IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කෝටි දෙකහමාරක හොර බඩු අල්ලයි

කඩවත ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ පිරිසක් කටුනායක ගුවන් තොටේ ප්‍රධාන පිවිසුම අතරදී අද අලුයම කළ වැටලීමක දී අනවසරයෙන් ගෙන්වූ ජංගම දුරකතන, ක්‍රීම්වර්ග හා දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගත්තේය.

ඒවායේ වටිනාකම රුපියල් දෙකෝටි තිස් පන් ලක්ෂයක් පමණ වෙතියි අනුමාන කෙරෙයි.

වෑන් රියකට පටවද්දී එම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගත් බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ 17 දෙනකු පමණ වැටලීමට සහභාගී වූ බවත් වාර්තා වේ.

සැකකරුවේ හතර දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

1111 2222 3333 4444 5555 6666



අදහස් (0)

කෝටි දෙකහමාරක හොර බඩු අල්ලයි

අරවින්ද Monday, 08 August 2016 05:23 AM

පොලිසිය ස්වාධීන කරනවා නම් මේවා සුළු දේවල්. (නි)

:       0       0

චමිලා Monday, 08 August 2016 05:52 AM

අනිවාර්යෙන්ම මේක දේශපාලන බලපුළුවන්කාරයක්ගේ වැඩක් වෙන්න බෑ එහෙම වුණා නම් මේ විදියට අත්අඩංගුවට ගන්න දෙන්නෑ (ම)

:       0       0

බෙනට් Monday, 08 August 2016 09:57 AM

ලංකාවේ රේගුව කියන්නේ තෝරගත්ත හිතවතුන් කට්ටියකට ඕන තරම් හොරකම් කරන්න ඉඩදෙන කණ්ඩායමක් . (බ)

:       0       0

බෙනට් Monday, 08 August 2016 10:01 AM

මේ තරම් බඩු මලු තොගයක් ගුවන් තොටුපොළේ රේගුවෙන් පරික්ෂා නොකර පිට කරන්න හැකි එකම ක්‍රමය තමයි එම රේගු කණ්ඩායමේ මෙම බඩු ගෙනාපු කෙනාගේ ලොකු හිතවතෙක් හෝ ඥාතියෙක් සිටීම . එහෙම නැත්නම් මේ වගේ ලේසියෙන් මෙච්චර බඩු මලු ප්‍රමාණයක් නිකන් නම් පිටකරන්න දෙන්නේ නැහැ ගුවන් තොටුපොළේ රේගු කට්ටිය (බ)

:       0       0

තිස්ස Sunday, 07 August 2016 11:28 AM

හොද වැටලීමක්.(හේ)

:       0       0

කුමාර් Sunday, 07 August 2016 11:31 AM

මේ ජංගම දුරකතන වලට කුමක් සිදුවේද යන්න ගැටලුවකි.(හේ)

:       0       0

කුමාර් Sunday, 07 August 2016 11:56 AM

රේගුවෙන් කොහොමද මේවා පරීක්ෂා නොකර එළියට ආවේ? (හේ)

:       0       0

බණ්ඩාර Sunday, 07 August 2016 12:24 PM

ලංකාවේ ලොකුම හොරු ටික ඉන්නේ රේගුවේ (හේ)

:       0       0

නිවන්තක Monday, 08 August 2016 06:26 AM

මෙයයි අපි බලාපොරොත්තු වූ සැබෑ වෙනස! (නි)

:       0       0

ලලිත් Sunday, 07 August 2016 12:31 PM

හොඳ වැටලීමක් කරලා තියෙන්නේ.(හේ)

:       0       0

ලංකා Monday, 08 August 2016 06:43 AM

ගුවන්තොටුපල එළියේ මෙහෙම පරික්ෂා කරන ස්ථානයක් එස්ටීඑෆ් යටතේ දැම්මොත් ඔය කම්බා හොරු ටික අල්ල ගන්න පුළුවන් . රේගු අයියලගේ ජරාව නවත්තන්න පුළුවන්. (බ)

