IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කෝටි ගණනක භාවනා මධ්‍යස්ථානයක් ඉඹුල්ගොඩ?

රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පැවසීය.

පැවැති රජයේ ප්‍රධානියකු සඳහා ඉදි කළ බව කියන එම මධ්‍යස්ථානයට බදාදා රාත්‍රී තමා එහි යන විට සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු සිටි බවත් රාමනායක මහතා පවසයි.

එම ස්ථානයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  ඇතුළු පිරිසක් පැමිණි බව ආරක්ෂාවට සිටි පුද්ගලයෙක් නියෝජ්‍ය ඇමැතිවරයාට කීවේය.

සන්ධාන ආණ්ඩුව පවතිද්දී සිවිල් ආරක්ෂ භටයන් 60ක් පමණ එහි සිටි බවත්, ආණ්ඩු පෙරලියත් සමඟ ඔවුන් නැවැත ගිය බවත්, එහි සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ සිවිල් ආරක්ෂක බළකාය හරහා බවත් ඔහු කීවේය.

ප්‍රදේශවාසීන් කීවේ පොහොය දිනකටවත් එම ස්ථානයට යෑමට කිසිවකුට ඉඩ නොදෙන බවයි.

එම ස්ථානය ගැන අදහස් දැක්වූ නියොජ්‍ය ඇමැති රාමනායක මහතා මෙසේ ද කීවේය.

‘දැන් කියයි අපි මේ මඩ ගහනවා කියා. වරායේ ගල් පාවිච්චි කර, අධි සුඛෝපභෝගී විදියට මෙය ඉදි කර තියෙනවා. මෙය සැඟවුණු තැනක්. සිවිල් ආරක්ෂක බළකාය වැඩ කරන්නේ. බඩු ගෙනත් තිබෙන්නේ ආණ්ඩුවේ වාහනවල. එක පුද්ගලයකුට හෝ ඔහුගේ හිතවතුන්ට භාවනා කරන්න හැදූ බව ආරංචි වූ නිසයි මෙතැන බලන්න ආවේ. වැරදියට වටහා ගන්න එපා මේ ගැන.

භාවනා කරන තැනක් අති සුඛෝපභෝගීව ඉදි කර තිබෙන්නේ. මෙය අක්කර අටක භූමියක්. වැවක් තිබෙනවා. වරායේ ගල් අල්ලා තිබෙනවා.  

ස්නානය කරන්න පවා හොඳම වර්ගයේ නාන මෙවලම් භාවිත කර තිබෙනවා. මෙය බෞද්ධ දර්ශනයටත් පටහැනියි. භාවනා කරනවට අපි අකුල් හෙලන්නේ නැහැ. මෙවැනි සුපිරි භාවනා මධ්‍යස්ථානයක් මගේ ජීවිතයේ පළමු වැනි වතාවටයි දැක්කේ. මේවා ගැන අවදියෙන් ඉන්නවාට ජනතාවට ස්තුති වන්ත වෙනවා. ‘

ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් කීවේ එම භාවනා මධ්‍යස්ථානයට කිසිවකුට යෑමට ඉඩ නොදෙන නිසා ඒ ගැන කිසිත් නොදන්නා බවයි.



අදහස් (0)

කෝටි ගණනක භාවනා මධ්‍යස්ථානයක් ඉඹුල්ගොඩ?

දිනේෂ් Friday, 06 February 2015 03:16 AM

පුදුමාකාර සොයාගැනීමක්නේ! (නි)

:       0       0

අර්ජුන Friday, 06 February 2015 10:38 AM

නිකන් බාල වැඩ නොකර හිටියනං හොදයි.(හේ)

:       0       0

අබේ-ටෝකියෝ Saturday, 07 February 2015 05:28 PM

මොනවා වුණත් මේවා බෞද්ධ අපිට සම්පත්. අඳුරේ අතපත ගාන්න එපා (නි)

:       0       0

අනිල් Friday, 06 February 2015 10:44 AM

මේ ගැන රටේ ජනතාව දැන ගත යුතුයි.(හේ)

:       0       0

අදිරි Friday, 06 February 2015 10:46 AM

හමුදාවේ අයට භාවනා කලාට වරදක් නැහැ..(හේ)

:       0       0

ඩබ්ලිව්.ජේ.ප්‍රේමදාස Friday, 06 February 2015 03:39 AM

මංජුල මහත්තයෝ, මමත් ඉන්නේ සංවර්ධිත රටක.මේ රටේ තිබෙන භාවනා ආරණ්‍ය වලට මම ගිහිල්ලා තියෙනවා. භාවනා කුටි තියෙන්නේ මහා කැලේ.එක කුටියක තියෙන්නේ කුඩා ඇදක් සහ කුඩා භූමිතෙල් ලාම්පුවක් පමණයි.ශීත ඍතුවේ රාත්‍රියේ උෂ්ණත්වය ඍණ10 ට,15 ට අඩුවෙනවා. භාවනා කරන අය දානය වැළඳීමට කිලෝමීටර 2-3 ක් ගෙවා උදේ 10 ට පමණ,දිනකට එක් වරක් පමණයි දාන ශාලාවට එන්නේ.ඒ නිසා කියන්න එපා පිටරැටියෝ මෙවැනි සුඛෝපභෝගී තැන් හොයාගෙන ලංකාවට එනවා කියලා (නි)

