IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කෝටි පනහේ කප්පම ගෙවලා

නයිජීරියාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මහා වනාන්තරය මැද දින නවයක් රදවා ගනිමින් පසු නිදහස් කල ලාංකික ඉංජිනේරු ඩි. ඒ. කරුණාදාස මහතා බේරාගැනීමට රුපියල් කෝටි 50ක කප්පම ගෙවූ බව ඉතාලි ආරංචි කියයි.

කරුණාදාස මහතාගේ නිදහස් වීම පිළිබඳව නයිජීරියාවේ වෙසෙන නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙක් මෙසේ පැවසිය.

‘ඇත්තෙන්ම ඔහුගේ ජීවිතය බේරා දුන්නේ මිහිපිට දෙවියන් වැනි ඔහුගේ හාම්පුතුන් වන ඉතාලි ජාතිකයි පිරිසයි. රුපියල් කෝටි 50 ගැන ඔවුන් හිතුවානම් අද කරුණාදාස මහත්තයා පොළොව යට වැළලිලා. මුදලට වඩා මනුෂ්‍ය ජිවිතයක ඇති වටිනාකම ගැන ඔවුන් ලෝකයට කිව්වා. ඉතාලි ජාතිකයින් ගැන මට තියෙන්නේ පුදුම පැහැදීමක්. මම ඉතාලියේ මාස කිහිපයක් ජිවත් උනා. ඔව්න් හරිම උතුම් ජාතියක්. මානව හිමිකම් ගැන කතා කරන ලෝකයේ දියුණු රටවල් දේශසිමාවක් හරහා තම රටට ඇතුළු වෙන සරණාගතයින්ට වෙඩි තියනවා. බලන්න ඉතාලිය දිහා. මුහුදු මාර්ග ඔස්සේ දහස් ගණනනින් පැමිණෙන සරණාගතයින්ට ඔවුන් සලකන විදිය. කන්න බොන්න, බෙහෙත් හේත් දීලා ඉඳුම් හිටුම් පහසුකම් සලසන මනුස්ස ගුණධර්ම ඉහළින් අගයන මිනිසුන් ජීවත්වෙන ඉතාලිය තව තවත් දියුණු වෙන්න ඕනෑ කියලයි මම කියන්නේ‘

 



අදහස් (0)

කෝටි පනහේ කප්පම ගෙවලා

සරත්චන්ද්‍ර බ.හ. Wednesday, 03 June 2015 07:41 AM

මමත් ඉතාලියේ අවුරුදු 4 ක් සිටියා. ඒ අය උතුම් ගුණවත් අය. (නි)

:       0       0

රාජා Wednesday, 03 June 2015 08:00 AM

මම ලංකාවේ අවුරුදු 44ක් හිටියා. ලංකාවෙත් අරකටයි මේකටයි හැමදේටම කප්පම් ඉල්ලනවා. ලාංකිකයොත් සුටුස් ගාලා ගෙවලා දානව. හැබැයි ඉතාලි මහත්වරුන්ට බොහෝම පින් අපේ ඉංජිනේරුවා බේරලා දුන්නට (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 June 2015 08:26 AM

ඒ රටෙවල්වල ඉපදෙන්න පින් කරන්ඩ ඕනේ (ම)

:       0       0

කපිල Wednesday, 03 June 2015 08:35 AM

මම ඉතාලියේ අවුරුදු 4 ක් සිටියා, ලංකාවේ අවුරුදු 44ක් හිටියා. ඉතාලියේ වගේම ලංකාවෙත් හොද ගුණවත් උතුම් මිසිසු ඉන්නවා. එතුමා වැඩකරපු ආයතනයෙන් සමහර විට රක්ෂණයක් තිබුනද දන්නේ නැහැ (නදී)

:       0       0

ලක්මල් Wednesday, 03 June 2015 08:40 AM

අනේ ඔයා දන්නා බම්බුව, මම ඉතලියේ අවුරුදු 20 ක් හිටියා. ඉතාලි කාරයෝ හැමදේම කරන්නේ තමන්ගේ වාසියට ලංකාවට දෙවෙනි නැහැ. විශේෂයෙන් අාසියාතිකයන්ට කැපිල්ල .(නදී)

:       0       0

භානු Wednesday, 03 June 2015 08:42 AM

මේ මහතා ඉතා හොඳින් තමන්ගේ සේවාව ඉටු කරන්න ඇති. අන්න ඒ කාරණාවත් මෙහෙම හාම්පුතුන් ඉදිරිපත් වෙන්න හේතුවක් විය යුතුයි. නැති නම් කිසිම ආයතනයක් ආවාට ගියාට රැකියාව කල සේවකයෙකු වෙනුවෙන් මෙසේ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. (නදී)

