අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.
බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති මේ රිය ප්‍රබල දේශපාලනඥයකුට අයිති යැයි දැනගන්නට ඇත.
ජිප් රිය පොලීසියට ගෙනවුත් ඇත.
ඩබ්ලිව් පී කේ වී 7179 යනුවෙන් එහි අංක තහඩුවේ සඳහන් කර ඇත. හමර් ජීප් රියක වටිනාකම රුපියල් කෝටි පහ ඉක්මවයි.
අධි මිල මෙවැනි වාහන යුරෝපයෙන් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඉහළ පෙළේ දේශපාලනඥයින් ඇතුළු පිරිස්වලට විකුණන සංවිධානයක් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති බවද කියති.
වයඹ දේශපාලනඥයකු පාවිච්චි කළ හමර් රියක් තවත් දේශපාලනඥයකුගේ පුත්‍රයකු විසින් සොරකම් කරන ලදැයි කියන සිද්ධියක්ද පසුගිය කාලයේදී වාර්තා විය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි පහක හමර් රියක් හංගලා
රෝයි Monday, 26 January 2015 01:41 AM
චන්ද්‍රලතාට තියෙන්නේ යුරෝපා මේනියා එකක් නේද? ලංකාව ගැන අසුබවාදීව බලන්නේ ඒකයි (නදී)
ලලිත් Monday, 26 January 2015 01:52 AM
මෙව්වා අල්ලන කට්ටිය පහුගිය දවස්වල කොහෙද හිටියේ? මට නම් පෙනෙන්නේ ලකුණු දමාගන්න හදනවා වගේ? (නදී)
අජිත් කරුණාරත්න Monday, 26 January 2015 02:18 AM
ලලිත්, පසුගිය ආණ්ඩුව කාලයේ කරපු තරමක් දුෂිත් ක්‍රියා රජයේ නිලධාරීන් නොදැක්ක නොවේ. ඒවාට විරුද්ධව රාජකාරි කරන්න ගියා නම්, එක්කෝ දිවයිනේ කෙළවරකට මාරුවීම ලැබෙයි. නැත් නම් තත්වෙට නොගැලපෙන රාජකාරියක් භාර දෙයි. නැත්නම් අතුරු දහන් කරයි දැක්කනේ කොළඹ ප්‍රකට සුදුව ඇල්ලුවා. යුනිට් එකම විසුරුවල දැම්මේ (නදී)
ගුණේ Monday, 26 January 2015 03:01 AM
චන්ද්‍රලතා පිට රටින් ඇතුල් රටට එන්න. මේ හැමර් රිය වෙන්දේසියේ විකුනනවා. ඔයාට මේක වෙන්දේසියෙන් මිලදී ගෙන තෙල් ලීටරයක් ගහගෙන කිලෝ මීටරයක් යන්න පුළුවන් (අවශ්‍ය නම් තනියට මාත් එන්නම්) (නදී)
රාම් රාජ් Monday, 26 January 2015 03:13 AM
දන්නෙ නැති නිසා අහන්නේ.මේවා ලියාපදිංචි කරලා නම් තියාගන්න තහනම් ඇයි? (නි)
චන්ද්‍රලතා පිට රටක සිට Sunday, 25 January 2015 02:27 PM
දැන් මේ ලොකු ලොක්කෝ දසදුක් විදලා රටට ලෝකෙට අඩබෙර ගස ගසා වටිනා කියන හොරකන් කරපු දේවල් ගොඩාක් අල්ලාගෙන තිබෙනවා. මම අහන්නේ දැන් මෙතනින් පස්සේ මේ දේවල් වලට මොකද වෙන්නේ ? (නදී)
චන්ද්‍රලතා Sunday, 25 January 2015 02:49 PM
මේ දේවල් අල්ල ගත්ත ලොකු ලොක්කන්ගේ ගෙවල්වලට තමා මේවා බෙදිලා යන්නේ (නදී)
චමින්ද Monday, 26 January 2015 03:46 AM
කරුණාකරලා මේවා අාපහු පිට රට වලට විකුණලා මුදල් මහා භාණ්ඩාගාරයට ගන්න. (නදී)
ප්‍රශීන් Sunday, 25 January 2015 03:33 PM
වටයක් පදින්න ඉල්ල ගන්න බැරි වේවිද දන්නේ නැහැ. අපිට කොහෙන්ද පූසෝ මාළු. (නදී)
නවීන් Monday, 26 January 2015 04:14 AM
හිටපු ජනපතිතුමාට මඩගහන එක හොඳද? ඕක එයාගේ කියලා ඔප්පු වුණේ නැහැනේ (නි)
අප්පුහාමි Monday, 26 January 2015 04:53 AM
