IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කට වහපං සිරියාවතී

ජාතික චිත‍්‍රපට සංස්ථාව සංවිධානය කළ 2011 කෙටි චිත‍්‍රපට උළෙලේදී ”හොඳම චිත‍්‍රපටය”        ”හොඳම අධ්‍යක්‍ෂණය” සහ ”හොඳම රංගනය” සඳහා හිමිවන සම්මාන ත‍්‍රිත්වයම චමිලා රුවන් කුමාරි අධ්‍යක්‍ෂණය කළ ”කට වහපං සිරියාවතී” චිත‍්‍රපටයට හිමිවිය. යොවුන් පුවත්පත් කලාවේදිනියක ලෙස ”නාඩන් බට්ටිච්චි” ආදී නවකතා සමගින් පාඨක හදවත් දිනූ චමිලා කලක් ගුවන් විදුලි වැඩසටහන් කළමනාකාරිනියක ලෙසද කටයුතු කළ අතර මේවන විට ට‍්‍රයඞ් දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ සහය නිර්මාණ අධ්‍යක්‍ෂිකාවක ලෙස සේවය කරන්නීය. ”කටවහපං සිරියාවතී” ඇගේ කුළුඳුල් කෙටි චිත‍්‍රපට නිර්මාණයයි. තම හඬට පවුල තුළ, පාසල තුළ මෙන්ම සමස්ත සමාජය තුළම ඉඩක් නොලැබීම හේතුවෙන් පීඩාවට පත් කාන්තාවකගේ අනුවේදනීය කතා පුවතක් රැගත් ”කට වහපං සිරියාවතී” පිළිබඳවත් ලැබූ සම්මානයන් පිළිබඳවත් අදහස් දක්වමින් චමිලා රුවන් කුමාරි මෙසේ සිය හඬ අවදි කළාය. ”මේ චිත‍්‍රපටයේ නිරූපණය වන අයුරින් අසහනයට පත්වන කාන්තාවන් අපේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙනවා. තම අයිතීන් ගැන තමන්ට ඇති ගැටලූ පිළිබඳ හඬක් නගන්නට යන බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ට සමාජයෙන් ලැබෙන්නේ ”කට වහපං” යන අණයි. ගැහැනියකට පිරිමියෙකුගෙන් පමණක් නොවෙයි තවත් ගැහැනියකගෙන් වුණත් ලැබෙන්නේ මේ ප‍්‍රතිචාරයමයි. කට වහපං කියා ඇගේ කට වැසුවත් හිතට එන ඒ සිතිවිලි මරන්න බැහැ. මේ නිසා කාන්තාව විශාල මානසික පීඩනයකට ලක් වෙනවා. තමන් කළ දේ වැරදියි කියා සමාජය තේරුම් ගන්නා විට බොහෝ සෙයින් ප‍්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. මේ ඛේදාන්තය ගැන සමාජය දැනුම්වත් කරන්නයි මම මේ කෙටි චිත‍්‍රපටය රචනා කර අධ්‍යක්‍ෂණය කළේ. මගේ අදහස කාන්තා පිරිමි අප කවුරුත් සමාජයේ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කාන්තාවන් පිරිමින් ලෙස අප වෙන්වී සිටිය යුතු නැහැ. කරන දේ පිළිබඳ නිසි අවබෝධයක් දැක්මක් ඇතිව කැපවීමෙන් ඒ කාර්ය කිරීමයි වැදගත් වෙන්නේ. සමාජ යථාර්ථයක් පටු ස්ත‍්‍රිවාදී අගතීන්ට යට නොවී ඉදිරිපත් කිරීමට මෙම චිත‍්‍රපටයේදී මා උත්සාහ කළා. ලැබුණු සම්මානවලින් සනාථ වන්නේ මගේ ඒ උත්සාහය සාර්ථක බවයි.” ගම්පහ මහාමායා විද්‍යාලය, කිරිල්ලවල මහා විද්‍යාලය, වදුරඹ මධ්‍ය මහා විද්‍යාලය සහ ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චමිලා පුවත්පත්වලට ලිපි ලිවීම අරඹන්නේ පාසල් වියේදීමය. පාසලට සමුදී සුවඳ යොවුන් පුවත්පත හා එක්වූ ඈ ලියූ නවකතා පාඨකයින් අතර බොහෝ ජනප‍්‍රිය විය. දැන්වීම් නිර්මාන ශිල්පිනියක ලෙස ඇගේ දායකත්වයෙන් නිමැවුණු ලිප්ටන් ලා