිවාදියෝ කරනවා. පාලකයෝ මිනිස්සුන්ගේ හැබෑ ප්‍රශ්න අමතක කරන්න මේවට උඩ ගෙඩි දෙනවා. (නි)

:       0       0

‍සෝම හිමි Sunday, 31 March 2013 01:19 AM

මෙහි වගකීම සම්පුර්ණයෙන් ගිහි පාර්ශවය පුමුඛ පැවිදි පාර්ශවයද බාරගත යුතුය. මන්දයත් පොලිසිය බලා සිටියදී අවිනීත අන්දමට සිවුරු දරාගත් පිරිසක් සිවුරට පවා ගරුනොකර ගල්මුල් වලින් එම ආයතනයට පහර දීම ස්වාමින් වහන්සේලා වන අප තරයේ හෙලා දකින අතර සිවුරට කළාවු අගෞරවයක්ද වන්නේය. (නි)

:       0       0

නස්රුඩීන් Sunday, 31 March 2013 01:43 AM

මේ ලාබාල ගැහැණු ළමයා ඒ තරුණයා සමග සම්බන්ධකමත් ඇතිකරගෙන තිබුණා කියලත් කියනවා නේද? (නි)

:       0       0

කාලිඩ් Monday, 01 April 2013 07:31 PM

එහෙම දූෂනයක් කරලා තියෙනවනම් එයාට මරණීය දන්ඩනය දුන්නත් අපිට සංතෝෂයි. (නදී)

:       0       0

ඩන්කන් නානායක්කාර Sunday, 31 March 2013 02:57 AM

සියල්ල කාටද දැන් බැර කරන්න ඕනෑ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 31 March 2013 03:36 AM

දෙමවිපියොත් තරුණ දරුවන්ට අවවාද කරන්න ලංකාවට තියෙන ප්‍රශ්න හොදටම ඇති.(නදී)

:       0       0

ප්‍රසංග Sunday, 31 March 2013 04:43 AM

කැමරා වල සටහන් වුණු චීවරධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක ‍කරන්නේ කවදාද? (නි)

:       0       0

වරුණ Sunday, 31 March 2013 05:14 AM

මේ දේ මුස්ලිම් තරුණියකට සිංහල තරුණයෙකුගේ අතින් වුණා නම්? (නි)

:       0       0

සෑම් Sunday, 31 March 2013 06:26 AM

බාලඅපරාධ කරපු කෙනාට නම් මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

හිමාලී Sunday, 31 March 2013 07:05 AM

බයවෙලාද?(නදී)

:       0       0

හරින් පිරිස් Tuesday, 02 April 2013 07:54 AM

විකාර කියලා කියන්නේ මෙවාට තමයි (දී)

:       0       0

සදුනි Sunday, 31 March 2013 07:24 AM

මෙයින් අසාධාරණයට ලක්වූ දැරියට සාධාරණය ඉටුවේවිද? (නි)

:       0       0

ප්‍රේමචන්ද්‍ර Monday, 01 April 2013 08:15 PM

කවිරුවුනත් සිවුරු දාගෙන දාමරිකයෝ වගේ හැසිරෙනවා නමි නීතිය අතට අර ගන්නවා නමි අපි ඒකට කැමති නැහැ. මමත් හොද බෞද්ධයෙක්.(නදී)

:       0       0

ඉන්දික Sunday, 31 March 2013 08:24 AM

පළමුව මෙම ආගමික අන්තවාදය විනාශ කළ යුතුයි. (නි)

:       0       0

රූපා Sunday, 31 March 2013 08:41 AM

වෛරය වපුරලා ජාතිවාදි බීජය පැතිරුවාට පස්සේ දැන් වගකිවයුත්තන්ගේ සද්දයක් නැහැ. (නි)

:       0       0

සුපුන් Sunday, 31 March 2013 08:35 AM

අරගොල්ලො නම් කළේ මිනිස්සු අවුස්සලා පැත්තකට වුණ එකයි. (නි)

