IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කැටපත් පවුර කුරුටු ගා කොටුවේ

සිගිරි කැටපත්පවුරේ කුරුටු ගී මත තම නම ලිවීමට උත්සහා කළ බව කියන පාසල් සිසුවියක් අත්අඩංගුවට ගත් පුරාවිද්‍යා නිලධරයෝ ඇය පොලිසියට භාර දුන්හ.

මඩකලපුව පාසලක උසස්පෙළ හදාරණ සිසුහු අධ්‍යාපන චාරිකාවක් පැමිණ ඇත . සිසුවියක හැට්ට කට්ටකින් කැටපත් පවුරේ අකුරක් ඇද ඇත .

අත්අඩංගුවට පත් පාසල් සිසුවිය අද (7) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇය අත්අඩංගුවට පත්වීම නිසා පැමිණි සෙසු පාසල් සිසුන් කණ්ඩායම 6 දින රාත්‍රී සිගිරියේම නවාතැන් ගත්හ.

sigiri



අදහස් (0)

කැටපත් පවුර කුරුටු ගා කොටුවේ

කාන්ති Friday, 07 November 2014 06:42 AM

ඇත්තටම මේ ළමයින් ගේ ගුරුවරුවත් දැනුවත් ද මේ ස්ථානයේ වටිනාකම පිළිබඳව. අධ්‍යාපන චාරිකාවක් ළමයින් විතරක් යන්නේ නැහැනේ. (දිල්)

:       0       0

ධනුෂ්ක Friday, 07 November 2014 06:44 AM

ඇයි ඇයට මේ වගේ දෙයක් හිතුනේ.(හේ)

:       0       0

කුමාර Friday, 07 November 2014 06:45 AM

මේ පිළිබදව සොයා බලන්න.(හේ)

:       0       0

හේමන්ත Friday, 07 November 2014 06:46 AM

කැටපත් පවුර අල්ලන්න එපා කියල භාෂා තුනෙන්ම ගහල තියනවා .(හේ)

:       0       0

රුවනි Friday, 07 November 2014 06:48 AM

චාරිකාවේදී ගුරුවරුන් ළමයින් ගැන නිසි අවධානය යොමු කර නැති බවයි පේන්නේ. මට මතකයි අපේ ගුරුවරු මෙහෙම චාරිකාවක් යන්න කලින් එම ස්ථානය පිලිබඳ විස්තරයක් පන්තියේදී කරලා ,චාරිකාව අතර තුර ළමයින්ගේ හැසිරීම ගැන විශේෂ උපදෙස් දෙනවා. මට තාම මතකයි අපේ සමාජ අද්‍යයන ගුරුතුමිය සීගිරියට යන ගමන් කිව්වෙම කැටපත් පවුරට,බිතු සිතුවම් වලට හානි කිරීම බරපතල වරදක් කියලා. එහෙම දැනුවත් වීමක් මෙතන වුනාද මන්දා !(හේ)

:       0       0

නිහාල් විතානගේ Friday, 07 November 2014 06:50 AM

මීට පෙරත් මෙවැනි සිද්ධි වෙලා තියෙනවා ,මේක නම් හරිම විනාසයක් ,මෙහි සි.සි.ටි.වී කැමරා සවි කල යුතුයි.එහෙම තිබුනොත් ආරක්ෂාවට හොදයි.(හේ)

:       0       0

සෝමපාල Friday, 07 November 2014 07:16 AM

ඇයි මේ කෙල්ලටම කුරුටු ගාන්න හිතුනේ.(හේ)

:       0       0

ජිනදාස Friday, 07 November 2014 07:16 AM

ඒ පැත්තේ ළමයි ඔය වගේමයි.ගලක්,ගහක් පේන්න බෑ.(හේ)

:       0       0

අනිල් Friday, 07 November 2014 07:17 AM

මේක වැරදියි.දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ලහිරු Friday, 07 November 2014 07:29 AM

ෆොටෝ එකක් වත් ගන්න බැරි තරමට ලස්සන ස්ථාන මේ අයගේ නම් වලින් විනාශ කරලා තියෙන්නේ. (හේ)