ඕජී, නිපොලැක්, සන්සිල්ක්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආදී දැන්වීම් ඉතා ජනප‍්‍රිය වූ අතර ඒවාට ඇගැයීම් සම්මානද හිමිවිය. නමුත් ඒ සෑම සම්මානයකටම වඩා තමාට වටින්නේ තම පාඨකයින්ගෙන්, ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබෙන ඇගැයීම් බව චමිලා පවසන්නීය. සිරස ගුවන්විදුලිය සහ ඇය ලියූ ‘‘අරලියා මං ආදරෙයි’’ ගුවන් විදුලි නාටකය වැඩිම ශ‍්‍රාවක ප‍්‍රතිචාර ලැබූ දහවල් ගුවන් විදුලි නාටකය බවට පත්විය. ”මම එකම ක්‍ෂේත‍්‍රයකට කොටුවී ඉන්න කැමැති නැහැ. විවිධත්වයක් ඇති කටයුතුවල නියැළෙන්නට මම කැමැතියි. දැන්වීම් ක්‍ෂේත‍්‍රයට ආවත් මම නවකතා ලිවීම නවතා නැහැ. ඉකුත් සැප්තැම්බර් මාසයේත් සාහිත්‍ය උත්සවය නිමිති කරගනිමින් නාඬන් බට්ටිච්චී 1, 2 නුහුරු හසරැල් හා ඔබ දේදුන්න ආකාසයේ” යන කෘති හතර මා එළිදැක්වූවා. ”කටවහපං සිරියාවතී” ගැන යළිත් කතාකළොත් මෙහි රඟපෑ ඩිල්කි නෙත්මිණී දියණිය හොඳම රංගනයට හිමි සම්මානය ලැබුවා. ට‍්‍රයඞ් දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ සම කළමණාකාර අධ්‍යක්‍ෂ තනතුරු දරණ වරුණි ප‍්‍රනාන්දු අමුණුගම, දිලිත් ජයවීර, ප‍්‍රධාන විධායක නිලධාරී සර්ව අමරසේකර සහ රිල්ලා කාමිල්, චන්දන ගාමිණී යන හිතවතුන් ලබාදුන් සහයෝගය, ධෛර්යය නොවන්නට මට මේ තරම් සාර්ථක නිර්මාණයක් කරන්නට නොහැකි වෙන්න තිබුණා. එමෙන්ම මෙහි රංගනයෙන් දායක වූ ලියෝනි කොතලාවල, උදයංගනී සමන් කුමාරි, කලණ ගුණසේකර, කැමරා අධ්‍යක්‍ෂණය කළ රුවන් කොස්තා, සංගීතයෙන් දායකවූ රුවන් ශ්‍රී වල්පොල, කලා අධ්‍යක්‍ෂණයෙන් චරිත් වික‍්‍රමතිලක වගේම හොරණ තල්පාවිල ගම්වාසීන් මට විශාල සහයෝගයක් දුන්නා. දැන් ඉතින් චිත‍්‍රපටයකුත් කරන්නැයි මගෙන් බොහෝදෙනා ඉල්ලීම් කරනවා. චිත‍්‍රපටයක් කිරීම පහසු නැහැ. දුරදිග බලා එහි කටයුතු සැලසුම් කළ යුතුයි. හොඳ තේමාවක්, තේමාවට සාධාරණය  ඉටුවන තිර පිටපතක්, හොඳ නළු නිළි පිරිසක්, සංගීත අධ්‍යක්‍ෂණය සහ අවශ්‍ය පරිදි මුදල් වියදම් කිරීමේ හැකියාව නැතිව චිත‍්‍රපටයක් සාර්ථක කරගන්න බැහැ. එම අංග පහ සපුරා ගන්නට ලැබුණු දිනෙක මාත් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරයි යනුවෙන්ද ඇය කීවාය.

ඩයනා උදයංගනී
හොඳම රංගනය-ඩිල්කි  



අදහස් (0)

කට වහපං සිරියාවතී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 49 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 129 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 419 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1040 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 766 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1479 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site