IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කටහඬින් දුවන රෝද පුටුවක් මොරටු සරසවියේ

 

හිසේ චලනයෙන් සහ කටහඬ යොදා ගනිමින් ගෙළෙන් පහළ අප්‍රාණික උදවිය ගමන් කළ හැකි රෝද පුටුවක් නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ සිසුහු කණ්ඩායමක්  සමත් වී සිටිති.

එම අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ගමගේ මහතා මේ බව පැවසීය.මුල්ම රෝද පුටුව ශ්‍රී ලංකා  යුද හමුදාවට පරිත්‍යාග කළ අතර එය ගෙළෙන් පහළ අප්‍රාණික රණවිරුවෙක් දැනට සාර්ථකව භාවිතා කරයි.

මෙම රෝද පුටුව සැළැසුම් කිරීම සඳහා  බ්‍රැන්ඩික්ස්  ආයතනය ඉලෙක්ට්‍රොනික් රෝද පුටුවක්  ශිෂ්‍යයින්හට පරිත්‍යාග කළේය.

විද්‍යුත් උපකණරයකට සම්බන්ධ කළ  කන් බණුවක් හිසේ පැළැඳි මෙන්  රෝද පුටුවට අණ දෙමින්  ගමන ඇරැඹිම ,නැවැත්විම ඇතුළු ක්‍රියා සිදු කළ හැකිය.

මෙම රෝද පුටුවෙන් ගමන් කිරීමේදී මාර්ගයේ බාධක මඟහරවා ගැනීමටත් හැකියාව සලසන අතිද්වනි  සංවේදන (අල්ට්‍රා සවුන්ඩ්) ඇතුළත් කර ඇත.සීයයට සීයයක්ම මෙම රෝද පුටුව ආරක්ෂාකාරීය.වේගය පාලනය මගහැරවීම යන  සෑම ක්‍රියාවක්ම  ස්වයංක්‍රීයව සිදුවෙයි.

ආචාර්ය චන්දන ගමගේ සහ ලුතිනන් කර්නල් අතුල සමරසිංහ මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ දිමුතු උපේක්ෂ,සමීර නිලුපුල්,චමීර විජයබණ්ඩාර,මිලින්ද ප්‍රනාන්දු,සුනෙත් ගමගේ ,චමිල විජේරත්න,මධුෂි බණ්ඩාර,අකිලා පේමසිරි යන අවසන් වසරේ සිසුහු කණ්ඩායම මෙම නිර්මාණය බිහි කළහ.

akila

 

 

 

 

 

 



අදහස් (0)

කටහඬින් දුවන රෝද පුටුවක් මොරටු සරසවියේ

අපොන්සු Thursday, 27 November 2014 04:36 AM

ඉලේක්ට්‍රොනික විද්‍යාව අනුව මේක කල නොහැකි ඇති අමාරු කටයුත්තක් නොවුනට මේක අගය කළයුතු උත්සාහයක්.(හේ)

:       0       0

මහා බධුගේ Thursday, 27 November 2014 05:57 AM

හදිසියෙවත් කිඹුහුමක් එහෙම ගියොත් මොකද වෙන්නේ..? (අ)

:       0       0

හසින්ත Wednesday, 26 November 2014 03:05 PM

චමල් දන්න දෙයක්ගැන කතා කරානම් වැඩිය හොඳයි නේද. මේවා හදනකොට ඔය කියන තාක්ෂණය විතරක් තිබ්බට මදි. නැත්නම් ඔලුවක් නැති ඔයා වගේ තාක්ෂණයේ පරිපූර්ණ මිනිස්සුත් මේව හදයිනේ. අනික අපේ රටේ අපේම තාක්ෂ්නයෙන් බිහිවෙන දෙයක් අගේකරන්න බැරිනම් නොදන්න දේවල් වලට කමෙන්ට් කරල මෝඩකම ප්‍රදර්ශණය නොකරනඑක තමයි වඩා හොඳ (අ)

