IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්‍රදානය කළේය.

මෙම ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් රෝගීන් 47,000කට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරයි.

ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ මහමුද් අබු කලීෆා මහතාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේදී නිදන්ගත රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව  මුහුණ දෙන අර්බුදයට විසඳුම් දීමට බලාපොරොත්තු වෙයි. රෝගීන්ට සපයන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට දායක වීම, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් තහවුරු කිරීම සඳහා කටාර් වැසියන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත මෙම පරිත්‍යාගයක් සමඟ පැමිණෙන බව කටාර් පුණ්‍යායතනය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.ජී.මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (0)

කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 393 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 957 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 560 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1816 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1650 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 696 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36999 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24383 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 592 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site