:       0       0

රණවක Friday, 06 February 2015 03:39 AM

ඔබට දේශපාලනය සුදුසු නැත. දැන් ඉතින් ඵලදායී වැඩක් කරනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

සමන්ජය Friday, 06 February 2015 03:44 AM

සිවිල් ආරක්ෂක බලකායේ කට්ටිය මොනවා කරනවද භාවනා මධ්‍යස්ථානයේ? (නි)

:       0       0

මහින්ද කේ.ගොඩගේ - සීෂෙල්ස් Friday, 06 February 2015 03:47 AM

ගිහාන්, බන්දුලට ටිකක් කේන්ති ගිහිල්ලා වගෙයි. (නි)

:       0       0

රූපවතී Friday, 06 February 2015 03:50 AM

නිශාන්ත මහත්තයෝ, ඔවැනි සුපිරි තැන්වල භාවනා කරලා හිත සන්සුන් වෙනවද? (නි)

:       0       0

රන්ජිත් Friday, 06 February 2015 03:53 AM

කොහොමත් සමහරුන්ගෙන් අපිට මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 03:54 AM

ගඩාෆිගේ මරණයෙන් පසේ අන්තර්ජාලයේ ගඩාෆි ජීවත්වුණ අධි සුඛෝපභෝගී ජීවිතය ගැන ලිපි අන්තරජාලයෙන් මුදාහැරියා.ගඩාෆි සැතපෙන්නෙත් රත්තරනින් හදපු පුටුවක. නිවාස ඇතුළේ හැමතැනම දියමන්ති වලින් කළ නිමැයුම්.නාන තටාකය වටේ දියමන්ති අල්ලලා.අදටත් මම ඒ ෆොටෝ තියාගෙන ඉන්නවා. බලනකොට අපේ ලංකාවේ අයත් මෙවැනිම අධි සුඛෝපභෝගී ජීවිත ගතකරලනේ! (නි)

:       0       0

කණිෂ්ක Friday, 06 February 2015 03:54 AM

ඡන්දෙට පෙරත් ගොඩක් දේවල් හොයාගෙන තිබෙනවා කිවුවා. ජනවාරි 08 සිට හැමදාම අලුත් දෙයක් හොයාගෙන පෙන්නනවා.ඒත් තවම එක් කෙනෙක්වත් පොලිසියෙන් නැත්නම් අල්ලස් දුෂණ එකෙන් අත්අඩංගුවට ගත්තද? කාවද මේ රවටන්නේ? (නි)

:       0       0

කිංග්ස්ලී පෙරේරා Friday, 06 February 2015 03:55 AM

මාටින්, මොකද නියෝජ්‍ය ඇමතිතුමා මේ පිළිබඳව මහජනයා දැනුවත් කළ එක ඔබතුමාට ගැටලුවක්ද? (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි Friday, 06 February 2015 03:57 AM

රන්ජන් රාමනායක මැතිතුමාට ජයවේවා! (නි)

:       0       0

ශිරන්ති Friday, 06 February 2015 03:59 AM

සුරියබණ්ඩාර අයියේ,මට නම් හරිම සතුටුයි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 04:00 AM

"එක පවුලක්,එක කල්ලියක්" රටම යටත් කරගෙන අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකළා.රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වැයකරලා කළ සෑම දෙයක්ම අපිට දැනගැනීමට අයිතියක් තිබෙනවා.ඒ අපේ පරිප්පු ටිකෙන්,පාන් කාලෙන්,හාල් ටිකෙන් ගහපු බදු මුදල් නිසා. (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:15 AM

මරණ සහතිකය අතේ තියන් මෛත්‍රීගේ හැම රස්විමකටම ගිය ජෙනරල් සරත් ෆොන්සේකා දැන් දකින්නවත් නැහැ. රට විනාසම කරපු "මෙගා හොරුන්ට"කිසිම දෙයක් වෙන්නෙත් නැහැ. කරන්නෙත් නැහැ, කරන්න කොන්දකුත් නැහැ කියන එක ඉතාම පැහැදිලියි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 04:03 AM

කවදාවත් බලය අතහරින්න නෙමෙයි හිටියේ.ඒකනේ කෙසේ හෝ රටේ බලය රැකගන්න බැලුවේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 06 February 2015 04:04 AM

තවම අසුවුණේ 10% කටත් අඩුවෙන්.රටේ මොළ සේදූ මිනිස්සු ඉන්නතුරු රටට සුගතියක් නැහැ. හැකි ඉක්මනට පුනරුත්තාපනය කරවන්න වැඩ‍පිළිවෙලක් සකස් ්‍ (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:17 AM

හිටපු ජනාධිපති ගෙදර ගිය දවසේ ඉදලා ලංකාවට ඉර පායන්නේ නැද්ද?මොකද මේ කරුවලේ අත පත ගන්නේ.රජයක් හැටියට රටේ මිනිසුන්ට මේවා පෙන්වලා දෙන්න කොන්දක් නැද්ද?(හේ)

:       0       0

සොයිසා Friday, 06 February 2015 04:05 AM

අම්මාගේ අප්පාගේ බුදලයක් වගේනේ රටේ සල්ලි බලනකොට වියදම් කරලා තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 06 February 2015 04:07 AM

"වටිනාකම රුපියල් කෝටි ගණනක්".... දෙවියනේ! මේ කජු ඇටවත්, කොස් ඇටවත් නෙමෙයිනේ! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 06 February 2015 11:22 AM

