කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ.
කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට උපකාර සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට පියවර ගත්තේය.
ඒ අනුව එහි පියවරක් ලෙස කටාර් රාජ්‍යයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සීමාවට තර්ජනයක් තිබෙන බව කියමින් ඊජිප්තුව මෙම පියවර ගෙන තිබේ.
කලාපය තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීමට කටාර් රාජ්‍යය සහයෝගය දෙන බව පවසමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් මෙලෙස කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සියල්ල අත්හැර දැමීය.
එපමණක් නොව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍ය සමඟ තිබෙන ගුවන්, නාවික සහ ගොඩබිම් ප්‍රවාහන සබඳතා සියල්ල නවතා දැමීමට ද පියවර ගත්තේය.
කෙසේ නමුත් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන කටාර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය ප්‍රචාරයක් පතුරවන බවත් මෙවැනි තීරණවලින් කටාරයේ ස්වෛරීත්වය උල්ලංඝණය වන බවටත් චෝදනා කරයි.
ඒ.එෆ්.පී/රොයිටර් 055
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගව
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තම
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය .
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයව
හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම්