IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කටාර් ආයෝජන ලංකාවටත්

ශ්‍රී ලංකාවේ කර්මාන්තපුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කියයි.

අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සූදානමින් සිටින එම කටාර් ව්‍යාපාරිකයෝ පිරිස පසුගියදා හමුවුණි,දෙරටේම නියෝජිතයින් මෙම ආයෝජනය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

දෙපාර්ශවය  අතර අදහස් හුවමාරු  වී තිබේ, තමන් ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහාද කටාර් රාජ්‍යය සූදානමින් සිටින බව අමාත්‍යාංශය  කියයි.



අදහස් (0)

කටාර් ආයෝජන ලංකාවටත්

ප්‍රභාෂ් කුලරත්න Wednesday, 27 May 2015 02:09 AM

අනුර තිලක් තමුන්ලා මොනවාද කටාර් ගැන දන්නේ. ඒ මිනිස්සු දැන් මැද පෙරදිග ඉන්න දියුණුම ජාතිය. යල් පැන ගිය අය නොවේ. හොදටම දියුණු වෙලා බටහිර පන්නයට ගැලපෙන ලෙස සියලු දේ වෙනස් කරගත් ජාතියක්. අපේ වගේ පම්පෝරි ගහ ගහ ඉන්න මෝඩයෝ නොවේ. (නදී)

:       0       0

නුවන් Tuesday, 26 May 2015 11:35 AM

ආයොජනය කළාට කමක් නැහැ! නමුත් ලංකාව තවත් අරාබියක් කරන්න උඩ ගිනි දෙන්නේ නැතුව (බ)

:       0       0

කසුන් Wednesday, 27 May 2015 03:46 AM

ප්‍රභාෂ් කුලරත්න ..මම නොදන්නා නිසා අහන්නේ කටාර් වල බුදුන් අදහන්න,පිරිත් නූල් බදින්න නිදහස තියේද ? (බ)

:       0       0

නිලාන් - කටාර් සිට Wednesday, 27 May 2015 03:56 AM

හැමදේම ගැන වැරදි විදිහට බලන්න එපා,කටාර් අරාබි රටක් වුවත් , මුලධර්මවාදී අදහස් ඔවුන් ලග නැහැ.(ම)

:       0       0

අනුර Tuesday, 26 May 2015 11:55 AM

ඉතා හොඳ වැඩක් කටාර් රාජ්ජය පොහොසත් රාජ්ජයක් ඔහුන් සමග ගනුදෙනු කිරීම රටට ලොකු වාසියක් ගන්න පුළුවන්. (බ)

:       0       0

මැටිපහන Wednesday, 27 May 2015 04:21 AM

රජින්දගේ කතාව හරි. දුර්වල රටවල් අල්ලන එක තමයි එයාලගේ අදහස. ඊට අමතරව පොහොසත් රටවලත් ආයෝජනය කරනවා. මොකද තෙල් සහ ගෑස් ඉවර වුනාම (තව වසර 40 කින්) එයාලට කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා තමයි විකල්ප ආයෝජනයන් කරන්නේ. මම අහල තියෙනවා ඉතාම දුප්පත් රටවල් වලින් මෙයාල අක්කර දහස් ගණන් වග ඉඩම් මිලදී ගෙන තියෙනවා කියල. මේක තමයි එයාලගේ පැවැත්ම සඳහා කරන්න යන්නේ. එහෙම කරන අතරේ අනෙක් අධිරාජ්‍යවදිනුත් කලා වගේ තමන්ගේ ආගමත් ව්‍යාප්ත කරනවා. ප්‍රබාශ් කියන තරම් මෙයාල වෙනස් වෙලා නැහැ. ආගමක් සහ සංස්කෘතියක් කරේ තියාගෙන අතරේ බටහිරෙන් පැමිණි අධ්‍යාපනය, රෝහල් සේවය, මහාමාර්ග, කර්මාන්ත, වගා ක්‍රම, වැනිදේත් සහ බටහිර විනෝදාත්මක දේවලුත් (හොඳ සහ නරක දෙකම) පාවිච්චි කරනවා. ඒ වුනාට බටහිරට බනින එකෙත් අඩුවක් නෑ මෙයාලගේ. එහෙම බලනකොට අපි වගේම තමයි (වංසේ කබල් ගාන කට්ටිය කලබල වෙයි දැන්). වෙනස තමයි එයාල අනාගතය වෙනුවෙන් දැවැන්ත ලෙස සිතා මත වැඩ කරනවා; හැමෝගෙන සහය ගන්නවා. හැබැයි ඉතින් මේවා කරන්නේ දනපති ක්‍රමය ඇතුලේ ඒක නිසා එයාලගේ උපක්‍රමත් කඩා වැටෙනවා අනිවාර්යයෙන්ම. ලෝක පරිමාණ සැලැස්මක් නැතිව රට රටවල් තමන්ගේ වාසියට කරන මේ වැඩ වලින් වෙන්නේ මනුෂ්‍යයන් දුක් විඳීම පමණයි. ලෝක පරිමාණ සැලසුම් කරණයකට යන්න පුළුවන් විදියට තාක්ෂනය දියුණු වී ඇති මේ මොහොතේ අපි කලා යුත්තේ එවැනි පාලන ක්‍රමයකට යන එකයි. ටිකක් කල් යාවි ඒකට ඉතින් හැබැයි කරන්න පුළුවන් ලෙවල් ඒකට ඇවිල්ල අපි ඉන්නේ "අපි" කිව්වේ මනුෂ්‍ය සංහතිය ලංකාවේ අපිත් ඇතුළුව. (බ)

