IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොටහේන ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ අවසර ලබා දුන්නාය.

කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරු මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි.

කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බවය.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

 



අදහස් (0)

කොටහේන ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site