බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් බිග් බෑෂ් තරගාවලිය අතරතුරදී රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සජීවී සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ හතලිස් හතරදහස් හාරසියක පමණ දඩ මුදලක් නියම කිරීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් ක්‍රීඩා සමාජය ක්‍රියා කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
‘නෙට්වර්ක් 10‘ නමැති රූපවාහිනී නාලිකාවේ මෙල් මැක්ලලින් නිවේදිකාව බිග් බෑෂ් තරගාවලියේ එක් තරගයක් අතරතුර තරගයේ තත්ත්වය පිළිබඳ ගේල්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ
‘මම කැමැත්තෙන් සිටියේ ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමටයි. අද මට ඒ අවස්ථාව ලැබුණා. ඔයාගේ ඇස් මුල්වරට මම දැක්කා. ඒවා හරිම ලස්සනයි. මේ තරගය ජයග්‍රහණයෙන් පසු අපිට එකට බොන්න පුළුවන්. ලැජ්ජා වෙන්න එපා කෙල්ලේ‘ යනුවෙනි.
ඇයට ලජ්ජාවෙන් මූණ රතු කර නොගන්නා ලෙසද ගේල් පවසා තිබිණි. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සිය විරෝධය දක්වා තිබූ අතර පසුව ක්‍රිස් ගේල් මේ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා තිබූ බව වාර්තා විය.
කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හොරණ ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුව
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් තරුණියක සහ කොරියානු ජාතික විදේශීය සංචාරකයකු සෙල්ෆි
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු ට මරු කැදවා 40කට තුවාල සිදු කරමින්
අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් ’’ටික් ටොක්’’ සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අ
වැලිකඩ මැද වැලිකඩ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට කොළඹ සහ කෝට්ටේ ගිනි නිවන ඒකක දැඩ පරිශ්‍රයක් දරන බව පොලිසිය කියයි.
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා රාජ්‍ය නිලධාරීන් 9000 ක ප්‍රමාණයක් යොදවනු ඇතැයි කළුතර මහා දිසාපති සහ තේර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කට වරද්දාගත් ක්‍රිස් ගේල්ට දඩ
රන්ජිත් Thursday, 07 January 2016 06:24 AM
ඕස්ට්‍රේලියාවේ වෙන දේවල් වල හැටියට මෙම කතාව ගණන් ගතයුතු නැත (නි)
ඉමේෂ් Tuesday, 12 January 2016 04:39 AM
හම කලුයි නේ. ඔහොම තමාව ඕව. මේ අපිත් ඉන්නේ. (බ)
හේවගේ Wednesday, 06 January 2016 12:18 PM
මමං අගය කරන වටිනා ක්‍රීඩකයෙක් ....විහිළුවක් කරන්න ඇති නේද ? ඔයිට වඩා දේවල් ඕස්ට්‍රේලියාවේ ලංකාවේ වෙන්නේ නැද්ද ? (කෞ)
මංගල Saturday, 09 January 2016 07:58 AM
කාන්තාවන්ට බොහොම ගරුකරන රටක අනවශ්‍ය විහිලු තහළු හොඳ නැහැ. (නි)
මහින්ද Saturday, 09 January 2016 08:01 AM
මේක විහිළුවක් බව පෙනෙනවා. කෙල්ල යනකොට පිටට තට්ටුවක් දාන්නේ කළ විහිළුව නිසයි. සුද්දා කල්ලෙක් නිසා දුරදිග ගිහින් වගෙයි (නි)
සමීර Wednesday, 06 January 2016 07:30 AM
අනිවාර්යයෙන්ම තරඟයෙන් පස්සේ හමුවෙලා බොන්න ඇති. ඒවා එහෙම තමයි (නි)
බන්දුල Sunday, 10 January 2016 02:11 AM
මෙම විහිළුව අශෝභන නැත. බොහෝ අය නිතරම අසභ්‍ය වචනත් ප්‍රසිද්ධියේ කියනවා. සුද්දන් කරන වැඩ වරදක් ලෙස සළකන්නේ නැත. (නි)
අබරන් Wednesday, 06 January 2016 04:16 AM
ලෝකයේ ගොඩක් රටවල් දියුණුයි වගේ පෙන්නුවට උන්ට අධ්‍යාත්මික දියුණුවක් නැහැ. (ම)
චින්තන Wednesday, 06 January 2016 04:08 PM
ඕකට කියන්නේ සුදු කළු බේදය කියල ප්‍රශ්නය කළු පුද්ගලයෙක් කරලා තියෙන්නේ සුද්දෙක් කල නම් කියයි විහිලුවට කියල (කෞ)
කෝසල Tuesday, 12 January 2016 02:33 AM
අයියෝ මේක හරිම පොඩි විහිළුවක්නේ. නරක දෙයක් කිව්වා කියලා හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් මාධ්‍යවේදිනියක් නිසා විහිලුවට නොගත්තා නම් හොඳයි. (නි)
අශෝක Wednesday, 06 January 2016 05:02 AM
ඔහු විහිළුකාරයෙක් , හිතා මතා කරපු දෙයක් නොවයි (බ)
ශානක Thursday, 07 January 2016 05:53 AM
ඔහු කෙරේ බරපතල වරදක්. එය කුමන රටක කරත් අශෝබනයි. (ර)