IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක්

(ටී.කේ.ජී.කපිල)

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

මෙසේ බෝම්බ තර්ජනයකට ලක් වී තිබුණේ ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකි .

මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන  ගුවන් යානය අද පස්වරු 04.05 ට සාමාන්‍ය පරිදි ගොඩ බැස්සවීමට නියමිතව තිබුණද , ඉන් විනාඩි 08 කට පෙර , එනම් පස්වරු 03.57 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි .

ගුවන් යානය එයාර් බස් ඒ.-320 වර්ගයේ එකක් වූ අතර එහි ගුවන් මගීන් 108 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 08 දෙනෙකු ද පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ බෝම්බ අටවා ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලය වෙත නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර , එම පණිවිඩය වහාම ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඉන්දීය ගුවන් සේවා කළමනාකරු වෙත ලබා දීමට පියවර ගෙන තිබුණි . ඔහු එම පණිවිඩය කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත යොමු කිරීමෙන් අනතුරුව , මෙසේ මෙම ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ අනුව ගිනිනිවීම් රථ , බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් , වෛද්‍යවරුන් හෙදියන් , බෝම්බ හදුනා ගැනීම පුහුණු කළ සුනඛයන් , බෝම්බ හදුනා ගැනීමේ ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් නිලධාරීන් , යුධ හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගලවා ගැනීමේ මෙහෙයුම් භාර නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය වෙත කැදවා තිබුණි .

පසුව මෙම ගුවන් යානය තුළින් මේ වනවිට පැමිණි ගුවන් මගීන් බස්සවා , ගුවන් මගීන්ගේ ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ පිටතට ගෙන පරීක්ෂා කිරීම් සිදු කරමින් සිටින අතර , මේ වනතෙක් මෙම ගුවන් යානය තුළින් පුපුරන ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව කටුනායක ගුවන් තොටුපොළ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මේ ආකාරයට ඉකුත් 10/19 දින සහ 10/24 යන දින ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තුළ ද බෝම්බ අටවා ඇති බවට , ඉන්දියාවේ සිට සිදු කළ දැනුම් දීම මත , එම ගුවන් යානා දෙක ද කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වනවිට මේ ආකාරයට ඉන්දියාවේ ගුවන් යානා 300 කට අධික ප්‍රමාණයකට බෝම්බ ඇති බවට තර්ජන එල්ල වී තිබේ .



අදහස් (1)

කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක්

don Monday, 28 October 2024 06:58 PM

තවද දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ජාතික ආරක්ෂාව අනතුරේ බව පෙන්වන්න. ඕවා වලට මිනිස්සු බයවෙලා මෝඩතීරණ නොගත යුතුයි. ඡන්දයකදී... බලන්න ඊශ්‍රායලය දෙස. එහි ජනතාව මුළු ලෝකයටම විරුද්ධ වුණත් යුද්ධ කරන්න සූදානම්. ඇයි අපේ ලංකාවේ මිනිස්සු මේ වගේ පුවත්වලට බයවෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව වී ටොන් ලක්‍ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි
2024 ඔක්තෝබර් මස 28 405 0

සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4 ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කු


අයි.එම්.එෆ් යෝජනා වල ඇත්ත රටට කියන්න
2024 ඔක්තෝබර් මස 28 486 3

ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග නිව්යෝක් නුවරදී ආණ්ඩුව සිදුකළ සාකච්ඡා වල ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයා වහා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික


ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 28 227 0

දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩං


පොලොන්නරු මහේස්ත්‍රාත්ගේ නිල නිවෙසට රතිඤ්ඤයක් දාලා
2024 ඔක්තෝබර් මස 28 540 0

පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසික


දුම්රිය ස්ථානාධිපතීන් වර්ජනයකට සැරසෙයි
2024 ඔක්තෝබර් මස 28 775 0

දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට ඉදිරි පැය 72 ක තුළ විසඳුමක් නොදුණ හොත් ක්‍ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථාන


විමල්ට එරෙහි නඩුවකට දින දෙයි
2024 ඔක්තෝබර් මස 28 295 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 240 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 598 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site