කොටහේන ප‍්‍රදේශයේ අසල්වාසී කී‍්‍රඩා සමාජ දෙකක් වන රත්නම් සහ රිනවුන් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ අද (10 වැනිදා) පැවැත්වෙන ෆීනික්ස් කුසලාන අවසන් මහා තරගයේදී තම තමන්ගේ සමත්කම් උරගා බැලීමට සූදානමින් සිටිති. මෙම තරගය කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනාගත් රත්නම් පිල ජාතික පිලේ කී‍්‍රඩකයකු වන ඊ. බී. චන්න විසින් මෙහෙයවනු ලබන අතර රවුමි මොහොදීන්, චතුර මධුරංග, බී. ශිවංක, කි‍්‍රෂාන්ත අබේසේකර, රිස්වාන් සයිබ්, තරිදු එරංග, එම්. යෝගරාජා, එම්. නිලූෆර්, රවීන්ද්‍ර ලසන්ත, ෂෙහාන් සිල්වේරා (ගෝල රකින්නා), සචින්ත මධුරංග රත්නම් පිලේ සෙසු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ වෙති. තරුණ පාපන්දු තරුවක් වන එම්. අනම් විසින් මෙහෙයවනු ලබන රිනවුන් පිලේ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ චතුර ගුණරත්න, මොහොමඞ් සේන් සහ මොහොමඞ් කයිස් යන කී‍්‍රඩකයෝ ද වෙති. ගෝල රකින්නා ලෙස වයි. සතිස්කුමාර් කටයුතු කරන මෙම කණ්ඩායමට හිටපු ජාතික කී‍්‍රඩකයකු වන ෆල්සුර් රහ්මාන්, එම්, සමීර්, ධනරාජා සත්‍යයෙන්දිරන්, එම්. නෆිර්, එම්. පි‍්‍රයදර්ශන, එම්. ඉම්තියාස් යන කී‍්‍රඩකයන් ද නවක කී‍්‍රඩක ඩිලාන් ද සිල්වාද ඇතුළත් ය. අවසන් පූර්ව තරගයෙන් තියුණු සටනක් දෙමින් අවසන 1 x 0 ක ජයක් හිමිකර ගනිමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ රත්නම් පිල ද මීට පෙර මෙම වසරේදී ම පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලියේදී රිනවුන් පිල සමග තරග වැද ඇත. දෙවන වරටත් පැවැත්වෙන මෙම ෆීනික්ස් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට මුදලින් රු.100,000ක් සමගින් රන් පදක්කම් ද අනුශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට මුදලින් රු.50,000ක් සමගින් රිදී පදක්කම් ද පිරිනැමීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොටහේනේ අසල්වැසියෝ, රත්නම් - රිනවුන් ෆීනික්ස් කුසලාන අවසන් තරගයේදී අද ගැටෙති