:       0       0

තිලක් Tuesday, 26 May 2015 12:21 PM

ඔව් ඕක හදලා අවසන්වුණාම මුස්ලිම් අයව විතරක් වැඩට ගනීවිද දන්නෙ නැහැ. දන්නවනෙ මෙයාලගේ සැළසුම්. විල්පත්තුවටත් වැඩේ දුන්නේ නිවාස යෝජනා ක්‍රමයක් කියලා. අන්තිමට ගිනිගෙඩි තමා පාත්වෙන්නේ. (නි)

:       0       0

නිමල් Tuesday, 26 May 2015 12:55 PM

මෙයාලගේ වැඩ ගැන ලගපාත රටවල් පවා කනස්සල්ලෙන් ඉන්නේ... (හේ)

:       0       0

විජයබාහු Tuesday, 26 May 2015 01:02 PM

අපි නොදන්නා මොනරතැන්න නුවන් කිව්වා දේ නොවුනොත් ඇති.(හේ)

:       0       0

විමුක්ති Tuesday, 26 May 2015 01:09 PM

මේ වගේ ආයෝජනයක් සිදු විය යුතුයි.(හේ)

:       0       0

සිල්වා Tuesday, 26 May 2015 02:04 PM

නුවන්, ඔයාට ලෝකය ගැන ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න. මැදපෙරදිග කලාපේ විතරක් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 14 කිට්ටුවෙන්න වැඩකරනවා. ඒ එවන මුදල් තමයි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය. සෞදියේ ලක්ෂ 6.5 ඉන්නවා. ඉතින් ඒ රටවලින් කිවුවොත් ආපසු තමන්ගේ රටට යන්න කියලා මොකද කරන්නේ? අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ. ගෝත්‍රිකයෝ වගේ හිතන්න බැහැ. (නි)

:       0       0

කුමාර් Tuesday, 26 May 2015 02:50 PM

ගැටලුව තියෙන්නේ, වෙනත් ආයෝජකයො වගේ නෙමෙයි, මුස්ලිම් මිනිස්සු වෙළඳාම මුවාවෙන් ආගම් පතුරවන එකයි අනුමත නොකරන්නේ. ආයෝජන නීතිරීති එක්ක එනවා නම් හොඳයි. (නි)

:       0       0

චමල් Wednesday, 27 May 2015 06:41 AM

සිල්වා හිතන් ඉන්නේ අපි මේ රටවල් වල හිඟා කාල ඒ සල්ලි ලංකාවට එවනවා කියලද? අපි මෙහෙ අපේ දැනුම හැකියාව දීල තමයි සල්ලි ගන්නේ. (ත)

:       0       0

තිලක් Tuesday, 26 May 2015 04:15 PM

ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ ආයෝජන මණ්ඩලය හරහා පමණයි එහි තිබෙනා සියලු බදු වලට සහ නීති රෙගුලාසි වලට යටත්ව තමයි හැමදෙයක්ම කරන්න පුළුවන් හැබයි පසුගිය රජයෙන් ජෙමේස් පැක්ර්ට කැසිනෝ වියාපාරය සදහා විසේස වර්ප්පසාද දුන්න බදු අය කරේ නැහැ. කටාර් යෝජෝකයෝ එන එක රටට හොදක් වෙන්නේ ඒ තුලින් ආර්ථිකයට සහ විරැකියාවට යම්කිසි විසදුමක් ගන්න පුළුවන්.(කේ)

:       0       0

රජින්ද Tuesday, 26 May 2015 04:16 PM

ආර්ථික අමාරුකම් වලින් පෙලෙන රටවල් තමයි මෙයාලගේ සාර්ථකම ගොදුර වෙන්නේ. දැන් බලන්න ග්‍රීසියට වෙලා තියෙනදේ. ඒ රටේ ආර්ථික කඩාවැටීම නිසා, ඒ රටේ ඉඩම්, වෙළද ව්‍යාපාර සහ බොහෝ ආර්ථිකමය වැදගත් අංශ කටාර් රාජ්‍ය ඇතුළු අරාබි වරුන්ගේ අයිතියක් වෙලයි තියෙන්නේ. ලංකාවට වෙන්නෙත් ඕකෙම අනිත් එක. අතේ දුරින් තියාගන්නකම් විතරයි මෙයාල හොද(.කේ)

:       0       0

සමන්ත Wednesday, 27 May 2015 03:44 PM

මම කටාර් වල වැඩකරපු කෙනෙක් හැටියට දන්නවා කටාර් කියන්නේ නිදහස් රටක්. බුදු හාමුදුරුවන්ගේ පින්තූර කඩවල් වල විකුනන්න පවා තියෙනවා. එහි පලවෙන මැදපෙරදිග ලංකාදීප පුවත් පතක් පවා තියෙනවා. මැදපෙරදිග තියෙන එකම 100%ක් මුස්ලිම් නොවන අරාබි රට. ෂාරියා නීතිය ක්‍රියාත්මක වන්නේ විවාහ කටයුතු වලදී පමනයි. කටාර් රජය ලංකාවට ආධාර දෙන්න ඇති ඒත් ඒවා ලබාගත් කෙනා තමා වැරදි. මම දන්න තරමට කාටාර් ගැන කියන්න තියෙන්නේ නිතිය නිතිය විදිහට තියෙන විනෝද කාමී අරාබි වරු ඉන්න රටක්. (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 234 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1888 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 864 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1000 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1222 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site