(මනෝප්‍රිය ගුණසේකර)
ඕමානයට තේ කොළ අපනයනය කළ බවට සඳහන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි නමයකට අධික මුදලක් පෞද්ගලික බැංකුවකින් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරුවනන් වු පිය පුතු දෙපළකට බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
දැනට පිටරටකට පළාගොස් සිටින විත්තිකාර පිය පුතු දෙපළ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය .
පෞද්ගලික බැංකුවකින් මෙම මුල්‍ය වංචාව සිදුකර තිබුණත් එය රටේ ආර්ථිකයට දැඩිසේ බලපාන බව අවධාරණය කරමින් විත්තිකරුවන්ට දැඩි දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ව්‍යාජ ලේඛන මඟින් වංචාවෙන් ලබාගත් මුදල් වන්දියක් ලෙස බැංකුවට ගෙවීමටද විත්තිකරුවන්ට නියම කළේය.
පුද්ගලික බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා සමග එක්ව මෙම මුදල් වංචා කළ විත්තිකරුවන්ට මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් යළි ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට වැඩිදුරටත් නියම කළේය.
පුද්ගලික බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා සමග එක්ව මෙම මුදල් වංචාව කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වේලායුධන් පේමලාල් හා ප්‍රවීන් ඔටාල් යන පිය පුතු දෙපළටය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි නවයක් වංචා කළ පිය - පුතු වසර 10 සිරගෙට
Gagana Wednesday, 22 June 2022 05:38 PM
මෝඩයි. ආපුවාම අල්ල ගන්න තිබ්බ එක දැන් මිනිස්සු දෙන්නා එහෙ නවතියි.. මේක දැක්කාම. අපේ මිනිස්සු පුදුම මෝඩයි. කියලා වැඩක් නෑ...
Sirisena Wednesday, 22 June 2022 06:17 PM
අපොයි මේන් කියලා ආපහු එයි ලංකාවට...