:       0       0

රීටා Sunday, 31 March 2013 08:37 AM

අර කාන්තාවන් සීයක් සමග ඉදලා පාටි දැම්ම කෙනාට මෙහෙම ගහන්න මිනිස්සුන්ට හිතුණෙ නැත්තෙ ඇයි දන්නෙ නැහැ. (නි)

:       0       0

සුබසිංහ Sunday, 31 March 2013 08:44 AM

සංසාරයෙන් එතෙර වෙන්න කියලා මහණ වෙලා මෙහෙම ගල් ගහන එක හරිද? ලැජ්ජයි. (නි)

:       0       0

මාලක Sunday, 31 March 2013 08:39 AM

මේවාට වගකියන්න ඕනෑ සිවුරු දාගත් පුද්ගලයින් මිසක් හාමුදුරුවරු නෙමෙයි. (නි)

:       0       0

ලසන්ත Sunday, 31 March 2013 08:40 AM

දැන් ඉතින් කියයි මේවාට හාමුදුරුවරුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. (නි)

:       0       0

චූලා Sunday, 31 March 2013 08:41 AM

දැන් කවුරු කිවුවත් මිනිසුන් පාලනය කරගන්න අමාරුයි. (නි)

:       0       0

නිමල Sunday, 31 March 2013 08:42 AM

වගකිම ගන්න ඕනෑ අය වගකීම ගතයුතුයි. (නි)

:       0       0

නන්දන Sunday, 31 March 2013 08:49 AM

සමහරු ඔක්කොම විෂ ටික පතුරවලා දැන් පූසො වගේ පැත්තකට වෙලා ඉන්නවා. (නි)

:       0       0

රාණි Sunday, 31 March 2013 08:50 AM

මිනිසුන්ගේ හිත්වල මෙහෙම වෛරය රෝපණය කරන්න ඉඩ දීලා වගකිවයුත්තන් බලාඉන්න එක වැරදියි. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 31 March 2013 08:45 AM

එතනත් වැරැද්දක් ඇති තමයි. ඒත් කරපු වැඩේ නම් නින්දිතයි. (නි)

:       0       0

මහේෂ්වරන් Sunday, 31 March 2013 08:48 AM

මේකට තමයි කියන්නේ බළලුන් ලවා කොස් ඇට බාවනවා කියලා. මිනිසුන්ට විෂ පෙවූ අය දැන් නිහඩයි. (නි)

:       0       0

සේන Sunday, 31 March 2013 08:55 AM

කවුද මේවට අවශ්‍ය මානසික පරිසරය සකස් කළේ? (නි)

:       0       0

මුරුගන් Sunday, 31 March 2013 08:50 AM

83දීත් මෙහෙමම දෙයක් තමයි වුණේ. (නි)

:       0       0

පාල Sunday, 31 March 2013 08:51 AM

නැති ප්‍රශ්න ඇතිකරන්න එපා (දී)

:       0       0

ජීවන් Sunday, 31 March 2013 08:52 AM

පාලකයෝ 83දි වගේම තවමත් බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ජෝයි Sunday, 31 March 2013 08:53 AM

කවුද එතකොට ජාතිවාදය මිනිස්සුන්ගේ ඔළු වලට දාන්නේ? (නි)

:       0       0

නීලා Sunday, 31 March 2013 08:55 AM

හැමදාම හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියලා ඇග බේරගන්න අපිම කොච්චර කල් ඒ කියන චීවරධාරීන්ට වැදලා ඇද්ද? (නි)

:       0       0

ජනක Sunday, 31 March 2013 09:04 AM

මිනිසුනේ, දැන් ඉතින් අපි එයාලට චීවරධාරියෝ කියලා කියමු නේද? (නි)

:       0       0

සුබෝධ හිමි Sunday, 31 March 2013 09:06 AM

මේ වගේ බාලඅපරාධ වුණ පළමු වතාව නෙමෙයිනේ මේක. (නි)

:       0       0

ලසන්ත Sunday, 31 March 2013 09:08 AM

මේවත් දැන් අන්තර්ජාතික කුමන්ත්‍රණද? (නි)

:       0       0

චතුර Monday, 01 April 2013 11:31 AM

එතකොට දූෂනය කරපු එක හරි, ගහපු එක වැරදියි. ඔන්න සහජීවනයේ තරම... (නි)

