IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ එම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් අද (10) පැවැසීය.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙනි.

ලොතරැයි පත් දෙකකින් විශාල මුදල් සම්භාරයක් ජයග්‍රහණයක් ලැබූ මොහු නැසී ගිය අතිශය ජනප්‍රිය සිනමා නළුවකුගේ නමින් හැඳින්වෙන අයෙකි.

නිතිපතාම පාහේ ලොතරැයි පත් මිලදී ගන්නා මෙම පුද්ගලයා එම ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලාය.

පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැයි පත් දහයක් පමණ මිලදීගෙන යන බව කියති.

ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.

රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැවසේ.

වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් කියති.

දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඩීම සඳහාය.

කෝටිපතියකු වෙලත් පොල් කඩන්නේ ඇයිදැයි කියා විමසන අවස්ථාවේ ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් ලබා නොදෙන බව ප්‍රදේශවාසීහු කියති.

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණු කාරණා අවබෝධ කර දී එම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇත.

මීට වසර එක හමාරකට පමණ ඉහතදී මෙම පොල් කඩන්නාට රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවීමේ පුවත ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවිය.

 



අදහස් (24)

කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා

උපාසක Thursday, 11 April 2024 06:54 AM

සැරියුත් මහ රහතන් වහන්සේ වැඩසිටි සමයේ ආහාරයක් අතට ගත්තට වළදන්න නොලැබෙන හාමුදුරු නමක් ඉදලා තියෙනවා උන්වහන්සේ අන්තිමට ආහාරයක් ගත්තා කියන්නෙ පාත්‍රය සැරියුත් මහ රහතන් වහන්සේගේ අතේ තියාගෙන කියලා තමයි කියන්නෙ ඒ පූර්වයේ කරපු පාපකර්මයක් නිසා කියලා තමයි කියන්නෙ ඉතින් මේ කතාව ඇහුවම මට ඒ කතාව මතක් වුනා කොහොම වුනත් මුදල් තැන්පත් කල බැංකුවේ නිළධාරි නැත්නම් කවුරු හෝ මොහුගේ අනාගතය සාර්ථක වෙන්න උදව්වක් කලොත් ලොකු පිනක් කියන්න පුළුවන්

:       0       7

SarasiMonday, 22 April 2024 10:08 PM

අඩු ගණනේ අර අම්මාටවත්, සුව පහසුවට ඉන්න දෙන්න ජීවිතේ ඉතිරි කාලේ.

:       1       3

ගමේ එකෙක් Thursday, 11 April 2024 08:59 AM

පොල් කඩලත් ගන්නේ බොහොම සාධාරණ ගානක්. මනුස්සයාට හරි යනවා.

:       0       5

de silva Thursday, 11 April 2024 09:17 AM

සමහරු කොපමණ ධනස්කන්ධයක් තිබුණත් ඒවා බැංකුවේ දමාගෙන පොලිය දෙස බලාසිටිනවා මිස ඒකෙන් සැප විඳින්නේ නැත...

:       0       4

විමල් Thursday, 11 April 2024 10:06 AM

මුදල්ම ජීවිතය යැයි සිතන ජනසමාජයට එහි ඇති දෙපැත්ත ගැන සිතා බලන්නට වැදගත් හා මහපොළවෙන් ලැබෙන පණිවිඩයක්. සතුටින් සරලව ජීවත් වීමට අතිවිශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බව හා පමණ ඉක්මවා මුදල් වියදම්කරත් මුදල් හැකියාව තුල පමණක්ම සතුට නොමැති බව. ඒවගේම පින පව යන මූලික ගුණදහම් වල ඇති සහසම්බන්ඳයත් මනාවට මෙහි පෙන්නුම් කරනවා. ස්තුතියි.

:       2       1

Thilan Thursday, 11 April 2024 11:06 AM

සතුට කියන්නෙ එකිනෙකාට සාපේක්ෂ මානසික කරුණක්,සැප පහසුව එකක් සතුට එකක්.මොහු තම වෘත්තීය කිරීමෙන් තෘප්තියක් සහ සතුටක් ලබනවා ඇත.මුදල් වලින්ම සතුට,තෘප්තිය ලබාගත නොහැක.

:       0       2

Nihal Thursday, 11 April 2024 11:50 AM

සැපවත් ජීවිතයක් ගත කරන්න පින තියෙන්න ඕනෑ

:       0       6

Upasaka Thursday, 11 April 2024 02:15 PM

මේ වගේ අයට පින් මදි... තමන්ට ලැබුණු දේ පරිහරණය කරන්න. පෙර භවවල දන් දීලා තියෙනවා. හොඳට... නමුත් අඩුපාඩු ඇතිවයි දන් දීලා තියෙන්නේ... තෝදෙයිය බමුණා වගේ...!

:       0       6

විජිත් Thursday, 11 April 2024 05:50 PM

සුබ පැතුම් !!! එදා ජීවිතය ජිවත් කරන්නට ඔබ හෙලු ලේ කඳුළු ඩහදිය පමණක් නොව සුසුම් වලටත් මිලකළ නොහැකි අගයක් ලැබී ඇත.

