ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිට්යදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුහු මොරටුව, කොළඹ සහ හිගුරක්ගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස 45,44 සහ 27 වියේ පසුවු කාන්තාවෝ වෙති.
මෙම කාන්තාවෝ පසුගිය 13 වෙනිදා කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත.
මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් මොවුන් මෙම ව්‍යාජ වීසා ලබාගෙන ඇති බව කරණ ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. අදාල රැකියා නියොජිත ආයතනයෙන් එක් කාන්තාවකට රුපියල් තිස් දහසක්ද, අනිත් දෙදෙනාට රුපියල් පනස් දහස බැගින්ද විදෙස් ගතවීම වෙනුවෙන් ලබා දී ඇත.
මෙම කාන්තාවන්ට රැකියා සඳහා විදෙස් ගත වීමට අවශ්‍ය විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ අනුමත ලිය කියවිලි ඇතුළු සියලූ ලිය කියවිලි අදාල රැකියා නියෝජිත ආයතයේ උප ඒජන්තවරු දෙදෙනෙක් විසින් සකස් කර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කටාරයෙන් පැන්නු ගැහැණු 3 ක් සී.අයි.ඩී කටේ
චන්ද්‍ර වීරසිංහ Sunday, 16 August 2015 08:16 AM
දුප්පත් කම නිසා රට යන්න හදන අනේක දුකක් විඳ තමන්ගේ පවුලත් අපේ රටත් පොහොසත් කිරීමට දායක වන මෙවැනි කානතාවන්ට නින්දා මුඛයෙන් ගැහැණු කියා අමතන්න එපා (ම)
වජිරපාල Sunday, 16 August 2015 11:31 AM
පවු! අසරණකමනේ.... (නි)
රවීන් Sunday, 16 August 2015 01:29 PM
වැඩ කරන්න ගියා නම් මොනවටද හොරෙන් යන්නේ? රටේ නමත් කනවා (නි)
නාමල් Sunday, 16 August 2015 01:59 PM
මේ අය කුවේට් යන්න ඇත්තේ දුප්පත්කම නිසානේ (නි)
ලක්ෂ්මන් Sunday, 16 August 2015 05:37 PM
වරද අසරණ ගැහැණුන්ගේ නෙමෙයි. රජයේ සහ නීතියේ දුර්වලකම. ජීවත්වෙන්න ඕනෑ නිසා තමයි රට යන්නේ. (නි)
ලලිත් Sunday, 16 August 2015 09:21 PM
අපරාධය කර තිබෙන්නේ මේ කාන්තාවන්ද? නැත්නම් රැකියා නියෝජිතයාද? (නි)