:       0       0

සේනා Thursday, 27 November 2014 06:16 AM

අපේ ළමයින්ගේ නිර්මාණය අපි අගේ කලයුතුයි නමුත් මීට සමාන නිර්මාණයක් අවරුදු 14 - 15 ක ඉන්දියානු ළමයි දෙන්නෙක් නිර්මාණය කරලා තිබුනා. (අ)

:       0       0

ශිරෝ Thursday, 27 November 2014 06:57 AM

සුබපැතුම්. අවතක්සේරු කරන්නත් කට්ටියක් ඉන්නවා. ගණන් ගන්න එපා. එයාලගේ කට වැඩ කලාට මොලේ වැඩ නෑ (නදී)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 26 November 2014 04:13 PM

චමල් ඔයාට මේ නිර්මාණය ලොකු දෙයක් නොවුනට මේ රෝද පුටුව පාවිච්චි කරන සොල්දාදුවට මේක ගොඩක් වටිනවා ඇති. ලෝකෙ වෙන තැන් වල මේවා තිබුනට අපේ සොල්දාදුවන්ට ඒවා මිලදී ගන්න හැකියාවක් නැති බව ඔයා දන්නවා ඇතිනේ. මොලේ තිබුනට වැඩක් නෑ, ඒක රටට ලෝකෙට වැඩදායි විදියට පාවිච්චි කරන 1යි වැදගත්. (නදී)

:       0       0

සරදියෙල් Wednesday, 26 November 2014 04:30 PM

ඕක ඔච්චර ලේසි නම් ඔයාට කරන්න තිබ්බ නේද චමල්? මේක අද දැම්මට අවුරුදු දෙකකට කලින් කරපු එකක්. කට විතරක් මදි. ඔලුවත් ඕනේ මේවා කරන්න.(නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 26 November 2014 04:52 PM

හසින්ත, සියල්ල දත් කියල හිතාගන ඉන්න අයට බන කියල වැඩක් නැහැ. (නදී)

:       0       0

රුවන් Wednesday, 26 November 2014 05:19 PM

අනේ චමල්, බයිලා ගහන්න එපා.ඔය දේවල් තමාට කරන්න පුලුවන්ද? (නි)

:       0       0

සිල්වා Wednesday, 26 November 2014 05:35 PM

මෙවැනි නිර්මාණ හැකියාවන් වැඩි දියුණු කර රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනි අපේ දරුවන් ගාව හොද හැකියාවන් තියෙනවා නමුත් වෙන්නේ ඒ හැකියාවන් වලින් ප්‍රයෝජනය ගන්නේ නැහැ චීනෙට ඉන්දියාවට කට අරගෙන ඉන්නවා රට දියුනු වෙන්නේ නිර්මාණ හැකියාවෙන් ඒකතමයි ශක්තිය සියලු දරුවන්ට බුදු සරණයි තව තවත් නිරමාණ කරන්න සක්තිය ලැබේවා !!(හේ)

:       0       0

චමල් Wednesday, 26 November 2014 11:45 AM

අද තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ලොකු දේවල් නම් නෙමෙයි. විද්‍යුත් තරඟයක් චාලක ශක්තිය බවට හරවන එක පහසු වැඩක්. මීට කලින් මේක ලංකාවේ නොකරට. (නදී)

:       0       0

සඳුන් රසංග Wednesday, 26 November 2014 11:54 AM

හොඳ වැඩක් ඔබලා රටට ආඩම්බරයක් (දී)

:       0       0

රූපවති Wednesday, 26 November 2014 06:48 PM

ඇත්තටම මම හදවතින්ම සුභ පතනවා ඒ නව නිර්මාණ කරුවන් සියල්ලන්ටම ....? (හේ)

:       0       0

විජයරත්න Wednesday, 26 November 2014 07:38 PM

ආඩම්බරයි මේ ගැන. (ර)

:       0       0

පවිදු Wednesday, 26 November 2014 09:00 PM

මෙන්න අපේ දක්ෂයෝ.(හේ)

