IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොටාපාර මහින්දගේ පාද යාත්‍රාව සමග පාරට නොබසී

රජයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සශෝධන ක‍්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන පාද යාත‍්‍රාවට සහාය දීම සම්බන්‍ධයෙන් ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය උණුසම් මත දෙකක සිටිය ද, අවසානයේ පාද යාත‍්‍රාවට සම්බන්‍ධ නොවීමට තීරණය කළ බව එම පක්‍ෂයේ දේශපාලන ආරංචි මාර්ග කියයි. පක්‍ෂයේ ස්ථාවරය සම්බන්‍ධයෙන් ඉදිරි දින දෙක ඇතුළත පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

පසුගිය සිකුරාදා (22) බොරැල්ල කොටා පාරේ  පක්‍ෂ මුලස්ථානයේ  දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මේ අදහසු උදහස් ඉදිරිපත් විය. විපක්‍ෂයේ “ව්‍යවස්ථා මර උගුල“ ලෙස නම්කර ඇති පාද යාත‍්‍රාව සම්බන්‍ධයෙන් වු කරුණ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කළ පක්‍ෂයේ මහ ලේකම් ඩීව් ගුණසේකර මහතා මධ්‍යස්ථව කරුණු ඉදිරිපත් කළ බව ද එම දේශපාලන තොරතුරු පෙන්වා දෙයි. පාද යාත්‍රාවට එකතුවීමේ වාසි මෙන්ම අවාසි ද, ඔහු පෙන්වා දී තිබේ.

එහෙත් කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ, නියෝජය ප‍්‍රධාන ලේකම් එස්. සුදසිංහ සහ දේශපාලන මණ්ඩල සභික එල්.ආර්. ෂෙල්ටන් මහත්වරුන්ගේ අදහස වී තිබුණේ මෙම පාද යාත‍්‍රාවට සම්බන්‍ධ විය යුතුය යන ස්ථාවරය බව එම දේශපාලන ආරංචි සනාථ කරයි.

එහෙත් දේශපාලන මණ්ඩල සාමාජික චන්‍ද්‍රසිරි ගජධීර මහතා තදින් පවසා ඇත්තේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයැයි ස්ථාවරයේ සිටින කොමියුනිස්ට් පක්‍ෂය, තවමත් නොදුටු ව්‍යවස්ථා කෙටුම්පතක් සම්බන්‍ධයෙන් මෙසේ විරුද්ධවීම කොමියුනිස්ට් පක්‍ෂය හැටියට නොකළ යුතු බවයි. විමල් වීරවිංශ, උදය ගම්මන්පිල වැනි ජාතිවාදී අදහස් ඇති පිරිස්වලට උඩගෙඩි දීමට කොමියුනිස්ට් පක්‍ෂය අලගු නොතැබිය යතු යැයි ගජධීර මහතාගේ ස්ථාවරය වු බව ද එම ආරංචි කියයි.

සශෝධිත ව්‍යවස්ථාව නොදැක ඊට “ව්‍යවස්ථා මර උගුල“ යැයි කියන්නේ කෙසේ දැයි ඔහු තර්ක කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතිවාදී මතය ඉස්මතු කරන්නට කොමියුනිස්ට් පක්‍ෂය අනුබල නොදිය යුතු යැයි ගජධීර මහතා ගෙනා අදහස වෛද්‍ය වීරසිංහ, වැ.අ.ජයන්ත, අ.ගා. ජයසේන  යන දේශපාලන මණ්ඩල සභිකයන් ද අනුමත කර තිබෙන බව ද එම ආරංචි කියයි.

පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සහාය දී පසුව එය ජනමත විචාරයෙන් පරාද කිරීමට කටයුතු කළ යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂයේ ගාමිණී ලොකුගේ මහතා පවසා ඇති අදහසක් ගැන ගජධීර මහතා දැඩි විවේචනයක් එල්ල කළ බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සාමාජිකයන් දහ අටදෙනෙකුගෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය මුලින් සමන්විත විය. මේ වනවිට ඉන් හතර දෙනෙකු නෙරපා දමා ඇති නිසා දැන් එහි සාමාජික සංඛ්‍යාව දාහතරකි.

