IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කටේ කලළ ඉවත් කරයි

වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු කියති.

මහමෝදර රෝහලේ දී උපත ලැබූ මේ දැරියට සැත්කම කර ඇත්තේ උපත ලබා තුන්වැනි දිනදීය. කුසේ සිටින දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කටයුතු කැර තිබිණි.

උපත ලැබුවේ දැරියකි. ඇගේ කටේ විශාල ගෙඩියක් එල්ලෙමින් තිබිණි. මේ හේතුවෙන් ඇගේ කට වැසිය නොහැකි විය. දැරියට මව් කිරි බීමට ද හැකියාවක් තිබුණේ නැත. ඇය නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ වෛද්‍යවරු ඇගේ උදරයෙන් බටයක් යවා මව්කිරි දිමට කටයුතු කළහ.

පසු දින කරාපිටිය රෝහලේ දී දැරිය පරීක්ෂාකළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය ශල්‍යකර්මයකට යොමු කළ යුතු බවයි. ඒ ඇය ඉපදී තුන්වැනි දිනයේ දී ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.කස්තුරි හා මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.කේ.ඩයස් මහතා ශල්‍ය කර්මය සිදුකළහ. නිර්වින්දන කටයුතු සිදුකරන ලද්දේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා විසිනි.

ශල්‍ය කර්මයෙන් ගෙඩිය ඉවත් කළ පසු පෙනී ගියේ එය ගෙඩියක් නොව වර්ධනය නොවූ කලළයක් බවයි. එම කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කළ අතර එහි එක් කලලයක් නොව වර්ධනය නොවූ කලල දෙකක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් බවයි. සැත්කමින් පසු දැරිය ඉතා හොඳින් සිටින බවත් දැන් මවගෙන් කිරි උරා බොන බවත් වෛද්‍යවරු කියති. එසේ වුව ද ඇගේ උඩු තල්ල දෙකට බෙදී ඇති බැවින් ඇයගේ කථන හැකියාව වර්ධනය කිරීම සඳහා වසර එකහමාරකින් යළි උඩු තල්ලේ සැත්කමක් කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ නිගමනයයි.

Baby 02 Baby 03 Baby 04 Baby 05 - Copy

 



අදහස් (0)

කටේ කලළ ඉවත් කරයි

ලලිත් කුමාර Friday, 06 November 2015 03:10 AM

අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

කුමාරි Friday, 06 November 2015 03:12 AM

මාත් අම්මා කෙනෙක් , දරුවා දැක්කම කියාගන්න බැරි වේදනාවක් දැනුනා. දුවේ නුබට තෙරුවන් සරණයි. (රේ)

:       0       0

ප්‍රදීපිකා Friday, 06 November 2015 03:19 AM

ඉක්මන් සුවය ලැබේවා. බුදු සරණයි...(රේ)

:       0       0

දිලුම් Friday, 06 November 2015 03:24 AM

වෛද්‍යවරු මිහිපිට සිටින දෙවියන් බව ඔවුන් අපට සැමවිටම ප්‍රත්‍යක්ෂ කරනවා. ඔබලාටත් අහිංසක දරු පැටියාටත් බුදු සරණයි...(රේ)

:       0       0

අයන්ත Thursday, 05 November 2015 04:03 PM

දේව කරුණාවෙන් ඉක්මන් සුවය ලැබේව.වෛද්‍ය වරුන්ට ස්තුතියි.(රේ)

:       0       0

මාගල් ෆොාන්සේකා Thursday, 05 November 2015 04:16 PM

දොස්තර මහතාට පිං . වෙන කාටවත් නෙමේ ...(රේ)

:       0       0

ෆාරා Thursday, 05 November 2015 04:43 PM

පැටියාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 04:49 PM

තෙරුවන් සරණයි! අනේ පවු. පොඩි එකාට කතාකිරීමේදි ගැටලුවක් නොවේවා! (නි)

:       0       0

රසාංග Friday, 06 November 2015 03:53 AM

ඉක්මනින්ම සුවය ලැබේවා! (නි)

:       0       0

පුබුදු Friday, 06 November 2015 04:03 AM

බුදු සරණින් චූටි දුවට සුවපත් වේවා....(රේ)

:       0       0

මධු Friday, 06 November 2015 04:25 AM

ඉක්මන් සුවය ලැබේවා..!!! (ම)

:       0       0

කුමාරි Friday, 06 November 2015 04:26 AM

බුදුසරනය් චුටි දුවේ ඔයාට , ඉක්මනින් සුවය ලැබේවා (ම)

:       0       0

තුසිත Thursday, 05 November 2015 05:30 PM

සැබෑ දෙවියන් ඔබයි. ඔබට තෙරුවන් සරණයි! මේ දියණිය ඉක්මනින් සුව වේවා! (නි)