:       0       0

සූධීර Sunday, 31 March 2013 09:05 AM

පේනවා නේද අපේ 2600 වසරක හැදියාව? (නි)

:       0       0

ජීවන් Sunday, 31 March 2013 09:14 AM

භාවනා වඩලා, මිනිසුන් යහමගට ගන්න ඉන්න හාමුදුරුවරු සීසීටීවි කැමරා වලට ගල් ගහනවා?? (නි)

:       0       0

නන්දන Sunday, 31 March 2013 09:15 AM

මේකට කියන්නේ මුස්ලිම් අයත් එක්ක තියෙන ඊර්ෂ්‍යාව කියලා. (නි)

:       0       0

රත්නපාල Sunday, 31 March 2013 09:10 AM

කෝටිපතියා නම් බිස්නස් වැඩිකරගන්න මේ ආයතනය විනාශ කරන්න යන්න ඇති කියලාවත් හිතමුකෝ. එතකොට අර එදා වේල හොයාගන්න බැරි මිනිස්සු මොකට ගියාද? (නි)

:       0       0

නිමල Sunday, 31 March 2013 09:15 AM

සමහරු කෙලින්ම සම්බන්ධ නොවුණත් වපුරපු විෂ තමයි මේ. (නි)

:       0       0

අසේල Sunday, 31 March 2013 09:23 AM

ලංකාව ලෝකයා හමුවේ අසරණ කරන්න එපා (දී)

:       0       0

මිහිරංග Sunday, 31 March 2013 09:25 AM

ලංකාව ජාත්‍යන්තරය හමුවේ අසරණ වෙන එක විතරයි මෙවන් වැඩ වලින් වෙන්නේ (දී)

:       0       0

නන්දලාල් Sunday, 31 March 2013 09:29 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

මෙත්සිරි Sunday, 31 March 2013 09:24 AM

ලංකා නාමය කතා කරන්න එපා (දී)

:       0       0

සජීව Sunday, 31 March 2013 09:40 AM

ලංකාවේ ප්‍රශ්න නැහැනේ , ඒ නිසා මේ ප්‍රශ්න හදනවා (දී)

:       0       0

රාජු Sunday, 31 March 2013 09:41 AM

මට මතකයි හාමුදුරු කෙනෙක් පාසල් ශිෂ්‍යාවකට අතවර කළා. ඒවා කමක් නැද්ද? (නි)

:       0       0

මහින්ද Sunday, 31 March 2013 09:47 AM

මෙවන් වැඩ නිසා සිදුවන්නේ ලංකාවේ නැවතත් මහා කෝලාහලයක් ඇති වෙන එක විතර යි (දී)

:       0       0

අජන්ත Sunday, 31 March 2013 10:05 AM

එතකොට සාධුලාට මොකද වුණේ? මම දැක්කා සාධුලා කැමරාවට ගල් ගහනවා. (නි)

:       0       0

උදය - දෝහා කටාර් Sunday, 31 March 2013 10:17 AM

කොහොම වුනත් ලංකාවේ නම කැත කරන එක ගැන ආන්ඩුව වුනත් මීට වඩා සොයා බැලිය යුතුයි. අනික අපේ සිංහල කෙල්ලොත් දැනගන්න ඕනා.(නදී)

:       0       0

අමර Saturday, 30 March 2013 07:50 PM

ඔක්කොම කුණු බොදු බල සේනාවට බැර කරන්න දත නියෝගෙන හිටපු අය තේරුම් ගත්තොත් හොඳයි බොරුව තාවකාලිකයි කියල.(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Saturday, 30 March 2013 07:54 PM

මම මුස්ලිම් තමයි. හැබැයි තාමත් මම රටට හා සිංහල ජනතාවට ආදරය කරනවා. මේ නීතිය ගැනත් විශ්වාසයි. ජයවේවා!(නදී)

:       0       0

ජීවන්ත Saturday, 30 March 2013 07:56 PM

මොකද්ද මේ ප්‍රශ්නය (දී)

:       0       0

ෂපීක් Sunday, 31 March 2013 10:18 AM

නන්දන, රාණි, රූපා වැනි අය අද සමාජියේ සිටිම සතුටක්.(නදී)

:       0       0

ෆසල් Saturday, 30 March 2013 08:01 PM

කව්රු මොනවා කළත් හාමුදුරුවන්ට රෑ 10.00ට තියෙන වැඩ මොනවද? (නි).