:       0       0

ලක්සිරි Sunday, 07 August 2016 12:50 PM

මේවා රේගුවේ නීති විරෝදී වැඩ. අල්ලස් ගත්ත අයවත් අල්ලගන්න ඕනේ.(හේ)

:       0       0

සමන් පෙරේරා Sunday, 07 August 2016 12:53 PM

අනේ මේ දන්නේ නැති නිසා අහන්නේ, රේගුවෙන් එලියට ආවේ කොහොමද ...(හේ)

:       0       0

නෆීල් Monday, 08 August 2016 07:39 AM

මේවා අද ඊයේ සිට සිද්ධවෙන දේවල් නෙමෙයි (නි)

:       0       0

සහන් Sunday, 07 August 2016 02:10 PM

ලංකාවේ වෙළද පොලේ හොරෙන් ගෙන්වන සුවද විලවුන් ,හා ක්‍රිම් වර්ග කොපමණ තියෙනවද ,රජයට එ් නිසා නැතිවන අාදායම කොපමණද ,රජයට මේ නීති විරෝධි ආලේපන අත්අඩංගුවට ගන්න පුළුවන් ,වෙලදසල්වල තිබෙන ලංකාවට ගෙන්වන සමාගමේ මුද්‍රාව නැති දේවල් ගැන සොයා බැලුවා නම් වසරකට බිලියන ගන්නක බදු අය කර ගන්න පුළුවන් (හේ)

:       0       0

තිලක් Sunday, 07 August 2016 03:51 PM

මොවුන් කළ දේ අගය කළ යුතුයි.(හේ)

:       0       0

තිලක් Sunday, 07 August 2016 03:54 PM

රේගුවේ සහයෝගයක් නැතිව කීයටවත් මෙවැනි බඩු තොගයක් පිට කරන්න බැහැ.(හේ)

:       0       0

දම්මි Sunday, 07 August 2016 04:12 PM

මේ වගේ හොරකම් පහුගිය කාලේ කොච්චර වෙන්න ඇද්ද? (නි)

:       0       0

සුසිල් Sunday, 07 August 2016 04:43 PM

අනුමානයක් නැහැ, චීන භාණ්ඩ. ඒගොල්ලො තමයි මේවාට දක්ෂ (නි)

:       0       0

රංග Sunday, 07 August 2016 04:48 PM

පොලිස්පති වැඩ පටන් අරගෙන වගෙයි. ළඟදීම රේගුවේ කට්ටිය උද්ඝෝෂණය කරයි. මේක තමයි ඒගොල්ලෝ කැමරා සවිකරනවට විරුද්ධ. කාලයක් වරායේ බහාලුම් නාවික හමුදාව දාලා පරික්ෂා කරන්න ගත්තා. ඒ කාලයේ විශාල වැඩ වර්ජනයකුත් කරලා ඒ වැඩපිළිවෙල නතර කළා. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 08 August 2016 09:24 PM

කාගෙවත් අදහස් මොකටද? රජය මඟින් රට ජාතියේ අවශ්‍යතා අනුව සි සි ටි වී නොව ඕනෑම දෙයක් කිරීමට රජයට කොන්දක් තිබිය යුතුය (නි)

:       0       0

රාජේශ් ඛන්නා Tuesday, 09 August 2016 12:08 AM

රේගුවේ හැම නිලධාරියාම එහෙම නැහැ. සමහර අය විදේශ රැකියා කර විදේශ විනිමයක් අප රටට ලබාදෙන අයගේ ගමන්මළු ගැන සෑහෙන පරීක්ෂාවක් කර අපහසුතාවලට පත්කරන අතර කූට ලෙස බඩු ගෙනෙන අයට පහසුවෙන් අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඉඩ සළසයි. මෙවැනි දේ අසුවීමෙන් පසු විදෙස් රැකියා කරන්නන් තවතවත් අපහසුතාවලට ලක්කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 07 August 2016 07:37 PM

රජයට ලැබිය යුතු ආදායම් ලැබෙන ලෙස පිටයන මාර්ග වසා, නීතිය හරියට ක්‍රියාත්මක කළොත් රට ගොඩ. මෙම වැරදි වලට අසුවන අයගේ වත්කම් සොයා බලා වැරදි ලෙස උපයාඇති සියල්ල රාජසන්තක කර එම ආදායම්ද රජයට ගතයුතුය (නි)