:       0       0

මැටිපහන Wednesday, 03 June 2015 08:47 AM

එම මුදල ලබාගත් සංවිදානය හිතනවා ඇති දෙවියෝ අද අපේ මුහුණ බැලුව කියල. ඒ වගේම මේ මහතාත් ඒකම හිතනවා. එම මුදල දීපු සමාගම හිතනවා ඇති මේක දෙවියෝ අපේ මුහුණ දිහා බලපු වෙලාවක්, මේ ගෙවීම පෙන්වා ටැක්ස් වලින් යම් ප්‍රමාණයකට ගැලවෙන්න පුළුවන්. බලාගෙන ගියාම හැමෝම දිනලා; දෙවියෝන්ගේ ප්ලැන් තමයි ඉතින්. අර කියමනක් තියෙන්නේ දෙවියෝ ළඟ හැම දෙනාම සඳහා ප්ලැන් තියෙනවා කියල. නමුත් මෙවැනි ප්ලැන් නම් ඉතින් මාස්ටර් ප්ලැන්ම තමයි. මුලින්ම කොම්පැනිය හදන්න ඕන. ඊට පස්සේ මේ මහතාව එතෙන්ට සේවයට දාන්න ඕන. ඊට පස්සේ අර සංවිදානය හදන්න ඕන. ඊට පස්සේ පැහැර ගැනීම - එතැනදී කීප දෙනෙක් මැරිලා මේ මහතා විතරක් ඉතිරි වෙන්න ඕනා. ඊට පස්සේ වෙන විවිදාකාර ටෙලිපොන් කෝල්ස්, අරව, මේවා, එම්බසි එක (මේක වෙනමම වැඩක්)... කොච්චර දේවල් ප්ලැන් කරන්නද... සමහරවිට දෙවියෝ යටතේ තව කට්ටියක් වැඩ කරනවා ඇති මෙවැනි නරි නාටක ලියල අපිට පපුවේ අමාරුව හදවන්න. කොහොම වුනත් මේ මහතා දිවි බේරාගෙන පැමිණීමට හැකිවීම ගැන සතුටුයි. (නදී)

:       0       0

ජානක Wednesday, 03 June 2015 08:49 AM

ලක්මාල් ට තියෙන්නේ ගුටි කන මූණක් වෙන්න ඇති. එකයි කැපිල්ල. (නදී)

:       0       0

සුරංග Wednesday, 03 June 2015 09:20 AM

කප්පම දුන්නා නම් හෙළිකරන්න බය මොකටද ? එහෙම දුන්නා නම් ඉතාලි නිව්ස් වල ඕක ලොකුවට උදේ - හවස දානවා එහෙම නැහැනේ. (නදී)

:       0       0

මොහාන් Wednesday, 03 June 2015 09:24 AM

මැටිපහන, මෝඩ කතා කියල උතුම් දෙයක් අව තක්සේරු කරන්න එපා. ටැක්ස් වලින් අඩු කර ගන්නේ කොහොමද , දැන් ආදායම් බදු ආයතන දන්නවා මොවුන්ට කෝටි 50 ක් ගෙවන්න වත්කම් තියෙන බව. මුළු ජීවිත කාලයටම මේ ගණන් පදනම් කරගෙන තමා ආදායම් බදු හදන්නේ. දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න.(බ)

:       0       0

අනුර Wednesday, 03 June 2015 09:25 AM

ලක්මාල්, ඔයා වගේ අය ඉන්නවා, ඉතාලි නෙමේ කොයි දීපංකරේ ගියත් වගතුවක් නැහැ. (බ)

:       0       0

ලක්මාල් Wednesday, 03 June 2015 09:37 AM

ජනක , මම ගුටි කලානම් නැහැ ගුටි දීල තියෙනවා, යුරෝ වලට මම කොහෙත්ම රට පාවලා දෙන්නැහැ. මොකද හිතට අමාරුද ඉතාලියට විරුද්දව කතා කරනකොට.? (ර)

:       0       0

නුවන් Wednesday, 03 June 2015 09:42 AM

කපිලගේ කතාව හරියට හරි (නදී)

:       0       0

සමන් ජයවර්දන දකුණු අප්‍රිකාව Wednesday, 03 June 2015 09:48 AM

මමත් ඉතාලි සමාගමක වැඩ කරන්න පටන් අරං වසර තිස්පහක් වෙනවා ඉතාලි ජාතිකයන් ගෙන් මට නම් හොඳක් මිස අවැඩක් කවම දාකවත් වෙලා නැහැ සමහරුන්ගේ ක්‍රියා කලාප නිසා මිස නැතිනම් සංවේදී මිනිසුන්, අනිත් බටහිර ජාතිකයන්ට වැඩිය. (ර)