:       0       0

රාජා Sunday, 31 March 2013 04:29 PM

හැමෝගෙම අතේ වැරදි තියෙනවා.(නදී)

:       0       0

එරංග Monday, 01 April 2013 12:31 PM

මිත්‍රවරුණි, මම බුදුන් වඳින සිංහල බෞද්ධයෙක්. අපි ජීවත්වෙන මේ රට බහුජාතික රටක්. ඉතින් අපි රණ්ඩු වෙන්න ගියොත් අපේ දරුවන්ට රටක් නැතිවෙයි. බුදුන් කවදාවත් අනෙක් ආගම්වලට ගරහන්න කිව්වේ නැහැ. ප්‍රශ්නයක් තියෙන බව මම පිළිගන්නවා, මේක නවත්වන්න පුළුවන් අපේ දරුවන්ට හැමදෙයක්ම හොඳට කියලා දීමෙන්. ඔබලාගේම හදවතට තට්ටු කරලා බලන්න කීදෙනෙක් බුදු දහමට අනුව ජීවත්වෙනවද කියලා. (නි)

:       0       0

ගාමිණී Saturday, 30 March 2013 08:16 PM

අපි හිතුවේ හලාල් ප්‍රශ්ණයක් කියලා. බැලින්නම් බාලඅපරාධ ප්‍රශ්ණයක්. අධකරණයෙන් නිසි දඩුවම් බලාපොරොත්තු වෙමු.(නදී)

:       0       0

අනුර Saturday, 30 March 2013 08:20 PM

අන්න දැන් තේරෙයි කළේ කව්ද කියලා. හොද ආදායමක් ලබනකොට අනිත් අයට ඉරිසියා හිතෙයි.(නදී)

:       0       0

ෂාන් Sunday, 31 March 2013 10:41 AM

මේක බාල අපරාධයක් නෙමෙයි වැඩිහිටි අපරාධයක්. (නි)

:       0       0

රාජා Sunday, 31 March 2013 04:33 PM

හරිද (අ)

:       0       0

චානුක Sunday, 31 March 2013 10:56 AM

කවුරු කළත් මේක මහා ජරා වැඩක්. කරපු අයව අඩුම තරමේ මාස 6 ක්වක් හිරේ අරින්න ඕනේ.(නදී)

:       0       0

සුනිල් Saturday, 30 March 2013 08:34 PM

සියල්ල බොදු බල සේනාවට බැර නොකර සාධාරණව හිතන්න.(නදී)

:       0       0

ගාමිණි Sunday, 31 March 2013 11:19 AM

අන්තවාදීන් විදිහට වැඩ කරන්න එපා (දී)

:       0       0

අසිත Sunday, 31 March 2013 11:24 AM

නන්දන මහත්තයා, ඔයා මුස්ලිම් අය වෙනුවෙන් කතා කරනවා. දැකලා තියෙනවද මුස්ලිම් අය සිංහලයෝ වෙනුවෙන් කතා කරනවා? මේක තමා අපේ ජාතියේ විනාශය. (නි)

:       0       0

හර්ෂන Sunday, 31 March 2013 11:19 AM

නන්දන, වෙලා තියෙන්නේ මොකක්ද කියලා නොදැන ඔය විදියට කතා කරන්න එපා.(නදී)

:       0       0

රවීන්දු Saturday, 30 March 2013 08:32 PM

මම හිටියත් එතන ඔය ටික තමයි කරන්නේ. බාල අපරාධ කරන්නේ ඇයි?(නදී)

:       0       0

ගමා Saturday, 30 March 2013 08:33 PM

හැම විටම නීතිය හරියටටම ක්‍රියාත්මක කරන්න.මේකත් ජාත්යන්තර කුමන්ත්‍රනයක්.(නදී)