මම කාගෙවත් හෙන්චයියෙක්වත් කාටවත් කඩේ යන්නෙක්වත් නෙවෙයි. නමුත් මේ තාක් කියවුණ හොරකම් සහ වංචා අහවල්ලු කළාය කිය කියා තවමත් තියෙන්නේ කටකතා මට්ටමේයි. මේවා කවුරු කරපුවාද කියලා හෙළිදරවු කරන්න ලැබිලා තියන කාලය හොඳටම ඇති. මේ වාහනය වුණත් ලියාපදිංචි කරලා තියෙන්නේ කාගේ නමටදැයි කියා හෙළිදරවු කරන්න පුළුවන්කම තියෙද්දී එක එක කටකතා නිර්මාණය කර පැතිරවීම ජනතාවට බාරදී නිකම් සිටීම යහපාලනය නම් නෙමෙයි. (නි)
ජගත් සයිප්‍රස් Sunday, 25 January 2015 04:48 PM
ආ දැන් එතකොට ලංකාවේ හමර් තහනම්ද ? (නදී)
අසංග Monday, 26 January 2015 05:05 AM
මේක දැන් ඇත්තටම විහිළුවක් වෙලා වගේ පෙනෙන්නේ. අද ලංකාවේ සල්ලිකාර මනුස්සයෙකුටවත් හොඳ වාහනයක් තියාගන්න බැරි කාලයක් උදාවෙලා තියෙන්නේ. කොහේහරි හොඳ වාහනයක් තියනවා දැක්කොත් ඉවරයි. (නි)
ජනක Monday, 26 January 2015 05:20 AM
අප්පුහාමි කියන කතාව ඇත්ත. මේ වගේ සංදර්ශන නිසා තමයි පහුගිය ආණ්ඩුව පෙරලුනේ. (නි)
උයන්ගොඩ Sunday, 25 January 2015 06:12 PM
මෙම හමර් නැමැති ඇමරිකානු වාහනය ඇමරිකාවේ නිෂ්පාදනය කිරීම නතර කළේ එහි ඇති අධි දාරිතා ඉන්ධන වියදමත්, පාරිසරික දුෂනයත් නිසා එය විකිනීමට අපහසු නිසායි. එහෙත් ලංකාව වැනි දුප්පත් සංවර්දනය වන රටවලට මෙම වාහන කිසි සේත් ගැලපෙන්නේ නැහැ. නැහැ. එහෙත් මහජන මුදලින් නඩත්තුවන දේශපාලුවන් මේවා මිලට ගන්නේ ඒවාට ගසන ඉන්දන උවත් මහජන මුදලින් ගසා නඩත්තු කරන බැවිනි. රටට සිදුවන පාරිසරික දුෂණයද ඔවුන්ට වැටහෙන්නේ නැත. (නදී)
හිරාන් Monday, 26 January 2015 05:50 AM
මේකේ අයිතිකරු කවුද කියලා කියන්න බැරිද? (නි)
සම්පත් Sunday, 25 January 2015 07:11 PM
අපිට තමයි හුළං! (නි)
චතුර Monday, 26 January 2015 06:20 AM
ඇයි මේවා හංගලා. තව මේ වගේ කොච්චර ඇත්ද?(හේ)
රුවන් Monday, 26 January 2015 07:00 AM
මේ වගේ බොළඳ දේවල් කර කර ඉන්නනිසා දින 100න් කරනවා කියපුව මිනිස්සුන්ට අමතක වෙනවා. තවම කරනවා කියපු කිසි දෙයක් කරලා නැහැ. විධායක ජනාධිපතිකම ආ විගසම ඉවත් කරනවා කිව්වා. පෙට්ට්‍රල් 100 ට අඩුවෙන් දෙනවා කිව්වා. වයි/ෆයි නොමිලේ දෙනවා කිව්වා. ඇමති මන්ඩලය 25යි කිව්වා. කෝ කියපුව කරාද? (නදී)
ශ්‍යාමා කුමාරි රත්නමල්ල Monday, 26 January 2015 07:01 AM
චන්ද්‍රලතා බන්දුල පෙරේරාට ජයවේවා. (නදී)
උපාලි Sunday, 25 January 2015 11:07 PM
අනේ බේබි නෝනේ, මගේ පුතාට හමර් එපා. බාබර් සාප්පුවට යන්න රු. 100 ක් දෙනවා නම් ඒ ඇති. (නදී)
පද්මිණී Monday, 26 January 2015 07:23 AM
චන්ද්‍රලතා, හොදට ලෝක සිතියම අරගෙන බලන්න. ඇත්තටම ඔබ ඉන්නේ පිටරටකද කියල? (නදී)
අශාන්ත Monday, 26 January 2015 12:56 AM
වෙන්දේසියේ විකුණලා මුදල් රජයේ අරමුදලට එකතු කරාවි.(නදී)
සමන්ත Monday, 26 January 2015 01:24 AM
චන්ද්‍රලත් මේ ආණ්ඩුව කරන හොඳ දේවල් ගැන මාර ඉරිසියාවකින් ප්‍රතිචාර දාන්නේ. මොන අාන්ඩුකළත් හොඳ දේවල් කරනකොට හොඳයි කියන්න නිහතමානි වෙන්න. (නදී)