:       0       0

බානුක Friday, 07 November 2014 07:37 AM

උසස් පෙළ දැරියක් මේ සම්බන්දයෙන් කිසිවක් නොදැන ඉන්න බෑ.(හේ)

:       0       0

සරා Friday, 07 November 2014 07:39 AM

පාසල් යන ළමය වුණත් වැරැද්දට අත්අඩංගුවටගැනීම ඉතාමත් හොදයි.මීට අවුරුදු 12කට විතර කලින් සිගිරියේදී මම කුරුටු ගාන කෙනෙකුට අවවාදයක් දීල මගේ ඇගට ගොඩවුනා.හරියට මම වැරැද්ද කලාවගේ. මේගැන මටගොඩක් සතුටුයි.ආරක්ෂා කලොත් අනාගතයටත් රැකේවි (දිල්)

:       0       0

බන්ධු Friday, 07 November 2014 07:41 AM

මටත් මතකයි මීට කලිනුත් මෙහෙම සිද්දියක් වුණා (දිල්)

:       0       0

කුමුදු Friday, 07 November 2014 07:47 AM

ලංකික ඉතිහාසය සිංහල සංස්කෘතිය ගැන නොදන්නා කෙනෙක් විය යුතුයි.(හේ)

:       0       0

සුමේද Friday, 07 November 2014 07:48 AM

මේ දේවල් රැක ගත යුතුයි.(හේ)

:       0       0

ජෙහාන් Friday, 07 November 2014 07:48 AM

මේ දේවල් ගැන වැඩියෙන් සැලකිල්ල දක්වා ආරක්ෂා කරගත්තේ නැති නම් අපිට පෞරාණික උරුමයන් කියලා ඉතිරි වෙන්නේ ගෙවල් වල ඉන්න නැන්දම්මලා විතරයි. (හේ)

:       0       0

ගමගේ Saturday, 08 November 2014 03:12 AM

මේක හිතාමතාම කළ වැඩක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

නිහාල් Friday, 07 November 2014 09:58 AM

මේ සිංහල පාසලක ළමයි නොවයි .මීට පෙරත් උතුරේ පාසලක ළමයෙක් මේ දේම කලා.(හේ)

:       0       0

ප්‍රසාදිනී Saturday, 08 November 2014 03:33 AM

ඉගෙනගන්න ළමයි කරන වැඩක්ද ඇත්තටම මේක? (නි)

:       0       0

නලීන් Sunday, 09 November 2014 02:59 AM

මෙය එක්තරා ආකාරයක මානසික ආබාධයකි. (නි)

:       0       0

අශාන් Saturday, 08 November 2014 03:56 AM

මෙහෙම අයට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ මතක හිටින්නම (නි)

:       0       0

කුසලාවති Friday, 07 November 2014 10:25 AM

මේ දෙමෙල්ලු කීප සැරයක්ම සිගිරිය වනසන්න කටයුතු කරලා තියෙනවා (බ)

:       0       0

චමිලා Friday, 07 November 2014 11:09 AM

උපරිම දඩුවම් දෙන්න ඕන . අනිත් අයටත් පාඩමක් වෙන්න .(බ)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 07 November 2014 11:16 AM

නිහාල් හරි දෙමල දරුවන්ට උතුරු නැගෙනහිර පාසල් වල උගන්වන්නේ සිංහල ජාතිය පටන් ගත්තේ දමිලයන්ගෙන් කියල. මේ රට අයිති දමිළයන්ට කියල... වෙන දෙයක් ඕනේ නෑ සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප රජතුමාගේ නම ඔවුන්ට උගන්වන්නේ කශ්‍යප්ප (කාශ අප්පා )කියල. අප්පා යන වචනය මතුකර පෙන්වීමට දමිල පාසල් වල ගුරුවරුන් උත්සහ ගන්නවා. (බ)

:       0       0

යොහාන්‍ Friday, 07 November 2014 11:29 AM

ඇයි මේ ළමයින්ට මෙවන් ඵෙතිහාසික දේවල් වල වටිනාකමක් දැනෙන්නේ නැත්තේ? (නි)

