(ජේ.ඉඳුරුවගේ)
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.
පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වු පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
2023 වසරට අදාලව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබු මෙම විගණන
නිරීක්ෂණ සම්බන්ධයෙන් ලුනු සමාගම විසින් විගණනය වෙත අදහස් දැක්වීමක්ද කර නැත.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
අකිල Monday, 03 February 2025 09:14 AM
සීයාගේ කාලේ නාස්තිකාර වැඩ
ජයනාත් Monday, 03 February 2025 09:25 AM
අකාර්යක්ෂම නිලධාරීන් සෑම ආයතනයකිනම ඉවත් කිරිමට කටයුතු කරන්න .
Bunny Preena Monday, 03 February 2025 09:34 AM
මේවාට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කර වැරදි නම් දඬුවම් ලබාදී එම පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි
maalaka Monday, 03 February 2025 09:46 AM
මේ විනාශය පටන් ගත්තේ බැසිල්... රට වට කොට මුහුද තියන ඒත් ලුණු පිට රටින් ගේන එකම දුපත මේක වෙන්න ඇති
MalikaMonday, 03 February 2025 06:56 PM
බැසිල් පිටරටින් ලුණු ගෙනාවේ 10% කොමිස් එක ගන්න. රටේ මේ වගේ සම්පත් කොච්චර මෙයලා විනාශ කළාද? දැන් මේ ආන්ඩුව කරන්න නොදී හොරු, කොමිස් කාරයෝ එක පැත්තක් වෙලා කරදර කරන හැටි බලන්නත් ලැජ්ජයි...!
fairoos Monday, 03 February 2025 10:54 AM
අලුත් ආණ්ඩුවෙන් මේවට වගකියන්නන් හොයලා දඬුවම් කරේ නැතිනම් මේවා හදන්න බෑ.
Toni Monday, 03 February 2025 03:17 PM
බලන්ඩකෝ... එකනේ මේ ලුණු නැත්තේ අපේ රටේ රට වටේම දුපත තිබිලාත් එකත් එකටම සජියාගේ වැඩක් වෙන්න ඕනෑ
kamal Koyrala Monday, 03 February 2025 06:02 PM
රජයේ ආයතනවල දේශපාලන පත්වීම් නිසා මේ විනාශයන් සිදුවන්නේ, දැන් ලුනු තිබිලත්, ලුණුත් රටින් ගෙන්වනවා කියලා, වැළලෙන්නේ වොයිස්කට් දෙන්නේ ඔවුන් පත් කරපු අයම තමා...