:       0       0

අරුණ ලක්මාල් Friday, 06 November 2015 01:00 PM

චූටි බබෝ, ඔයාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා! (නි)

:       0       0

කුමාර Thursday, 05 November 2015 06:01 PM

ඔබට පින් දොස්තරවරුනේ! මිහිපිට සිටිනා දෙවියන් ඔබයි (නි)

:       0       0

මාාගලි ෆොන්සේකා Friday, 06 November 2015 06:00 AM

ඔය කියන කරුණාව තිබුනානම් දෙවියන්ට දරුවා ඔයවගේ කරදරයක් නොවී ඉපදෙන්න තිබුනානේ.මුනුස්සයන්ට මනුස්සයන්ගේ පිහිට විතරයි තියෙන්නේ.(රේ)

:       0       0

පෙරේරා Thursday, 05 November 2015 07:32 PM

අනේ! මෙවන් දේවල් කිසිවෙකුට වෙන්න එපා (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 05 November 2015 07:46 PM

බුදු සරණින් ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

රැමෙිෂ් Friday, 06 November 2015 06:33 AM

බුදු සරණයි (ම)

:       0       0

සුමුදු Wednesday, 11 November 2015 05:16 PM

බුදු සරණයි චුටි දුවට කිසිදාක මෙවන් දෙයක් සිදු නොවේවා(රේ)

:       0       0

සුරේෂ් Thursday, 05 November 2015 09:04 PM

පැටියෝ, ඔයා ඉක්මනට සනීප වෙන්න කියා පතනවා (නි)

:       0       0

මහින්ද කුමාර Friday, 06 November 2015 06:49 AM

මේ දරුවට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (බ)

:       0       0

සුමුදු Friday, 06 November 2015 07:31 AM

මේ දරුවට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ම)

:       0       0

අසලා Friday, 06 November 2015 07:28 AM

මේ දරුවට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා අනේ දුවේ, ඔයාට බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ම)

:       0       0

රාජිකා දිලිප් කුමාර Friday, 06 November 2015 08:02 AM

ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා දු පැටියෝ...(රේ(

:       0       0

අබේ Saturday, 07 November 2015 08:41 AM

මගේ චුටි පුතා මතක් උණා. පුතේ ඔයාට දළදා පිහිට ලැබේවා! (ස)

:       0       0

පැතුම් Friday, 06 November 2015 08:47 AM

වෛද්‍යවරු හෙදියන් ඇතුලු සියලු දෙනාටම පිං. ළමයට බුදු සරණයි (ම)

:       0       0

ප්‍රසන්න Friday, 06 November 2015 04:13 PM

මේ කාලය දරුවන්ට අපල කාලයක්.මෙම දරුවා ඇතුළු සියලු දරුවන් රැකදෙන්න සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා.ජනේරු 8 කියන්නේ මහා මුසල දවසක්. (බ)

:       0       0

අසංක Friday, 06 November 2015 12:17 AM

ඉක්මනින්ම සුවය ලැබේවා! (නි)

:       0       0

රූපවතී Friday, 06 November 2015 01:04 AM

දේව මෑණියන්ගේ ආරක්ෂාවෙන් මේ දරුවාට කිසිදු අතුරු ආබාධයක් නොවී ඉක්මන් සුවය ලැබේවා .....! (නි)

:       0       0

සුමාල් පෙරේරා Friday, 06 November 2015 02:00 AM

දොස්තර දෙවියන්ගේ කරුණාවෙන් දිවි බේරුණු දරුවාට සුබ අනාගතයක් පතමි. (නි)

:       0       0

තිසර Friday, 06 November 2015 02:19 AM

ඉක්මන් සුවය ලැබේවා නමෝ බුද්ධාය ....(රේ)

:       0       0

තේජාන්විත Friday, 06 November 2015 02:27 AM

වෛද්‍ය කණ්ඩායමට දිර්ඝායුෂ !!! අනෙක වාරයක් පිංසිදු වේවා !!!(රේ)

:       0       0

බුද්ධික Friday, 06 November 2015 02:37 AM

ඔබ තුමන්ලා අපගේ දෙවියෝය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ඉක්මන් සුවය පතමි,,,,,,,,,,,,,,,,,,,,,,,,,(රේ)

:       0       0

දීපා Friday, 06 November 2015 02:50 AM

වෙදදුන්ට හා චූටි පටියට තෙරුවන් බෙලෙන් දීර්ගායු වේවා.(රේ)

:       0       0

දමිත් Thursday, 05 November 2015 03:47 PM

තෙරුවන් සරණින් ඔයාට ඉක්මනට සනීප වෙනවා චුටි පැටියෝ (රේ)

:       0       0

රොෂාන් Friday, 06 November 2015 02:55 AM

ඔයාට ඉක්මනින්ම සනීප වෙන්ව චූටි පැටියෝ බුදුසරණයි ඔයාට (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 825 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5137 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3012 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1406 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1516 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28232 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site