(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා ප්‍රකාශ කර ඇත.
මෙම යුවළ යුරෝ 30000 ත් 50000 ත් (ශ්‍රී ලංකා රුපියල් 10543312 - 17572187) අතර මුදලක් එක් ළමයෙක් සඳහා අය කර ඇති බව රුස්ලින් මහතා පෙන්වා දී තිබේ.
මෙම යුවළ, විදේශ ගමන් බලපත්‍රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවුරුදු 12 වයස් සීමාවේ පසුවන දරුවන් සිටින මැලේසියානු දෙමාපියන් පොළඹවා ගෙන ඇති බව රුස්ලින් මහතා ප්‍රකාශ කර තිබේ.
එසේ දෙමාපියන් පැමිණි විට ඔවුන්ගේ දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් අනතුරුව සාර්ථකව විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවලට ජාවාරම් කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා පෙන්වා දී ඇත.
පසුගිය 12 වැනිදා මෙම යුවළ දරුවකු සමඟ ක්වාලා ලාම්පූර් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ඇති අතර එහිදී නිලධාරීන් යුවළගෙන් ප්‍රශ්න කර තිබේ.ප්‍රශ්න කිරීමේදී යුවළ සමඟ සිටි දරුවාට මැලේසියානු භාෂාව කතා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ වයස අවුරුදු 26 සහ 37 පසුවන්නන් බව මැලේසියානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. අත් අඩංගුවට ගත් අඹු සැමි යුවළ මේ වන තෙක් යුරෝපයට ළමුන් කී දෙනෙක් ජාවාරම් කර ඇත්දැයි සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී දැයි සෙවීම සඳහා වැඩි දුර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මැලේසියානු පොලිසිය පෙන්වා දී ඇත.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි ගණනට සිංහල දරුවන් යුරෝපයට පටවයි
Mayadunna Friday, 21 April 2023 01:59 PM
ලොකුවෙලා බෝට්ටු වලින් පනින්න හදලා දුක් විඳිනවාට වඩා මෙහෙම පොඩි කාලේම අරන් යන එක හොඳයිනේ...
Bamunuarachchi Saturday, 22 April 2023 03:27 PM
ලක්ෂ ගණන් වියදම්කර යුරෝපයට පැනගන්න බැරුව ඉන්න වෙලාවේ පොඩිකාලේම යුරෝපයට යන්න ලැබීම වාසනාවක් නොවෙයිද?
Bamunuarachchi Sunday, 23 April 2023 03:54 PM
දේශපාලකයින් නිසා කාලකන්නි වෙච්ච මේ රටේ ඉන්නවාට වඩා ලෝකේ ගැන නොදන්න කාලයේ දීම මේකෙන් චුත වෙච්ච දරුවෝ හොඳට ඉන්න බව අපි දැකලා තිබෙනවා. මේ ළමයි වාසනාවන්තයෝ.