දුෂ්කර ප්‍රදෙස වල මිනිසුන් සමහර රක්ෂිත වනාන්තර වලට දර කඩන්නවත් යන්නේ නැහැ "මහා සොහොන්"බියට. එවැනි වනාන්තර වලට සැප වාහන වලින් ඉන්දියන් පුසාරියෝ ගෙනත් හමුදාවෙන් මුළු ප්‍රදේශයම ආවරණය කරවලා මාස ගණනකින් විශාල සෙත් සාන්ති කරලා අරන් ගිය නිදන් ගැනත් හොයන්න. නිදන් හොරු කව්ද කියලත් රටට හෙළි කරන්න. (නදී)

:       0       0

සුගත් Friday, 06 February 2015 04:09 AM

මුදල් වියදම්කර මෙවැනි භාවනා මධ්‍යස්ථානයක් හදන්න ඇත්තේ ඉක්මණින් තනිවම බුදුවෙන්න හිතිලා වෙන්න ඇති. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 06 February 2015 04:09 AM

රටේ මිනිසුන්ට තුන් වේල කන්න සල්ලි නැහැ.වේලක් හැර වේලක් දරුවන් කන්නේ. (නි)

:       0       0

දයාල් Friday, 06 February 2015 04:10 AM

ආලෝකයක් නැති වෙලාවක කළ ලොකු සොයාගැනීමක් වගෙයි මම නම් මෙය දකින්නේ (නි)

:       0       0

අකුරැටිය Friday, 06 February 2015 04:11 AM

මේ හැමදේම ගැන හොඳින් පරීක්ෂා කරන්න. (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:29 AM

ඉතාම පැහැදිලියි.කියන දේ කරන,කරන දේ කියන නායකයෙක් අපිට නැවත ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:31 AM

මහජන මුදලින් රුපියල් කෝටි 3000 ක් නෙමෙයි රුපියල් ලක්ෂයක් වියදම් කරලා හදපු දෙයක් හෝ රටේ මිනිසුන්ට දැන ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ වියදම් කරන්නේ කාගේවත් බුදලයකින් හෝ කුඹුරෙන් එන අාදායමෙන් නොවන නිසා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:33 AM

බණ්ඩාර, ඕවා තේරුම් ගන්න තරම් රටේ මිනිසුන්ට මොලයක් කියල දෙයක් ඉතිරි කරලා නැහැ. "මොළ හෝදලයි" තියෙන්නේ. (නදී)

:       0       0

සහන් Friday, 06 February 2015 04:27 AM

මේ වගේ මන්ත්‍රීලා රටට වටිනවා .(හේ)

:       0       0

දයාවතී Friday, 06 February 2015 04:28 AM

වැඩි හරියක් තියෙන්නේ කරුවලේ යන දර්ශන නේ. මේ මිනිස්සු මිට වඩා සුකොපභෝගී ඒවා දැකල නැද්ද? බොරු නාට්‍ය රඟ දැක්කුවා ඇති. මිනිස්සුන්ට දැන් ඕවා අහලා ඇති වෙලා. (හේ)

:       0       0

ගිහාන් Friday, 06 February 2015 11:39 AM

කවුදෝ භාවනානුයෝගී භවතෙක් මගේ නමින් භාවනා කරන බව පේනවා. මගේ නමින් ලියන්න එපා කියල කියන්න බැහැනේ. අර කඩේ යන කට්ටියගෙන් එක්කෙනෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

කමල් Friday, 06 February 2015 04:34 AM

මම ඉන්නේ ඉඹුල්ගොඩ. මේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

උපුල් ශාන්ත Friday, 06 February 2015 11:58 AM

දෑනට ගහන්න හදපු හෑම ගලක්ම ආපිට ආවා. වැඩක් උනේ නැහැ. අවි නැව, මහින්දගේ ප්ලේන් එක, නාමල්ගෙ හෙලිකොප්ටර් එක, ලැම්බෝගිනි ඒ හැම එකම මඩක් උනා. කිසි දෙයක් හොයන්නේ නැතිව මොනව හරි දැක්ක ගමන් ලෝකෙටම ප්‍රසිද්ද කරල නිකම්ම නා ගන්නවා. ඔයිට වඩා හොද නැද්ද ඔය රාජිතලගෙ අලි හොරුන්ගෙ අසාත් සාලිලගේ දූෂණ හොයල රටට වැඩක් ඇති දෙයක් කලොත්. රන්ජන් කියන්නෙ දැන් මර්වින් සිල්වාටත් වඩා විහිලුවක්. මීට කලින් කවදාවත් කිසිම දේශපාලුවෙක් හොරකම් කරල නෑ වගේ. පලි ගෑනීමේ චේතනාව අයින් කරල රටට වැඩක් කරල පෙන්වන්න (නදී)

:       0       0

ගුණසේන Friday, 06 February 2015 11:59 AM

රන්ජන් රාමනායකට හොඳම ඇමතිකම ලැබිල වගේ (නදී)

:       0       0

දිලිප් Friday, 06 February 2015 04:53 AM

මහජන මුදල් අනිසි භාවිතයත් , ස්වකීය සුඛ විහරණයත් පතා අව භාවිතයත් සංසාරික ගෙවා දැමිය නොහැකි පාප කාර්ම.(දිල්)

:       0       0

හින්නි Friday, 06 February 2015 04:54 AM

අලියාගේ හැඩය ගැන අන්ධයන් පිරිසක් කි කතාව මතක් වෙනවා.(දිල්)