:       0       0

ලක්මාල් Wednesday, 03 June 2015 10:27 AM

මම කියන්නේ මට පේන විදිහ. කාටහරි හිතට අමාරු නම් මට කරන්න දෙයක් නැහැ. කොයි රටෙත් හොද - නරක මිනිස්සු ඉන්නවා. දුන්නනම් හංගන්නේ මොකටද ? මොකක්ද තියෙන ප්‍රශ්නේ? අපේ ලංකාවේ ටික දෙනෙකුට වාසි උනාට , අන්තිමේදී බලනකොට උන් අපිව සුරන්කාලා. තේරෙනකොට රවලා (නදී)

:       0       0

අමිත Wednesday, 03 June 2015 10:47 AM

කරපු පින් නිසා අද එතුමා කරදරයක් නැතිව බේරුනා. කරපු පව් නිසා එය අහුවූනා. එක නිසා හැමදෙයක්ම වෙන්නේ කුසල අකුසල මත. (ර)

:       0       0

මැටිපහන Wednesday, 03 June 2015 11:33 AM

මොහාන්, මම මේ ආර්ථික පැත්තෙන් කතා කරන්නේ. මනුස්සකම, උතුම් ක්‍රියා, හොඳ නරක පොඩ්ඩක් පැත්තකින් තියමු : ඔහොම සල්ලි දෙන එකෙන් කොම්පැනියට ලැබෙන වටිනාකම මම හොඳට දන්නවා. ඔය සල්ලි නිසා අනිවාර්යයෙන්ම ටැක්ස් එක අඩු වෙනවා, ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි ඔය විවිද සත්කාරක වැඩ සටහන්, ඒවා පෙන්නලා ජනතාව අතරට යන ගමන් ටැක්ස් එකෙනුත් යමක් අඩු වෙන බව කොම්පැනි දන්නවා. (ර)

:       0       0

රුවන්තක මිලානෝ Wednesday, 03 June 2015 11:38 AM

ඉතාලි ජාතිකයන් ඇත්තටම හොද පිරිසක්. යුරෝපයේ බොහෝ ජාතීන්ට වඩා කාරුණිකයි. විශේෂයෙන් විපතේදී ඔවුන්ගේ සිත සැලෙනවා. ලක්මාල් ඔබ අවංකව වැඩ කරන්න එවිට ඔබටම වෙනස තේරේවි.ලෝකයේ හැම දෙනාගේම අඩු පාඩු කම් තියෙනවා. ඉතාලි ජාතිකයන් අනිකාට උදව් කරණ පිරිසක්. සුනාමියෙදී අපේ ලංකාවේ බොහෝ දෙනාට උදව් කළා.ඉතාලි ජාතිකය හැමදාම කළේ ඔවුන්ගේ කෙනෙක් ත්‍රස්තවාදීන් අල්ලගත්විට මුදල් දී බේරා ගැනීමයි. ඉතාලියේ පසුගිය කාලයේම ඔය දෙය සිදු උනබව ඉතාලියේ සිටින රටේ ලෝකේ සිදුවන දේ දන්නා අය දන්නවා. අපි කිසිත් නොබලා ඉතාලි ජාතිකයන්ට දොස් කීම වැරදියි. (කේ)

:       0       0

lakmal Wednesday, 03 June 2015 12:44 PM

මටිපහන, ඔයා හරි, සල්ලි තිබුනට උගත්කම නැත්නම් වැඩක් නැහැ. ඉතාලි හිටපු අගමැති ( berlusconi ) පවා එයාගේ tax වලින්, එයාගේ wife ට ගෙවන වන්දි අඩු කරනවා . සම්පූර්ණ අගයම නොවේ යම් ප්‍රතිශතයක්. ප්‍රශ්නය එක නොවේ . ඇත්තටම කප්පම දුන්නද කියනඑක . කවුරුවත් එක සහතික කරේ නැහැ අද වනතුරු . (කේ)

:       0       0

ප්‍රියංගි Wednesday, 03 June 2015 12:58 PM

ඉතාලියේ හොද වගේම නරක අය ඉන්නවා දන්නේ නැති අය නොදැන කතා කරන්න එපා. (ර)

:       0       0

සමන් Wednesday, 03 June 2015 01:10 PM

ලක්මාල්, හරි මම තාම ඉන්නේ ඉතාලියේ ඉතාලියේ අය එහෙම තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1802 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1146 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2062 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 515 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2950 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site