කොටි.සංවිධානය යළි කිසිම දිනක මේ රටේ හිස ඔසවන්නේ නැති බවත් දෙමළ ජනතාව යළි යුද්ධයක් කෙරෙහි තල්ලු වන්නේ නැති බවත් යුද්ධයක අවශ්‍යතාව ඇත්තේ දකුණේ ඇතැම් දේශපාලන බලවේගවලට බවත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥාණම් යාපනයේදී පැවසුවේය.
එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සහ යුද උපකරණ රැසක් පසුගිය දින යාපනයේදී හමුවීම පිළිබඳව විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.
‘එල්.ටී.ටී.ඊ.නායකයා වූ ප්‍රභාකරන් තනි මතයකට අනුව ගෙන ගිය අරගලය ''කරිෂ්මාවක්'' බවත් ඔහු මිය යාමත් සමගම යළි එම සංවිධානයට පණදීමට කිසිවෙකුත් නෑ. ලෝකයේ වෙනත් රටවල එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිටින නමුත් ප්‍රභාකරන් නොමැති පරිසරයක යළිත් ආයුධ සටනක් සංවිධානය කිරීමට කවරෙකුටවත් හැකි වන්නේ නෑ. ප්‍රභාකරන්ගේ තනි මතවාදය දැන් අවසන් වී ඇති බැවින් දෙමළ ජනතාව යළිත් එවැනි අරගලයක් කෙරෙහි හෝ ආයුධ සටනක් කෙරෙහි කෙසේත් විශ්වාසය තියන්නේ නෑ‘ යැයිද සභාපතිවරයා කීවේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කොටි සංවිධානය යළි හිස ඔසවන්නේ නෑ‘
ශ්‍රියා Wednesday, 06 April 2016 08:53 AM
ඔය ඇත්තමද ? (බ)
උද්දික Wednesday, 06 April 2016 09:01 AM
එහෙනම් කොහොමද අර ආයුධ ගෙනාවේ ? (බ)
අජිත් Wednesday, 06 April 2016 10:20 AM
ආයුධ අහුවුන නිසා මෙහෙම කියනවා!(හේ)
සරසි Wednesday, 06 April 2016 06:13 AM
කොහොමද හරියටම කියන්නේ.(හේ)
ටෙනිසන් Wednesday, 06 April 2016 06:32 AM
මේවාට මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
දසුන් Wednesday, 06 April 2016 11:59 AM
ඔබේ ප්‍රකාශයේ සත්‍යතාවයක් තිබෙනවා.දේසපාලන වාසිලබාගැනීම යුද්දයක් යලි ඇවිලෙන තුරු බලාසිටින කොටසක් ඉන්න බව ජනතාව කියනවා. (හේ)
අසෝක Wednesday, 06 April 2016 06:50 AM
බලමුකෝ. අපිත් ඉන්නේ මෙහෙනේ.(හේ)
ජයසේකර Wednesday, 06 April 2016 06:53 AM
දී කිරට බළල්ලුත් සාක්කිලු....(හේ)
සමීර Wednesday, 06 April 2016 07:07 AM
බය වෙන්න එපා එක තමයි ඇත්ත. හැබැයි සමගිය වෙනුවට එක එක වැඩ කරලා ඒ මිනිස්සු පිඩාවට පත් කරොත් ප්‍රශ්න ඇතිවෙයි (කෞ)
දුමින්ද Wednesday, 06 April 2016 07:26 AM
ඔච්චරටම විශ්වාසද (බ)
ධනංජය Thursday, 07 April 2016 09:15 AM
කොහොමද ඔබතුමා හරියටම කියන්නේ.(හේ)