:       0       0

අකිල Saturday, 08 November 2014 06:29 AM

ගුරුවරුන් මේ සම්බන්ධයෙන් වගකිය යුතුයි.(හේ)

:       0       0

කසුන් Saturday, 08 November 2014 06:36 AM

මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.(හේ)

:       0       0

ගීතා Friday, 07 November 2014 10:18 PM

මේකට දඩුවමක් නොදුන්නොත් හෙට දවස අනතුරේ. (නි)

:       0       0

ඉසුරන්දි Friday, 07 November 2014 11:25 PM

අතීතයේ පිරිසක් මේ මත කුරුටු ගී ලියපු නිසා තමයි, අද කැටපත් පවුරට වටිනාකමක් තියෙන්නේ. මේ සිසුවිය අද තමන්ගේ නම ලියපු එක වටින්නේ අද නෙමෙයි. තවත් වසර දහස් ගණනකින්. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 08:15 AM

මමත් අනුමත කරන්නේ නැහැ ඔය වැඩේ.නමුත් දුර බැහැර සිට එන උදවියට මේ ගැන අවබෝධයක් නැති කමයි මගේ නම් හැගීම.දැන්වීම් පුවරුවල මෙහෙම කරන්න එපා අරම කරන්න එපා කියා ලිව්වට ඕවා කීයෙන් කීදෙනාද කියවලා බලන්නේ.එක්කෝ ගුරුවරු දැනුවත් වෙන්න ඕනේ.නැත්තම් එම ස්ථානවල ඉන්න නිලධාරීන් නරඹන්නන්ව දැනුවත් කළ යුතුයි.එහෙම වෙද්දීත් ඔය වැඩ වෙනවනම් මෙහෙම සාධාරණ නීතියක් ගෙන ආවාට කමක් නැහැ කියලයි මගෙනම් හැගීම. (හේ)

:       0       0

දීපාල් Friday, 07 November 2014 06:16 AM

නම සුරකින් හැදුවද දන්නේ නෑනේ.මේ වාගේ අපරාධ සිදු වෙන්නට ඉඩ නොදිය යුතුයි (දිල්)

:       0       0

සත්‍යපාල Friday, 07 November 2014 06:28 AM

නොදන්නා කමට කරන්න ඇත්තේ, සිගිරිය නැරඹිමට පැමිණෙන සංචාරකයන් දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් යෙදිය යුතුයි.එවිට මෙවැනි වැරදි සිදුවීම වැලැක්විය හැකියි.(දිල්)

:       0       0

උදාර Friday, 07 November 2014 06:33 AM

පිස්සු කෙල්ලෙක්නේ.(හේ)

:       0       0

රුක්ෂාන් Saturday, 08 November 2014 12:38 AM

ඉසුරන්දි , එහෙම කළාට කමක් නැහැ ශිෂ්‍යාවගේ පියාගේ රාජධානි පර්වත බලකොටුවේ නම්! (නි)

:       0       0

අනිල් Friday, 07 November 2014 06:37 AM

මේ වැඩේ කෙල්ලෙක් කරපු වැඩෙයි අවුල.හේතුව සොය බලන්න.(හේ)

:       0       0

ශලිනි Friday, 07 November 2014 06:37 AM

උසස් පෙළ කියන්නේ අයිතිහාසික ස්ථානයක වටිනාකම් නොතේරෙන වයසක් නෙවෙයි නේද ? මේ ළමයින් එක්ක ගුරුවරු ගිහිල්ලා නැද්ද ? ඔවුනට වගකීමක් තිබෙනවා පාසල් දරුවන් චාරිකා එක්ක යනවිට හැසිරීම් පිළිබන්දව. (හේ)

:       0       0

සම්පත් Friday, 07 November 2014 06:39 AM

කළුගලක් පෙන්න බෑ. ඔයපැත්තේ අයගේ නම් තමා ගහල තියෙන්නේ. රටට ආදරය නැති අය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 227 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 105 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 156 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 173 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 159 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site