:       0       0

හින්නි Friday, 06 February 2015 04:56 AM

අලියාගේ හැඩය ගැන අන්ධයින් පිරිසක් කී කතාව මතක් වෙනවා. (නි)

:       0       0

දර්ශන Thursday, 05 February 2015 03:26 PM

මෙලෙස මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින්, අධි සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථාන ඉදි කරමින් තනිවම භාවනා කර තනිවම නිවන් දැකීමට තැත් කළ රජයේ ප්‍රබලයා කවුදැයි වහාම රටට හෙලි කළ යුතුය. මෙවැනි සහ ගහන අපරාධ ඉදිරියට සිදු නොවිය යුතුය.(හේ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 05 February 2015 03:31 PM

කෝටි ගණන් රටේ සල්ලි වලින් මේවා තමයි කළේ.(හේ)

:       0       0

ගිහාන් Thursday, 05 February 2015 03:37 PM

භාවනා කරන්න ඕන කෙනෙක් භාවනා කර ගත්තාවේ . ඔය හැම දෙයක්ම බලන්න ගියොත් විෂය පථයේ වැඩ ටික කර ගන්න අපහසුවේවි නේද ? (හේ)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 06 February 2015 05:15 AM

මේවා වරායේ ඉදිකිරීම් කළ විශේෂ කලු ගල් වර්ගයක්.බොහොම සවිමත් ලස්සනට කැපූ ගලක්. වරායේ වැඩ කළ සේවකයකු ලෙස මා හට මේ කලු ගල් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. (නි)

:       0       0

රවී Thursday, 05 February 2015 03:47 PM

ඒ කියන්නේ, ගිය ආණ්ඩුවේ ලොක්කෝ භාවනා කළේ ආරක්ෂක භටයෝ සමඟද? (නි)

:       0       0

ධම්මික Friday, 06 February 2015 05:31 AM

දැන් එතකොට ඇමතිවරු හොරු හෙළිදරව් කරනවා, ජනතාව ගිහිල්ලද හොරු අල්ලලා, පොලිසියට ගෙනල්ලා, නඩු දාන්න ඕනෑ? කෝ ලොකු මාලු එක් කෙනෙක්වත් අහුවෙලා නැහැනේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 03:57 PM

දැන් භාවනා මධ්‍යස්ථාන තමයි රටේ ප්‍රධාන ප්‍රශ්නය. (නි)

:       0       0

නලීන් Friday, 06 February 2015 05:37 AM

භාවනා මධ්‍යස්ථානයකට යන්නේ යම් කෙනෙක් සියල්ල අතහරින්න ඕනෑ නිසා.එම ස්ථානය ඉතාම සරල වන්නට ඕනෑ.සිත නිවන තැනක් වන්නට ඕනෑ.මෙතන එවැන්නක් පෙනෙන්නටවත් නැත. ඉතින් මෙහි අරමුණ ගුප්ත දෙයක් නොවේද? (නි)

:       0       0

නන්දලාල් Thursday, 05 February 2015 04:06 PM

කවුද අනේ මෙහාට භාවනා කරන්න එන පින්වතා? බලයේ සිටියදී කළ පව් කන්දරාව මකාගෙන දෙව්ලොව යන්නද මෙවැනි භාවනා අසපුවක් හැදුවේ? (නි)

:       0       0

නන්දලාල් Thursday, 05 February 2015 04:09 PM

සමහරවිට මේ භාවනා මධ්‍යස්ථානය පැරණි රජ කාලේ හැදූ එකක් වෙන්න බැරිද? මේක මේ කාලේදී හොයාගත් එක මුළු රටේම වාසනාවක් !!! (නි)

:       0       0

තිලක් Friday, 06 February 2015 05:38 AM

මේක ගැන පුදුම වෙන්න එපා (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 05 February 2015 04:16 PM

පේනවා නේද? බොරුවට ලැම්බොගිනි, හෙලිකොප්ටර්, කැසිනෝ දාන්න හදනවා වගේ පෙන්නාගෙන ජනතාව රවටා මහජන මුදල් සුන්නද්දූලි කරලා භාවනා කරන්නයි සූදානම්වෙලා තියෙන්නෙ. අන්තිමේදි එක ලැම්බොගිනියක්වත් හමුවුණේ නැහැ. (නි)

:       0       0

රෝයි Thursday, 05 February 2015 04:24 PM

දැනට පැමිණිලි කරලා තිබෙන එකක් හරි විභාග කරලා වැරදිකරුවන්ට දඬුවම් දෙන එක නේද මේ වනවිට කළයුත්තේ? වත්මන් රජය ගැනද දින සීය ඇතුළත විශාල කළකිරීමක් ජනතාව තුළ ඇතිවෙමින් තිබෙනවා. නැවත ළඟදි එන ඡන්දයකදී ජනතාව අලුත් යමක් හිතන්න උනන්දු වේවි. (නි)

:       0       0

අසෝක Thursday, 05 February 2015 04:29 PM

මෙතනට මම ගිහින් තියෙනවා. (නි)

:       0       0

මාලන් Thursday, 05 February 2015 04:34 PM

ගිහාන්, ඕවාට වියදම් කරලා තියෙන්නේ, ඔයාගේ මුදල් නෙමෙයි. මේ රටේ දුප්පත් මිනිසුන්ගෙන් ගත් මුදල්. මේවා ගැන හොයන්න, මේවා ගැන කතාකරන්න, විතරක් නෙමෙයි, මේවා කළ අයට දඬුවම් දෙන්න කියලා රජයට බලකරන්නත් ජනතාවට අයිතියක් තිබෙනවා. (නි)