:       0       0

වසන්ත Sunday, 31 March 2013 11:22 AM

මෙතන තමන්ගෙම ජාතියට විරුද්දව අදහස් දානවා, උඩ බලාගෙන කෙල ගහගන්නවා, සිංහලය එදා ඉදලම ජාතිය පාවලදුන්නු කට්ටියක්, ඔහොම යං.(නදී)

:       0       0

පයරෝස් Sunday, 31 March 2013 11:33 AM

බොදු බල සේනාව කියනවා පරික්ෂනයක් අවශ්‍යයි කියලා. 2013 හොදම විහිළුව.(නදී)

:       0       0

සිල්වා Saturday, 30 March 2013 08:40 PM

අනුමත කරන්න බැහැ මහත්තයෝ (දී)

:       0       0

අමිල Saturday, 30 March 2013 08:44 PM

අත්තටම වෙන වැඩ නැද්ද මේ විකාර වැඩ කරන්නේ (දී)

:       0       0

ප්‍රියා Saturday, 30 March 2013 08:58 PM

මොනවාද මේ කරන විකාර වැඩ (දී)

:       0       0

නුවන් Sunday, 31 March 2013 11:51 AM

අකුරුස්සේ ළමා අපචාර 400 කරපු දවස් වල මේ අය කොහෙද හිටියේ. (නදී)

:       0       0

දමිත් Sunday, 31 March 2013 11:52 AM

ඔක්කොම බොදු බල සේනාවට බනිනවා. ඒත් බොදු බල සේනාව ඇති වුනේ උලමාවරුන්ගේ හලාල් ප්‍රශ්නයත එක්කයි. ඔවුන්ට හලාල් ඕනානම් ඒක කරගන්න තිබුනා සාමානය සිංහල සහ මුස්ලිම් අයව අසමගි නොකර. වේලුපිල්ලේ ප්‍රභාකරන් කළෙත් ඔය වගේ දෙයක් තමයි.(නදී)

:       0       0

සේවුවන්දි Saturday, 30 March 2013 08:56 PM

වැරැද්ද වරද්දමයි ( දී)

:       0       0

පිටිගල Saturday, 30 March 2013 09:00 PM

බෞද්ධයින් හෝ චීවරධාරීන් මේ ආකාරයෙන් හැසිරී ඇත්නම් ඔවුන් බෞද්ධාගමට අයත් නොවේ. (නි)

:       0       0

අහමඩ් Saturday, 30 March 2013 09:00 PM

අපේ ආයතනය ලංකාවේ පමණක් නොව ලෝකෙටම ප්‍රසිද්ධ කළ සියල්ලන්ට අපගේ උපහාරය! (නි)

:       0       0

සිසිර Saturday, 30 March 2013 09:14 PM

සියළුම ආගමික අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි. (නි)

:       0       0

දිනේෂ් Sunday, 31 March 2013 12:17 PM

පුදුම මිනිස්සු තමයි (දී)

:       0       0

තරංග Sunday, 31 March 2013 06:06 PM

නීතිය සැමට පොදු කළ යුතුය. සුළු ජාතීන් අහිංසක නැත. මහජාතියේද අන්තවාදීන් ඇත. නමුත් කරුමය නම් සුළු ජාතීන්ට වචනයකින් හෝ අවැඩක් සිදු වන විට සියළු දෙන එක්ව සිංහලයන් දෙසට ඇගිල්ල දිගු කිරීමයි (නි)

:       0       0

මොහිදීන් Sunday, 31 March 2013 12:28 PM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රන.(නදී)

:       0       0

අහිංසා Saturday, 30 March 2013 09:27 PM

ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් ඔය පැත්තේ කරක් ගහල වගේ... (නි)

:       0       0

සෞදි-සිංහ Saturday, 30 March 2013 09:27 PM

නීතිය ඉතා සාධාරණව සහ ඉක්මනින් ක්‍රියාත්මක කිරීමෙන් ජාතීන් අතර වෛරයක් ගොඩනැගීමට ඇති අවස්ථාව වළක්වන අතර සියලු අන්තවාදීන්ට තමන්ගේ කාර්ය කරගැනීමට නොහැකි වේ. සෞදි අරාබියේ වෙසෙන මුස්ලිම්, සිංහල, දෙමළ කවුරුත් විදේශිකයෝ, අපි හැමෝවම එලවන්නේ ලංකාවට තමයි. එහෙයින් සැවොම සාමයෙන් ජීවත් වීමට සිතන්නේ නම් මැනවි (නි)

