IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කෝටි ගණනක් විදයම් කළත් අලි වැට වැඩක් නෑ

(අජන්ත කුමාර අගලකඩ)

වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇති  පිරිසට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් කෝටි පන්සියයක් පමණ වැයවන බව ද හෙතෙම සඳහන් කළේය.

අලි වැටවල් ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ 4500 පමණ යොදවනු ලැබ ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාපැවසීය.

මීට අමතරව, බහුකාර්ය සේවා බලකායේ ද 4500ක් පමණ අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇතැයි හෙතෙම කීවේය.

අලි වැටවල් ද රජයේ වියදමින් ඉදිකර,ඒවා බලා ගැනීමට මෙතරම් විශාල මුදලක් යොදවා ආරක්ෂකයන් යෙදවීම ගැටලුවක් බව කී තෙන්නකෝන් මහතා අලිවැටවල් ඉදි කළ ද,වන අලින් ගමවැදීම සහ අලි මිනිස් ගැටුම් අඩු වී නොමැති බවද ප්‍රකාශ කළේය.

එබැවින් මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළඹ ඇතැයි ද ඔහු කීවේය.

මේ අතර,සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂකයන් දෙදහස් පන්සියයක් පමණ ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තිස්තුන් දහසක පමණ පිරිසක් සේවය කරති.

 



අදහස් (2)

කෝටි ගණනක් විදයම් කළත් අලි වැට වැඩක් නෑ

Lalla Saturday, 06 May 2023 09:45 PM

ඊටවැඩිය ලාබයි, හිතකරයි... අලින්ගේ ගෝචර බිම් සහ අලිමංකඩ වලින් පදිංචිකරුවන් ඉවත් කර නැවත පදිංචි කරවීම. ඒක මේ වියදමින් භාගයක් නොයා කළහැකියි. අනික අනවසර ඉඩම්වලින් පදිංචිව සිටින අය පන්නලා දාන්න ඕනෑ...

:       0       0

පැරකුම් Sunday, 07 May 2023 11:18 AM

අලිවැට අසාර්ථක බැව් තහවුරු වී කලක් ගතවී ඇතත් එය තවදුරටත් පවත්වාගෙන යන්නේ කාගේ වුවමනාවට දැයි සොයාබැලීම වටී. වෙනත් ඉතා සරල ක්‍රම ඇතත් ඒවායින් බලධාරීන්ගේ සාක්කු පිරවීමට නොහැකි නිසා ඒවා පසෙකට දමා ඇති බව පැහැදිලියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 0 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 37 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 284 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 347 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 339 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 194 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site