:       0       0

පෙරේරා Friday, 06 February 2015 05:51 AM

ඕක සියලු දෙනාටම භාවනාව සඳහා හෝ වයස්ගත වනවාසී හාමුදුරුවන් වෙනුවෙන් වෙන්කර දෙන්න. (නි)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Friday, 06 February 2015 05:51 AM

ඕනෑම භික්ෂුවකට ශාසනයට ඇතුළු වුණාට පසුව විනය නීතිය අනුව ජීවත්වීම අනිවාර්ය කළයුතුයි.අද ගොඩක් භික්ෂුන් තම තමන්ට ඕනෑ ආකාරයෙන් තමන්ට කියලා වෙන්කරගෙන ඉන්න විශේෂ දායකයන් විශේෂ ස්ථාන පමණක් ඇසුරු කරමින් සසුනේ පෙනීසිටිනවා. මම නම් භික්ෂුවක් කියා පිළිගන්නේ සමාජය ශීලයේ පිහිටුවමින් නිවන් මාර්ගයටම යොමුකිරීමට පාර කියාදෙමින් 8 වෙනි භවයෙන් පසුව සෝතාපත්ති මාර්ගයට පිවිසීමට වෙරදරන සිල්වත් පිරිසට මිස සුඛෝපභෝගී ලෙස ශාසනයේ හැසිරෙන පිරිස නම් නොවෙයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 06 February 2015 01:16 PM

කවුරු උනත් මේ නළුවට සුදුසුම ඇමතිකම දීල තියෙනවා. (නදී)

:       0       0

කල්පගේ Thursday, 05 February 2015 04:46 PM

වැඩේ ඇත්ත නම් ශාසනයත් වෙනස්කරන්න උත්සාහ කරලා. (නි)

:       0       0

සෑම් Friday, 06 February 2015 05:58 AM

රන්ජන් මහත්තයෝ, පෝර්ට් සිටි එකට මොකද වුනේ දන්නවද? මේකත් ඒ වගේම මාධ්‍ය සංදර්ශනයක් විතරයි. (හේ)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 05 February 2015 04:48 PM

රන්ජන් රාමනායක අපිට භාවනාව ගැන උගන්වන්න එනවා. මේ අය කියන කරන ඒවා තේරෙන්නේ දෙවියන්ට පමණි (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 06:01 AM

ලජ්ජා වෙන්නේ නැතිව මෙතන සිද්ධ වුනේ මොනවද?කවුද මේක පරිහරණය කලේ?කාගේ මුදල්ද?දෙන දඩුවම මොකක්ද ?කියලා පරීක්ෂණ කරන්න.(හේ)

:       0       0

ලසන්ත Thursday, 05 February 2015 04:50 PM

බෞද්ධයෝ වන අපිට නම් මේ වගේ ස්ථාන ගැන හරිම සන්තෝසයි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 06 February 2015 06:02 AM

ප්‍රබාකරන් මැරුණට පසුව ඔහු ගත කළ සුපිරි ජීවිතය ගැන රටටම පෙන්වලා දුන්නා.ජනතාවට දැක බලා ගන්න ඉඩ සැලසුවා.මේවත් ජනතාවට දැක බලාගන්න ඉඩ දෙන්න.(හේ)

:       0       0

සෝබනා Friday, 06 February 2015 06:04 AM

බලන් ගියහම මිනිමරුවෙක් වුනත් ප්‍රභාකරන් මේ තරම් මහජන මුදල් කාබාසිනියා කරලා නැහැනේ.(හේ)

:       0       0

දේශප්‍රිය Friday, 06 February 2015 01:31 PM

බුදු රදුන් දේශනා කලේ අාරණ්‍ය ගතෝවා, රුක්ඛ මූල ගතෝවා කියලා. එතන තිබුන නිදානෙත් හාරාගෙන සුකොපබෝගී අාරන්‍යගතොවා වෙලා වගේ. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 05 February 2015 05:03 PM

බුදුන් වහන්සේවත් නොවදාළ ක්‍රමයකට තමා නිවන් යන්නත් හදලා තියෙන්නේ. මේවා අනුමත කරන හාමුදුරුවරුත් ඉන්නවද? පළකළාට ලංකාදීපයට තුති! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 06 February 2015 06:07 AM

දවල් කාලේදී රූපගත ගත කරන්න බැරි කාගෙන් හරි බලපාමක්වත් තියෙනවද?(හේ)

:       0       0

කුමාර් Thursday, 05 February 2015 05:06 PM

ලොක්කන්ට හිත සන්සුන් කරගන්න තමා මේක හදන්න ඇත්තේ. (නි)

:       0       0

කුමාර් Thursday, 05 February 2015 05:08 PM

භාවනාව කියන්නේ මනස හිස්කර ගැනීමයි. (නි)