කෙසේ වෙතත් අවසානයේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ “ව්‍යවස්ථා මර උගුල පරාජය කරමු“ තේමාව කරගත් පාද යාත‍්‍රාවට සහාය නොදීමට කොම්යුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ද එම පක්‍ෂයේ දේශපාලන ආරංචි පෙන්වා දෙයි.



අදහස් (0)

කොටාපාර මහින්දගේ පාද යාත්‍රාව සමග පාරට නොබසී

හේවාවසම් Sunday, 24 July 2016 08:30 AM

සතුටුයි මේ ගැන.(හේ)

:       0       0

ජයරත්න Sunday, 24 July 2016 08:36 AM

ඒක කොහොමත් හොඳ තීරණයක්.(හේ)

:       0       0

පියල් Sunday, 24 July 2016 08:57 AM

පාද යාත්‍රාවට 14 දෙනෙක් අඩු වේවි (හේ)

:       0       0

චාමින්ද Sunday, 24 July 2016 09:20 AM

කොහොමටත් ඩිව් ගුණසේකර අනිත් පැත්තේ බව හැමෝම දන්නවා (බ)

:       0       0

විජේසුන්දර Sunday, 24 July 2016 09:56 AM

කොමියුනිස්ට් පක්ෂයේ සම්පූර්ණ ඡන්ද ප්‍රමාණයම මෙම පාද යාත්‍රාවට සම්බන්ද වුනත් එතැන සහභාගිත්වය නොගිනිය හැකි තරම් ප්‍රමාණයක් වන බව දන්නෝ දනිති .(හේ)

:       0       0

අශෝක Sunday, 24 July 2016 10:49 AM

1977 ව්‍යවස්ථාව හොඳටම හොඳයි. එ්ක වෙනස් කරන්න හදන්නේ ජාති ද්‍රෝහියෝ. (බ)

:       0       0

ජනිත් Monday, 25 July 2016 02:26 PM

මගේ අම්මෝ! ලංකාවම කෝපවෙලා වගේ. අනේ හැබෑට මෙහෙමත් කෝලම්! (නි)

:       0       0

බුද්ධික Sunday, 24 July 2016 11:01 AM

කවුරුත් පාරට බහින්නේ නෑ මහින්ද එක්ක. මේ ආණ්ඩුවට අවුරුදු 5ක ජනවරමක් තියෙනවා (බ)

:       0       0

අබේරත්න Sunday, 24 July 2016 11:27 AM

ලංකාවේ වාමාංශික දේශපාලනය අද වඳ වී ඇත. එම නිසා මෙවැනි දේශපාලන පක්ෂ වල සහභාගි වීම හෝ නොවීම ජනතාවට අදාල කරැණක් නොවේ. (බ)

:       0       0

මංගල වේලාරත්න Sunday, 24 July 2016 11:46 AM

විකල්ප හඩ ජනතා එකතුව මුල සිටම වමේ පක්ෂ ජාතිවාදීන් එක්ක එකතු වෙන එක වැරදි බව කීවා කොමියුනිස්ට් පක්ෂයට ජයවේවා (බ)

:       0       0

බමුණු Sunday, 24 July 2016 12:42 PM

කොමියුනිස්ට් පක්ෂයට මේරටේ තැනක තිබෙනවද තිබෙන්නේ පැරණි නමක් පමණයි. ගුටි කනවා එ්ත් තම ජාතිය ගැන කතා කොරන්න සිංහලයෝ බයයි. මමත් මොකට සිංහලයක් වෙලා ඉපදුනද කියල හිතෙනවා. (බ)

:       0       0

බමුණු Sunday, 24 July 2016 12:49 PM

ආණ්ඩුවට අවුරුදු 5ක ජනවරමක් තියෙනවාලු ජනවරම ඉවරවෙනකොට සිංහලයත් ඉවරයි රටත් ඉවරයි. (බ)