:       0       0

රොෂාන් Sunday, 31 March 2013 12:47 PM

ඔය ගල් ගහපු කට්ටිය හැබෑ සිංහල දේශප්‍රේමී බෞද්ධයින් නම් මුලින්ම ගල් ගහන්න ඕනෑ වෙන තැනකට. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 02 April 2013 02:26 PM

ර‍ටේ නීතිය රැකිය යුත්තේ චීවරධාරීන් හෝ සාමාන්‍ය ජනයාද? නැත්නම් රජයද? (නි)

:       0       0

අමිල Saturday, 30 March 2013 09:31 PM

එතකොට අර යකා නටපු හාමුදුරුවරු? (නි)

:       0       0

හේමසර හිමි Saturday, 30 March 2013 09:32 PM

බොදු බල‍ සේනාවෙ ඉන්නෙ වැදගත් මිනිස්සු. (නි)

:       0       0

තිසල් Sunday, 31 March 2013 01:01 PM

අන්තවාදී වැඩ නොකර ඉන්න (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 30 March 2013 09:36 PM

ඇත්තෙන්ම කියනවනම් අපේ රටේ බහුතර ජනාතව විරැකියාවෙන් පෙළෙනවා. ඔහුන්ට ජීවන මගක් නැහැ. කොහොමහරි හවසට කීයක් හරි හොයාගෙන මත්පැන් බොනවා. ඊටපස්සෙ ඕනෑම ජරා වැඩක් කරන්න උත්සහ කරනවා. මෙන්න මේකයි වර්තමාන ලංකාවේ හැටි. (නි)

:       0       0

ජෝන් Sunday, 31 March 2013 01:06 PM

මේ අපේ හාමුදුරුවරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද? දේශපාලකයන් අපරාධ කරමින්, පොඩි ළමයින් දුෂණය කරමින් මේ කරගෙන යන වැඩ පිළිවෙලට නැද්ද කිසිම විරෝධ හඬක් නගන්නේ? ඒ අපරාධ කාරයන්ට කොහේ ගියත් ඉහලම සත්කාර ලබා දෙන්න, උදවු කරන්නත් තවත් දේශපාලකයන් ඉන්නවා. ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියල සමහරු කිව්වට මේ මොකද්ද සිද්ද වෙන්නේ? මේ අපරාද රැල්ල නවත්තන්න කවුරුවත් නැද්ද?(නදී)

:       0       0

ජෝන් Sunday, 31 March 2013 01:10 PM

කෝ අපේ බෞධයෝ ටික ? වෙනදට නම් මෙලහකට කොමෙන්ට් 100 විතර දාල. අද නිහඬ මොකෝ? (නදී)

:       0       0

ජෝන් Sunday, 31 March 2013 01:18 PM

මෙ ඛේදවාචකය ගෑන තමයි අපි පන යනකම් කියන්නෙ . දැන් ඇස් ඉදිරිපිටම ඔප්පු උනානෙ. අපි මේවා කිව්වම අපිට අන්යාගමිකයන්, බුදුදහම විකෘති කරන්නන් කියල චෝදනා කරනව. ඕක තමයි තිත්ත ඇත්ත. මොනවා නෑතත් මේක හොරුන්ගෙ රෙදි ගෑලවෙන කාලයක්.(නදී)

:       0       0

ලංකා Saturday, 30 March 2013 10:18 PM

කොහෙද යන්නේ මල්ලේ පොල්.(නදී)

:       0       0

සිසිර Saturday, 30 March 2013 10:21 PM

හේන මුවෝ කෑවම ගෙදර ඇවිත් මුව හමට තලන එක අපේ පුරුද්දනේ (නි)