:       0       0

ටෙෂාන් Sunday, 07 August 2016 07:55 PM

එස්.ටී.එෆ්. එකට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 07 August 2016 08:00 PM

ඔත්තු ලබාදෙන අය ආරක්ෂා කිරීමට රජය වගබලා ගතයුතුය. එසේම එම අයට වටිනාකමේ හැටියට දිරි දීමනාවක් දීමද කළයුතුය. රට ගොඩ ගැනීමට නම් කළයුත්තේ මේවාය. හොරකම දුෂණය නැවතිය යුතුමය (නි)

:       0       0

ටී. බණ්ඩාර Sunday, 07 August 2016 10:35 PM

රේගු නිලධාරීන් සීසීටීවී කැමරා සවි කරනවාට විරුද්ධව උද්ඝෝෂණ කළ හේතුව දැන් අපට තේරෙනවා (නි)

:       0       0

ලංකා Monday, 08 August 2016 12:54 AM

රේගුවේ හැටි පේනවා නේද? ඕවා රේගුවෙන් එළියට එන්නේ කොහොමද කියලා අපි දන්නවා (නි)

:       0       0

ප්‍රදීප් Monday, 08 August 2016 02:42 AM

චන්ද්‍රාගේ අදහසේ හැටියට ඔත්තු ලබාදෙන අය ආරක්ෂා කිරීමට රජය වගබලා ගතයුතුය යන්නට මමද එකඟවෙමි (නි)

:       0       0

ඕමාර් Monday, 08 August 2016 02:38 AM

මේවා එළියට එන විදිය ලංකා දන්නවා නම් කියන්න. එච්චර දෙයක් දන්නවා නම් දන්නවා ඇතිනේ ගුවන් යානයකින් පිටවෙන හැම මඟියෙක්ම පරික්ෂා කරන්න තරම් පහසුකම් සහ උපකරණ නැති විත්තියත්. අනික ඔය සේරම එක පුද්ගලයෙක් ගෙනාපුවා නෙමෙයි. අනිවාර්යයෙන් මිනිස්සු 6, 7 දෙනෙක්වත් එන්න ඇති. (නි)

:       0       0

රාධා Monday, 08 August 2016 02:29 PM

අර සි සි ටි වී හයිකරන්න එපා කියලා කිවුව හේතුව මේකයි . පලවෙනි දෙවෙනි හරස් වීදිවල විකුණන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ බලපත්‍රය තිබේද? (බ)

:       0       0

බණ්ඩාර Monday, 08 August 2016 03:31 AM

අනිවාර්යෙන්ම මේකට දේශපාලන බලපුලුවන්කාරයෙක් සම්බන්ධ වෙන්නම ඕනෑ. (නි)

:       0       0

පද්මිණී Monday, 08 August 2016 04:26 AM

පොලිස් වීරයින්ගේ වැඩක්. මගෙන් මල් මිටක්! (නි)

:       0       0

ශාන් Sunday, 07 August 2016 11:05 AM

නීතිය දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.(හේ)

:       0       0

හෆීල් Monday, 08 August 2016 09:30 AM

රේගුවෙන් කොහොමද පිටවු,ණායි කියලා පරීක්ෂණ කළ යුතුයි. (ම)

:       0       0

ශාන් Sunday, 07 August 2016 11:00 AM

දැන් තම රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ (හේ)

:       0       0

අනිල් Sunday, 07 August 2016 11:07 AM

දැන් මේ ජංගම දුරකතන වලට මොකද වෙන්නේ.(හේ)

:       0       0

දර්ශන Sunday, 07 August 2016 11:14 AM

මේවා මොන ක්‍රමයකින් හරි රේගුවෙන් පිට කරපු භාණ්ඩ . තව ටික දවසකින් රේගුවේ කට්ටිය එස්ටීඑෆ් එකට විරුද්ධව පාරවල් වහගෙන උද්ගෝෂණයක් කරයිද දන්නේ නැ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 546 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 485 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2696 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1013 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 869 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 369 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site