:       0       0

බමුණු Sunday, 24 July 2016 12:52 PM

නොඉපදුණු දරුවෙකුට හඳහන් හදන්න ලෑස්ති වෙච්ච කට්ටියට හොඳ පිළිතුරක් වුනාට සිංහලයෝ කේන්දර බලන්නේ නොවුන සිද්ධීන් වෙයි කියල හිතෙන දේවල් දැනගන්න. සිංහලයට වෙන්න ඕනේ දේවල් වුනාට පසුව පාද යාත්‍රා ගොස් වැඩක් තිබෙනවද? දැනට කෙරෙන දේවල් වලින් සිංහල අපිට වෙන්නයන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරිද? (බ)

:       0       0

මංගල වේලාරත්න Sunday, 24 July 2016 01:26 PM

කොමිනිස්ට් පක්ෂ පමණක් නොව සමසමාජය බලාහිටියා ඇති වම විනාශ කරන ජතිවදින්ගෙන් ඉවත් වන්න කාලය ඇවිත් ප්‍රමාදය නිසා වෙන්නේ රටට විපතක් ජාතිවාදීන් හිස ඔසවනවා (අ)

:       0       0

මාරලන් ඩි සිල්වා Sunday, 24 July 2016 01:41 PM

අනාගතයේ තවත් මැරකම් ජඩකම් අපරාද බලාපොරොත්තු වෙනවා නම් මාරා සහ කල්ලිය සමග පාරට බහින්න. කලිනුත් රට හැදුවේ කොටසකට හයි වේ ,ඇවිදින මං තීරු වතුරමල් පිට රටින් වාහන ගෙන්වා රෙස්පදීම් රාත්‍රී සමාජශාලා හදා තරුණ පරපුර විනාශකිරීම වැනි අපමනදේ .ඔවුන් ඒවා බුක්ති විඳිද්දී අසරණ ජනයා ඒ දෙස බලා හීල්ලීම ද .මේවා නැවත සැමට එකසේ විය යුතුයි .ජනහිතවාදී පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂය ගත තීරණය නිවරදියි කියා සිතමි . (අ)

:       0       0

නිම්මි Sunday, 24 July 2016 02:51 PM

අනේ මෙයාල ආවත් එකයි නැතත් එකයි. මහින්ද කිවොත් පාරට නෙමෙඉ අපායට යන්න උනත් මේ රටේ මිනිස්සු ඉන්නවා(රේ).

:       0       0

සිරිමන්ත කටුකුරුන්ද Monday, 25 July 2016 07:56 AM

නිවැරදි තීරණයක් ! කොමියුනිස්ට් පක්ෂයට ජයවේවා (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 24 July 2016 06:19 AM

කාලෙකට පස්සේ කොමියුනිස්ට් කට්ටියගේ බුද්ධිමත් තීරණයක් (බ)

:       0       0

ගාමිණී Sunday, 24 July 2016 06:50 AM

ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)

:       0       0

ජයන්ත Sunday, 24 July 2016 06:58 AM

තව ටිකක් හිතලා බලන්න කාගේත් යහපතට . (හේ)

:       0       0

කමල් Sunday, 24 July 2016 07:52 AM

අනිවාර්යෙන් අපි පාරට බහිනවා (හේ)

:       0       0

සමන් Sunday, 24 July 2016 07:53 AM

මහින්ද සමග අපි ජය වේවා (හේ)

:       0       0

සෑම් Sunday, 24 July 2016 07:58 AM

ඥානාන්විත තීරණයක් . නොඉපදුණු දරුවෙකුට හඳහන් හදන්න ලෑස්ති වෙච්ච කට්ටියට හොඳ පිළිතුරක් (බ)

:       0       0

ලුම්බිණි Sunday, 24 July 2016 08:15 AM

චන්‍ද්‍රසිරි ගජධීර මහතා හරි දේවලුත් කරනවා එහෙනම්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 69 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 250 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 80 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 54 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 233 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site