IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොටි අඬු බඬු ඉතාලියේ හොල්මන් කරයි

ශ්‍රී ලංකා රජය යුද අපරාධ කළ බව කියාපාන දැවැන්ත රැස්වීමක් ඉතාලි දමිල සංවිධානය මෙහෙය වීමෙන් යුරෝපා කොටි ජාලයේ උපදෙස් පරිදි ඔක්තෝබර් 26 වැනි දා සවස හතරට ඉතාලියේ ලෙව්වේ නගරයේ පලස්සෝ තුරස්සා පලුම්බෝ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට යයි. මේ සඳහා යුරෝපයේ රටවල් හයකට අයත් කොටි නියෝජිතයින් සමග රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයින් පැමිණීමට නියමිත බව දමිල ආරංචි මාර්ග පවසයි. ඉතාලියේ ඉන්තේග්රා ඔන්සුල් නැමති රාජ්‍ය නොවන සංවිධානය මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. එම සංවිධානය කියා සිටිනුයේ ඉතාලි රජයේ සිවිල් සංවිධාන කිහිපයක සහයෝගය මේ සඳහා දෙන බවයි. ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධය අතරතළ ළමයින් හා වැඩිහිටි මිනිසුන් විශාල වශයෙන් ඝාතනය කළ බවත් හමුදා සෙබළුන් තවමත් උතුරේ දමිල කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක් කරන බවත් කියමින් රජය අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ  උත්සහාය බවත් කියති. ඉන්තේග්රා ඔන්සුල් සංවිධානයේ ප්‍රධාන ක්ලෝදිනා කුකා කියනුයේ තම සංවිධානය ලෝකයේ බොහෝ රටවල අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙනුවෙන් කොටි සංවිධානය මෙලෙස සූදානම් වන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති.



අදහස් (0)

කොටි අඬු බඬු ඉතාලියේ හොල්මන් කරයි

ටෙනිසන් Saturday, 26 November 2016 03:34 PM

අනේ හැබෑටම මෙහෙමත් දේවල්!

:       0       0

රාජා Tuesday, 23 October 2012 03:02 PM

යුද්ධය ඉවරවෙලා අවුරුදු 2 ක් ඉවර උනත් තවමත් විසඳුමක් ඉදිරිපත් කරලා නෑ..මේ වගේ සම්මන්තණ පැවැත්වීම සාධාරණයි (ස)

:       0       0

සුරංග Tuesday, 23 October 2012 08:35 PM

අනේ මන්දා මේ වෙන වැඩ

:       0       0

සදුනි Tuesday, 23 October 2012 08:44 PM

අයියෝ සල්ලි

:       0       0

බන්ඩාර Tuesday, 23 October 2012 03:48 PM

තව මොනවද ඉල්ලන්නේ ...(ස)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 03:58 PM

රාජා මොකද්ද ඕන විසදුම.. උතුර නැගෙනහිර ඕනද? සියළුම ජාතින්ට ලංකාවෙ ජීවත් වෙන්න පුළුවං.. හැබැයි රට බෙදන්න බැහැ..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 23 October 2012 09:52 PM

රාජා මහත්තයෝ,ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන විසඳුම මොකද්ද? රට බෙදා වෙන් කිරීමටද? ඒවට නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. සියළුම ජාතින්ට ජීවත්වීමේ අයිතිය තිබූණත් අද අසාධාරණයක් වී ඇත්තේ සිංහල පිරිසටම නොවේද? අසාධාරණයට ලක්වන ජාතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලට පෙනෙන්නේ නැද්ද දන්නෙ නැහැ සිංහළ,දෙමළ,මූස්ලිම් ගම්මාන වලට ඇවිත් විශාල වශයෙන් කරපූ ඝාතන. ඒවට කෝ කවූද කතා කරන්නේ? (නි)

:       0       0

හිරන්ත Tuesday, 23 October 2012 04:39 PM

අර දහතුන ඒ එක අවලංගු කරනවා කියලා ආරංචියක් තියෙනවා ඇත්තද?(නු)

:       0       0

ශම්ස් Tuesday, 23 October 2012 10:14 PM

ඉතාලියේ ඉන්නා සෙසු ශ්‍රී ලාංකිකයන් මෙයට ප්‍රතිවිරුද්ධව කොටින් කළ අපරාධ ලොවටම හෙළිකරන සමන්ත්‍රණයක්‌ පැවතුවා නම් හොදයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 October 2012 04:32 PM

පුළුවං නම් ඇවිල්ලා සම්මන්ත්‍රණ කරන්නකො මිලානෝ වල.. මතක ඇතිනෙ ගියපාර ගුටිකාලා ගියා..!(නු)

:       0       0

අනිල් Tuesday, 23 October 2012 11:10 PM

රාජා, මතකද ප්‍රභාකරන්ට වෙච්ච දේ? (නි)

:       0       0

සිතුම් Tuesday, 23 October 2012 11:38 PM

පුලුවන්නම් එනවකෝ මිලානෝ වලට... (නි)

:       0       0

වසන්ත කුමාර Tuesday, 23 October 2012 05:26 PM

අර පිටේ පච්ච ගහපු එක්කෙනාට මේවගේ වෙලාවට රට ගැන කැක්කුමක් නැද්ද?(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:52 PM

රජය මේ ගැන පියවර ගත යුතුයි... සුළුවට තැකීම හොද නැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 695 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1367 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 298 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1257 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site