:       0       0

බන්දුල Saturday, 07 February 2015 06:34 AM

කතාවෙන් තේරෙනවා මේකට වැඩිහරියක් වියදම් කරලා තියෙන්නේ ආණ්ඩුවේ තැන් වලින් ඉවත්කරන දේවල් වලින් කියලා. මේකට ශ්‍රමය දීලා තියෙන්නේ සිවිල් ආරක්ෂක බලකාය. ලංකාවේ ඉතිහාසයේ ලියවිලා තිබෙනවා පුරාණ රජ කාලෙත් මේ විදියට යුද්ධය නැතිකාලෙට මේ විදියේ ගොඩනැඟීම් කළ බව. මේක නාස්තියක් නෙමෙයි. පන්සලක්. ඉස්සරත් මේ විදියට හොඳම බඩු දාලා තමයි රජවරු පන්සල් හැදුවේ, අවුරුදු දහස් ගණනක් පවතින්න. මේ කියන විදිහට හැදුවා නම් රුවන්වැලිසෑය වගේ ස්ථාන මෙච්චර කලක් තිබෙන එකක් නැහැ. මේක වහලා තියෙන්නේ තවම හදන නිසා. හදා අවසන්වුණාම හැමෝටම යන්න දෙයි. (නි)

:       0       0

ජයතිස්ස පෙරේරා Friday, 06 February 2015 06:32 AM

අම්මාගේ අප්පාගේ බුදලයක් වගේනේ රටේ සල්ලි බලනකොට වියදම් කරලා තියෙන්නේ.(හේ)

:       0       0

පාරා Thursday, 05 February 2015 05:11 PM

එහෙම නම් කෝටි ගානක් වියදම් කරලා පල්ලියක් හදමුද? මේ වගේ දේවලට මිනිසුන් ආධාර කරන නිසානේ කරන්නේ. මිනිසුන්ට පුද්ගලිකව තමන් ට ඕනේ දෙයක් කරන්නත් දැන් තහනම් වගේ. එහෙමනම්, ඔච්චර සල්ලි වියදම් කරලා චිත්‍රපටි හදන එක වහාම නවත්තන්න. (නදී)

:       0       0

ලසන්ත Thursday, 05 February 2015 05:12 PM

ඕක දැන් පල්ලියක් කරන්නද යන්නේ (නදී)

:       0       0

ආනන්ද ආර් Thursday, 05 February 2015 05:16 PM

මේක මහින්ද මහත්තයාගේ නිල නිවාසයට හොඳයි. ඉතිරි කාලය භාවනානුයෝගිව ඉන්න කියල භාර දෙමු. (නදී)

:       0       0

කාංචන Thursday, 05 February 2015 05:29 PM

ජාත්‍යන්තරව හදනවා නම් හොඳයි. එකට අකුල් හෙලන්න හොඳ නැහැ. අනික ඕකෙන් මිනිස්සුන් සුවපත් කරනවා විතරයි නේ. එත් ඒ මට්ටමට හරියන හාමුදුරුවරු කීපනමයි ලංකාවේ ඉන්නේ. මේක නම් කවුරු කොහොම කලත් හොඳ වැඩක්. අධ්‍යාත්මික ආයෝජනයක්. (හේ)

:       0       0

චන්ද්‍රදාස විතානගේ Friday, 06 February 2015 06:57 AM

ලැබුන ආධාරයක් වෙන්න ඇති (නදී)

:       0       0

පද්මිණි Thursday, 05 February 2015 06:04 PM

හදලා තියෙන්නේ චාතුර් මහා රාජිකය වගේනේ. මෙහෙමත් මානසිකත්වයක්? (නි)

:       0       0

සම්පත් Thursday, 05 February 2015 06:06 PM

කොච්චර වියදම් කළත් මිනිස්සු යහමඟට ගන්න තැනක්නේ. ගණන් ගන්න එපා, ඔබතුමා දින 100 ගැන බලන්න. (නි)

:       0       0

ඉෂාන් Thursday, 05 February 2015 06:18 PM

ගිහාන්, භාවනා කරන්න ඕනෑ කෙනෙක් භාවනා කරගත්තාවේ තමයි. ඒ වුණාට මිනිසුන්ගේ, රටේ සල්ලි? භාවනා කරන්න කෝටි ගානක සල්ලි ඕනෑද? (නි)

:       0       0

රූෂන් Thursday, 05 February 2015 06:27 PM

ඉතින් ඔය ගල් වරායෙන් ගෙනා ගල්ම කියලා කියන්නේ කොහොමද? (නි)

:       0       0

ධනංජය Friday, 06 February 2015 07:02 AM

මම ඔට්ටුවක් අල්ලනවා! මේ ගැන සතියක් කතාකරයි. කියපු කෙනත් නැහැ අන්තිමට. මෙච්චරකල් එළිකළ ඒවාට මොකද වුණේ? (නි)

:       0       0

පෙරේරා Thursday, 05 February 2015 07:01 PM

අපේ පශු ඇමතිතුමා භාවනා මධ්‍යස්ථාන වටළන්නේ මොකද? (නි)

:       0       0

කසුන් - එංගලන්තය Friday, 06 February 2015 02:10 PM

කලින් කට්ටිය වැරදි කරලා මඩ නෑවා, අලුත් කට්ටිය පරණ අයගේ වැරදි හොයන්න ගිහින් මඩ නාගනී ද මන්දා. (නදී)

:       0       0

සෝමදාස Friday, 06 February 2015 07:07 AM

මේව අහලා අහලා දැන්අපිට එපා වෙලා තියෙන්නෙ.(දිල්)

:       0       0

සාමා Friday, 06 February 2015 07:11 AM

මේ මහජන මුදල් වලින් කරලා තියෙන සංවර්ධන වැඩ නේද? (දිල්)

