කොටි සංවිධානය අතින් මැරුම් කෑ ජනමාධ්‍යවේදීන් සිහි කිරීමට ඇතැම් දෙමළ ජනමාධ්‍ය සංවිධාන ඉදිරිපත් වෙතියි යාපනයේ පුවත්පත් සමාජයේ කැඳවුම්කරු රත්නම් දයාපරන් කියයි.
ගැටුම් සමයේ මිය ගිය ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඇතුළු 40 දෙනකු ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුහු මෛත්‍රිපාල සිරිසේන ජනපතිට සංදේශයක්ද ඉදිරිපත් කළහ.
උතුරේ මිය ගිය මාධ්‍යවේදීන් සැමරීමේ උත්සව දෙකක් මෑතදී යාපනයේ පැවැති නමුත් කොටි සංවිධානය විසින් මරාදැමුණු මාධ්‍යවේදීන් එහිදී සිහිපත් නොකැරිණි.
තිනමුරසු පුවත්පතේ හිටපු කර්තෘ බාලා නඩරාජා (සීනබාලා) වැල්ලවත්තේ දී කොටි පිස්තෝලකරුවකු විසින් මරා දැමිණි. යාපනයේ ලේක්හවුස් වාර්තාකරු එස්.සෙල්වරාජා ඉන්දියා සාම සාධක හමුදාව උතුරට ආ සමයේ කොටි සංවිධානයෙන් මැරුම් කෑ තවත් මාධ්‍යවේදියෙකි. පරීක්ෂණයක් සඳහා කොටි සංවිධානයෙන් රැගෙන බව කියන අයි.ෂම්මුගලිංගම් නම් උතුරේ මාධ්‍යවේදියා ගැන අදටත් කිසිම තොරතුරක් නැත. මයිල් අමිර්තලිංගම් ඊසමුරුසු පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ කොටි සංවිධානයෙන් මරා දැමිණි. ඔහු කොටි සංවිධානයේ ‘කිට්ටු‘ විසින් මරා දමන ලදැයි කියති.
මඩකලපුව මාධ්‍යවේදී සංවිධානයේ හිටපු සභාපති චේලියන් චෙරින්පනායගම් ද කොටි සංවිධානයෙන් මරා දැමුණු මාධ්‍යවේදියකු බව කියති.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කොටියා කෑ මාධ්‍යවේදීන් උතුරේ නොසැමරේ‘
ඉන්දු Sunday, 10 July 2016 07:42 AM
කාරණය පැහැදිලියි නේද...(බ)
සුසන්ත Sunday, 10 July 2016 10:42 AM
කොටි මරපු මාධ්‍යවේදියෝ ගැන විතරක් නෙවෙයි, දැන් කොටි මරපු සාමාන්‍ය ජනය ගැනවත් කිසි කතාවක් නැහැනේ. හැබැයි යුද්දෙන් මළ කොටි ගැන නම් හරි අනුකම්පයි! දැන් රජයට ඒ අය මතක් වෙද්දීත් ඇඩෙනවා. (බ)