:       0       0

කුමාර් Wednesday, 26 November 2014 12:19 PM

චමල් නිකන් බයිල ගහන්න එපා, ඒ දරුවෝ කරල තියෙන වැඩේ අගයන්න. (නදී)

:       0       0

ලලිත් Wednesday, 26 November 2014 12:34 PM

තව මේ නිර්මාණය සාර්ථක කර ගන්න ලැබේවා.(හේ)

:       0       0

ඉසුරන්දි -දෝහා Wednesday, 26 November 2014 12:38 PM

එසේම නව නිර්මාණ තව තවත් සොයාගැනීමට හැකි වේවා!.(හේ)

:       0       0

කෝකිල අලුපොත Wednesday, 26 November 2014 11:37 PM

චමල් ලොක්කා ස්මාර්ට් ෆෝන් ගැන අපිත් දන්නවා.. නිකන් මෝඩ කතා කියන්න එපා නිකමෝ... මේක මොලේ ආබාධිතයන්ට හදපු එකක් නෙවෙයි වටිනාකම තේරෙන්නේ නැත්තන් කටපියන් ඉන්නවද ? (ස)

:       0       0

රළපනාව Wednesday, 26 November 2014 12:50 PM

ඔය කියවන අයට මේව ලොකු දේවල් නොවුනට මේව කරන අපිට ලොකු දේවල්. (ස)

:       0       0

රණසිංහ Thursday, 27 November 2014 12:07 AM

මෙය උපාධිය සදහා කරන දෙයක්. මෙහි සාර්ථකත්වය යනු හෙට මහා නිමැයුම් කරුවන් අප රට තුලින් බිහි වන වගයි. සුබ පැතුම් (නදී)

:       0       0

ෆ්‍රීමාල් Thursday, 27 November 2014 01:44 AM

සුපිරි වැඩක්. මෑත කාලයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් හොඳ නිපැයුම් කරලා තිබෙනවා. ඉදිරියටම යන්න සුබ පතනවා (නදී)

:       0       0

සෙත්මි Wednesday, 26 November 2014 01:10 PM

පුදුම සතුටක් දැනුනා.ඉදිරි කටයුතු සාර්ථක වේවා. ඔබ සැමදෙනා ගැනම ආඩම්බරයි. (ස)

:       0       0

චමල් Wednesday, 26 November 2014 01:56 PM

කුමාර්. අද තියෙන ස්මාර්ට් ෆොන් පවා අස් දෙකේ චලනයටයි කටහන්ඩටයි ප්‍රතිචාර දක්වනවා. ඕක ඔයාට ලොකු වුණාට අපිටනම් එහෙම නැහැ. (අ)

:       0       0

පෙරේරා Wednesday, 26 November 2014 02:06 PM

හොඳ වැඩක්, කරපු වැඩේ අගයන්න , චමල් ඔය කලින් මේක කරාද ? (අ)

:       0       0

තාරා Thursday, 27 November 2014 03:35 AM

සුපිරි වැඩක්. කරපු වැඩේ අගයන්න. (ර)

:       0       0

නුවන් Thursday, 27 November 2014 03:56 AM

විශ්ව විද්‍යාලයක් ගැන හොඳ ආරංචියක් ආවොත් ඒ මොරටුව විශ්ව විද්‍යාලයෙන් තමයි. ආදර්ශමත් දරුවෝ. මොනවා කලත් ඇදේම දකින කුහක ගති ඇති අයත් බොහොමයි කියල පේනවා. රටේ අවශ්‍යතා සලකා තව තවත් මෙබඳු නව නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේව කියා පතමි.! (ර)

:       0       0

ශේන් Thursday, 27 November 2014 04:13 AM

රොකට් එකක් හැදුවා නම් ප්‍රයෝජනයක් වෙයි. (අ)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Thursday, 27 November 2014 04:19 AM

අපේ අය අපේ අය ගැන හැම විටම අවතක්සේරුවෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. මට නම් හරි ආඩම්බරෛ අපේ දූලා, පුතාල ගැන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 728 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 540 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 779 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 580 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 499 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 315 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site