:       0       0

මොහොමඩ් Sunday, 31 March 2013 01:33 PM

සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජාතීන් එක්ව සිටීමට අදිටන් කරගත යුතුයි. (නි)

:       0       0

ලාල් Saturday, 30 March 2013 10:28 PM

හලාල් ආරබි  අකුරු  වෙනුවට දැන්  කොළ පාට බිංදුවක් සෑම භාණ්ඩයකම සදහන් කර තිබෙනවා (නි)

:       0       0

ෆයිසූර් Saturday, 30 March 2013 10:29 PM

කාට වුණත් නීතිය අතට ගන්න දෙන්න බැහැ (නි)

:       0       0

රිස්මි Saturday, 30 March 2013 10:34 PM

ඕකතමයි කියන්නේ මිනිස්සුන්ව පරෙස්සමින් ආස්සරේ කරන්න කියලා (නි)

:       0       0

එස්.සිල්වා Saturday, 30 March 2013 10:37 PM

බැරිවෙලාවත් සිංහල තරුණයකු අතින් මුස්ලිම් තරුණියක් දූෂණය වූවා නම් මෙයටත් වඩා දරුණු විදියට මුස්ලිම්වරු එළියට බහිනවා. (නි)

:       0       0

shiny Sunday, 31 March 2013 01:43 PM

බැරිවෙලාවත් සිංහල තරුණයකු අතින් මුස්ලිම් තරුණියක් දූෂණය වූවා නම් මෙයටත් වඩා දරුණු විදියට මුස්ලිම්වරු එළියට බහිනවා. (නි)

:       0       0

රංගශානි Saturday, 30 March 2013 10:34 PM

එක අතකින් බලපුවහම ෂෙහාර් ඩේවුඩ් වගේ අය අනෙක් අයටත් ආදර්ශයක්. (නි)

:       0       0

සෙනවි Saturday, 30 March 2013 10:43 PM

මෙවන් අයට සමාජය විසින් හෝ දඩුවම් දියයුතුය. (නි)

:       0       0

ලංකා Saturday, 30 March 2013 11:15 PM

රවීන්ද්‍ර​, ඔයා වගේ මිනිස්සු වගයක් තමයි ඕක කරලා ඇත්තේ. (නි)

:       0       0

ඩොන් Saturday, 30 March 2013 11:21 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

හේමන්ත Sunday, 31 March 2013 01:58 PM

නැති ප්‍රශ්නනේ (දී)

:       0       0

නලීන් Saturday, 30 March 2013 11:41 PM

අනේ රවී, බාල අපරාධ සිංහල අය කරලම නැද්ද? (නි)

:       0       0

රිනාස් Saturday, 30 March 2013 11:42 PM

රවීන්ද්‍ර , වෙන සමාගමක කෙනෙකු හොයන්න ගිහින් වැරදිලාද මේකට ගහලා තියෙන්නේ? ගහපු අය ටික දෑන් හැංගිලාද? ඔය වගේ කට්ටිය එළිපිට නටද්දිත් අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි? (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Sunday, 31 March 2013 01:55 PM

මුස්ලිම් අය සිංහලුන්ව ප්‍රකෝපකාරී නොකළ යුතුයි. (නි)

:       0       0

සුනිල් Saturday, 30 March 2013 11:57 PM

මහත්තයෝ මොනවාද මේ වැඩ, තමන්ගේ වැඩක් බලාගෙන හිටියානම් ඉවරයිනේ (දී)

:       0       0

දමිත් Sunday, 31 March 2013 02:09 PM

ගෙදර වැඩ නැතිවා වගේ ගිහින් කර ගත්තා වැඩේ (දී)

:       0       0

මොහොමඩ් Sunday, 31 March 2013 12:02 AM

මිනිසුන් හැසිරෙන්නේ හරියට මේක ලාංකික ඉතිහාසයේ සිදුවුණූ පළමු ස්ත්‍රී දූෂණය වගෙයි. (නි)

:       0       0

ගිරිගොරිස් Tuesday, 02 April 2013 03:38 AM

නීතියක් කියල දෙයක් තවම ලංකාවේ තියෙනවා, මතක තියා ගන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 276 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 224 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 498 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 916 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site