(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)
යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහළ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
නගරයේ පවිත්‍රතාව ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති යාපනය නගර ආරක්ෂක බළකාය නමැති මෙම ඒකකය බඳවාගෙන ඇති පස් දෙනාගේ නිල ඇඳුම් වන ලා නිල් පැහැති අත්කොට කමිසය සහ තද නිල් පැහැති දිගු කලිසම භාවිත කළ නිල ඇඳුමට සමාන එකක් බවට පොලිසියට ලැබුණු පැමිණිලි සහ තොරතුරු අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
(රෙමේෂ් මධුෂංක)
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොටි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පහක් යාපන රාජකාරියේ
සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 April 2021 02:51 AM
කොටි පොලිස් එන්නේ නැතුව තියේවිද අපේ සමහර පොලිස්ලා හැසිරෙන විදිහ දැක්කම ... එදා සෞඛ්‍ය උද්ඝෝෂණයේදී නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් ට පහරදීලා ... දැන් පහර නොදුන් විදිහට හොර මෙඩිකල් යවලා උසාවි දාන්නලු සූදානම. මලික රෝහලේ ඉන්නා ඡායාරූප වගයක් මට මිතුරෙකු ඒවා තිබුණා.මෙන්න මේ රටේ තියෙන මාධ්‍ය නිදහස.පොලිස්පති තුමනි, ඔබතුමාගේ අවධානය පිණිස ... ජනපති තුමනි,ආරක්ෂාව බාර ඇමැති තුමනි,ආරක්ෂක ලේකම් තුමනි කරුණාකර සාමකාමී ලෙස උද්ඝෝෂනය කිරීමේ නිදහසට බාධා නොකරන්න.මොහු නිදහස් කරන්න.
බමුණු.Friday, 09 April 2021 10:00 AM
"ලංකාදීපයට" ස්තූතියි. තමන්ගේ කෙනෙකුට කරදර කරද්දී බලන් ඉන්නා මාධ්‍ය තමයි ලංකාවේ තියෙන්නේ. කොහෙද දේශපාලනයට හා ගැතිකම් වලට වහල් වෙලානේ... ටීවී චැනල් කාරයින්ට මේවා හරියට පේන්නේ නැහැ. එක චැනල් එකක් පහුගිය දවස්වල මුස්ලිම් ගෑනු ළමයකුගේ හැකියාවක් අල්ලාගෙන රට රැවටුවා. ඔක්කොම රැවටිලි තමයි. කෝ මේ තොර තෝංචියක් නැතිව වයර්ලස් පෙට්ටියේ කියවන සූකිරි බටිල්ලන් හා සූකිරි බටිල්ලියන්.. මෙලෝ තොර තෝංචියක් නැහැ කතාවේ... වල් පල් හොයනවා. ඕපාදූප කාරයින් වගේ. වැඩකට ඇති යමක් කරන්නේ නැහැ. පුලිට්සර්ලා ජීවිත පුදලා මේ ලෝකය මේ අයට ගොඩනගා දුන්නත්, අද කෙරුවාව ඔන්න ඔහොමයි.
Ranjith Friday, 09 April 2021 09:17 AM
කෝ අර "එක රටක්... එක නීතියක්" කියලා දුන්නු පොරොන්දුව?" කවුදෝ මුහුණු පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා දැක්කා. "යාල් මානගර කාවල් නඩෙයි" නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති ආරම්භ කරන ලද මෙම බලකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි කිරීමට සමත්ව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම, කෙල ගැසීම ආදී වැරදි සඳහා දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව නගරාධිපති පවසා ඇත. පොලිසිය ඇතුළු වෙනත් ආයතනවලට අයිති මෙම රාජකාරි සඳහා ජනතාවට දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය හැකියාව කුමක්ද? මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අයගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්වීමයි. එදා කොටි පොලිසියේ නිල ඇඳුමට 100%ක් සමාන අයුරින් මෙම නිල ඇඳුමද නිමවා ඇති බව ඕනෑම කෙනෙකුට දැකගැනීමට හැක." උපුටාගැනීම අවසන්...
සෙනෙවිරත්න Saturday, 10 April 2021 12:37 PM
ඔවුන්ට දීපු බලතල නෙවෙයි ගැටලුව ඇඳුම නේද? ඇඳුමට වඩා ගැටලුව බලතල නොවේද?
Bamunuarachchi Sunday, 11 April 2021 06:03 AM
කෝ අර "එක රටක්... එක නීතියක්" කියලා දුන්නු පොරොන්දුව?" විරුද්ධ පක්ෂය රෙද්ද කරට අරන් මානව හිමිකම් දුවන්නේ නැතිනම් පැය 24 කරන්න පුළුවන්. අපි එහෙමයි 1956 පැය 24 සිංහල කලේ.