:       0       0

ලලිත් Thursday, 05 February 2015 07:53 PM

භාවනා කරන කෙනෙකුට අවශ්‍යය වෙන්නේ නිසංසල පරිසරයක්. නාන කාමරයේ දර්ශනත් විඪියෝවෙන් දැක්කම තේරුණා ඔය කියන අධි සුඛෝපභෝගීබව සාපේක්ෂයි කියලා.(හේ)

:       0       0

චන්ද්‍රා Thursday, 05 February 2015 07:59 PM

කාගේද මේ සුපිරි හෝටලය.(හේ)

:       0       0

රණසිංහ Thursday, 05 February 2015 08:35 PM

වරායේ ගල් කියන්නේ මොනවද? මට නම් තේරෙන්නෙ නැහැ. ඇයි වරායෙන්ම ගෙනාවේ? (නි)

:       0       0

සිංහ Thursday, 05 February 2015 08:37 PM

අනේ අපොයි! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 05 February 2015 09:18 PM

නිකන් ඉන්නෙපා කොහොම කොහොමහරි තව තව හොයමුකො සෙල්ලම්.... (නි)

:       0       0

සුජීව Friday, 06 February 2015 08:11 AM

මීට වඩා වැදගත් වැඩක් අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනව‍ා (නි)

:       0       0

රණවක Thursday, 05 February 2015 09:54 PM

අනේ ඉතින්,ඔයාගෙ විෂය පථයට අනුවත් වැඩ කරන්න පටන්ගන්නකො හැකි ඉක්මනින්.. (නි)

:       0       0

කුමාරි Friday, 06 February 2015 08:13 AM

භාවනා කරන එකත් ලොකු දෙයක්. පුළුවන් නම් උත්සාහ කරන්න.එතකොට ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා. මොකද ඒකට උත්සාහ කරනකොට තමා අමාරුව තේරෙන්නේ. (නි)

:       0       0

කුමාරි පෙරේරා Friday, 06 February 2015 08:13 AM

හිටපු ජනාධිපති තුමා භාවනා කරපු එකත් ලොකු දෙයක්. ඔබතුමාත් පුළුවන් නම් උත්සහ කරන්න. එතකොට ඔය වගේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. මොකද එ්කට උත්සහ කරන කොට තමා අමාරුව තේරෙන්නේ. ඔබගේ විෂය පථය සම්බන්දව හිතන්න. නැතිනම් එ්කත් ෆිල්ම් එකක් වගේ වේවි. බුදුසරණ වේවා. (නදී)

:       0       0

සුජීව Friday, 06 February 2015 08:16 AM

මීට වඩා වැදගත් වැඩක් මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඒකනේ මෙය පශු ඇමති වෙලා ඉන්නේ. (නදී)

:       0       0

ඉන්දුරුව විදනාරච්චිගේ ඉතාලිය Friday, 06 February 2015 08:17 AM

පිස්සු හැදුනත් රජකමේ සිටිය හැකියි. මෙම ජනාධිපති ක්‍රමය හදපු ජේ. ආර් මහත්තයා හොද ලෝකෙක ඇති නේද ? (නදී)

:       0       0

සින්න පෙරුමාල් Thursday, 05 February 2015 10:34 PM

මොකක්ද මේ අලුත්ම නාටකය? (නි)

:       0       0

රවී Thursday, 05 February 2015 10:35 PM

ඉදිරිය අපට පැහැදිලියි (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 05 February 2015 10:40 PM

මට නම් කිසිම දෙයක් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

නිශාන්ත Thursday, 05 February 2015 10:46 PM

එක අතකට කවුරුහරි එහෙමවත් භාවනා කරගන්නවා නම් අපි සතුටුවෙන්න ඕනෑ (නි)

:       0       0

සුගුනවති Friday, 06 February 2015 08:44 AM

පුළුවන් තරම් මෙවැනි මහජන මුදල් විනාශකළ ව්‍යාපෘති රජයේ වගකිවයුත්තන්, මාධ්‍ය මඟින් හෙළිකළ යුතුයි,පෙන්විය යුතුයි. (නි)

:       0       0

ඉන්දික මෙන්ඩිස් Thursday, 05 February 2015 11:08 PM

බුද්ධාගමටත් ලංකාව තුළදීම අභියෝග සිදුවෙනවද මන්දා? (නි)

:       0       0

හිරාන් Thursday, 05 February 2015 11:44 PM

"භාවනා කරන්න ඕනෑ කෙනෙක් භාවනා කර ගත්තාවේ" නියම කතාව. ඔන්න අපේ ඡන්දදායකයෝ... (නි)

:       0       0

මාටින් Friday, 06 February 2015 12:17 AM

දැන් මහජනතාවට වැඩ කළොත් හොඳයි. ඕක බාරව ඉන්න ඇමතිවරයා ඒකට කටයුතු කරයි. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 06 February 2015 12:46 AM

මේවා එළිදරව් වෙනකොට ගිහාන් මහත්තයලට ටිකක් රිදෙනවා වගෙයි (නි)

:       0       0

ජගත් සොයිසා Friday, 06 February 2015 08:49 AM

රතන හිමිගේ භාවනා කුටිය මීට වැඩිය වටිනවා (නදී)

:       0       0

ජයසිංහ Friday, 06 February 2015 12:52 AM

ගහක් යට වුණත් භාවනා කරන්න පුලුවන්නේ (නි)

:       0       0

නඩරාජා Friday, 06 February 2015 01:08 AM

තවමත් සෙල්ලම් හමාර වී නැතිපාටයි (නි)

:       0       0

නුවන් සඳරුවන් Friday, 06 February 2015 08:52 AM

ඕක හදන්න ඇත්තේ මට මහලු වයසේ බැරිය ගායනා පෙරසේ වෙනකොට සුඛෝපභෝගී විදිහට භාවනා කරන්න වෙන්න ඇති (නදී)

:       0       0

සංඛ Friday, 06 February 2015 01:35 AM

ඉතිං ලොකුවට හැදුවෙ ඉක්මනට නිවන් යන්න වෙන්න ඇති. බුද්ධ ධර්මයටත් අල්ලස් දෙන්න වගෙයි සූදානම (නි)

:       0       0

නයන Friday, 06 February 2015 01:35 AM

ඕක තමයි කියන්නේ තනිවම බුදුවෙන්න යන්න එපා කියලා (නි)

:       0       0

යොහාන්‍ Friday, 06 February 2015 01:51 AM

මේ ගැන හොඳින් පරීක්ෂාකර බලන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

නවීන් Friday, 06 February 2015 09:14 AM

රන්ජන් මේ කළ දේ හරි.(හේ)

:       0       0

රොද්‍රිගෝ Friday, 06 February 2015 01:53 AM

මොනවද මන්දා මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 01:59 AM

මේ සම්බන්ධ ඇමතිතුමා ‍මේ ගැන සොයාබලා අවශ්‍ය කටයුතු කිරීම වටිනවා. (නි)

:       0       0

ඩයස් Friday, 06 February 2015 02:05 AM

මෙවන් රටක මෙවැනි රංගන බලාපොරොත්තු වියයුතුය (නි)

:       0       0

මංජුල Friday, 06 February 2015 02:07 AM

මේ භාවනා මධ්‍යස්ථානය දකිනකොට මට නම් තේරෙන්නේ විදෙස් රටවලින් අපේ රටට භාවනා කරන්න එන අය‍ට ගැළපෙන විදියට හදලා තියෙන්නේ කියලා. ලෝකයේ මිනිස්සු භාවනාවට දක්වන උනන්දුව ඉහළයි. (නි)

:       0       0

සම්පත් ශ්‍රී Friday, 06 February 2015 09:37 AM

ඕක පොදු තැනක හදලා අත ඇරලා යන්න තරම් මෝඩ ඇමති කවුද ? අනිත් එක ඕක පෞද්ගලික එකක් නම් ඔය කියන ඇමතියා ඔය ඉඩම තමන්ගේ නමට හරවගත්හේ නැත්තේ මොකද මාධ්‍ය සංදර්ශනයක් විතරයි.(හේ)

:       0       0

සූරියබණ්ඩාර Friday, 06 February 2015 02:32 AM

එකක් අවසන් වෙනකොට තවත් එකක් ඉස්සරහට දාලා බලාගෙන ඉන්නවා. ඒවාට කැමති අය, පොරකකා, ඒවායේ රස විඳිනවා. අපි නම් දන්නවා සිද්ධවෙන දේවල්. (නි)

:       0       0

ලියොන් Friday, 06 February 2015 02:37 AM

මෙවැන්නක මුලාශ්‍ර හා සුලමුල හරියට තමනුත් දැනගෙන මහජනතාවටද දැනගන්න සළස්වන එකයි දැන් කරන්න තියෙන්නේ. පාවෙන ආයුධ ගබඩා කියලා ඝෝෂා කළත් අන්තිමේදී කරුණු පැහැදිලි වූ පසුව සියල්ල නිහඬයි. අන්න ඒ වගේ මේ දෙස හොඳින් බලනවිට මඩ ගහන්නේ නැති බව කියන්න හැදුවත් සිද්ධ වෙන්නේ මඩ ගහගැනීමක් කියලා හිතෙනවා. (නි)

:       0       0

ජනක Friday, 06 February 2015 09:53 AM

හෙට අනිද්දට පන්සල් හදන්න මේ අයගේ අවසරය ගන්න වෙයි.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 06 February 2015 09:57 AM

බාවන කරන්න කොටි ගණන් වියදම් කරලා සැප මාලිගා හදන්න ඕනද ? ඇයි ගමේ හමුදුරුවොන්ට සහ ගමේ අයට මේක තහනම් කලාපයක් කරලා තියෙන්නේ ,මට හිතෙන්නේ මේක භාවන කරන්න නොවෙයි වෙන මොනවා හරි කරන්න හදපු එකක් .(හේ)

:       0       0

කරුණාපාල Friday, 06 February 2015 02:51 AM

මේ දවස්වල දිගටම අහන්න ලැබෙන්නේ එකම වගේ කතා (නි)

:       0       0

කපුසිංහ Friday, 06 February 2015 02:54 AM

අපේ පළාතෙත් එකක් තියනවා වගෙයි කියලා දැන් මට හිතෙනවා. ඒ ඉඩම ඇතුළේ වෙන්නේ මොනවද දන්නේ නැහැ. ලොකු ලොකු වාහන වලින් තමයි කට්ටිය යන්නේ එන්නේ. ගමේ අය කිසි කෙනෙක් ඇතුළට ගන්නේ නැහැ. (නි)

:       0       0

මොහන්දාස් කුමාරලාල් Saturday, 07 February 2015 04:03 PM

බොරු කියන්න එපා හැම රජයක්ම ඔහොම තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 576 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 766 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 468 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 956 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1763 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 432 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site