:       0       2

පි ජයසිංහ Thursday, 11 April 2024 08:34 PM

කටුස්සගේ කරේ රත්තරන් බැන්දට වැඩක් නැ.

:       1       1

Bamunuarachchi Thursday, 11 April 2024 09:46 PM

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා. දෙවියෝ ඔබ‍ට වරම් දෙකක් දීලා තිබෙනවා. තුන්වැනි වරම ගැන පරිස්සමින්. වැරැදි විදිහට මුදල් පාවිච්චි කළොත් තිබුණා මොකක්ද එකත් නැතිවෙලා යාවි.... මුදල් හම්බකරනවාට වැඩි දැනුමක් මුදල් වියදම් කරන්න තිබෙන්න ඕනේ....

:       0       2

Vajira Friday, 12 April 2024 12:26 PM

මේ අසරණ මනුස්සයාට පැහැදිලි කරලා දෙන්න මේ මුදල් අවසානයේ රජයට හරි පෞද්ගලික බැංකුවට හරි හිමිවෙන බව. අම්මට හොඳින් සලකා ගෙන සැපසේ ජීවත් වෙන්න උපදෙස් දෙන්න බැංකුවේ ත් වගකීම

:       0       4

YAMUNA Friday, 12 April 2024 08:03 PM

මුදල් සම්බන්ධයෙන් දැනුමක් තේරුමක් නොමැති අයෙක් වෙන්න ඇති...

:       1       11

A.R.Weerasena Saturday, 13 April 2024 05:25 AM

තවත් කෝටි 6ක් ඇදියන්.

:       0       13

අපෝන්සු මධුමලි Saturday, 13 April 2024 09:31 AM

ඒ වගේ කෙනෙකුට ඇදීම ගැන මමත්, මගේ පවුලේ අයත් හදවතින්ම සතුටු වෙනවා... සුබපැතුම්...!

:       1       16

P.. A. V.. S. KUMARASIRI Saturday, 13 April 2024 04:51 PM

හොඳම සාර්ථකත්වය ලැබෙන්නේ බොහෝ අසාර්ථකත්වයන්ගෙන් පසුවය.

:       0       9

Kmj kumararathna Saturday, 13 April 2024 07:02 PM

පව් අහිංසකයා. අපට නැතත් ගොඩක් සතුටුයි. සතුටින් ඉන්න. බුදු සරණයි...!

:       0       12

Samantha Wednesday, 17 April 2024 07:01 AM

සතුටුයි තව තව ලැබෙන්න ඕනේ නිහතමානී මනුස්සයෙක් ❤️

:       0       6

මුතු මැණිකේ Wednesday, 17 April 2024 04:32 PM

සල්ලි කියන්නේ තේරුමක් නැතුව නාස්ති කරන්නවත් තේරුමක් නැතුව පොදි ගහන්නවත් ඕනෑ දෙයක් නෙවෙයි. සල්ලි ලැබිලාත් දුක් විඳිනවා නම් පූර්ව කර්ම තමයි. නැතුව අනේ වාසනාව, යහපත් pol කඩන්නා, නිහතමානී මිනිස්සු කියලා අගය කරන්න ඕනෑ වැඩක් නෙවෙයි..!

:       1       6

Tom Thursday, 18 April 2024 04:34 AM

පාර්ලිමේන්තුවට මෙහි පිටපතක් යවන්න ආදර්ශයට ගන්න . නෑ එපා අහිංසකයාටත් එකතුවෙලා කෙළියි .

:       1       2

PA Ra Thursday, 18 April 2024 11:04 AM

ඔහු මොලය පාවිච්චි කරනවා. ඒ ඔහු වයෝවෘද්ධ වුණාම ඒගැන සිතා... දැන් ඔයා මාව බලාගෙන පරණ පුරුදු ජීවිතය ගත කරනවා වගේම ඔහුගේ ආරක්ෂාව ගැනද හිතනවා.

:       3       0

අනූශා Saturday, 20 April 2024 08:04 AM

පව්.. ඒ මුදලේ ප්‍රමාණයවත් ඒවා වියදම් කරන විදිහවත් ඒ මනුස්සයාට තේරුමක් නැතුව ඇති... ඔය අතරේ ගෑනියෙක් සෙට් වුනොත් ඔක්කෝම කම්මුතුයි... කවුරුහරි ගමේ වැඩිහිටියෙක් ඒ මනුස්සයාගේ විශ්වාසවන්තයෙක් අවංකවම මග පෙන්වනවා නම් තමයි හොඳ... ඒත් ගමේ ඉන්න කෙනා තව කෙනෙක් තමන්ට වඩා දියුණු වෙනවාට කැමැති නෑනේ...

:       0       2

ලයිමා Saturday, 27 April 2024 12:42 PM

පවු අහිංසකයා

:       0       0

අමාරිස් Monday, 29 April 2024 09:58 AM

සල්ලි වියදම් කරල හොද ජීවන තත්වයක් උදාකරගන්ඩත් පින තියෙන්ඩ ඕන.කෝටි ගනන් ලැබිලත් ඔහේ ඉන්නවනම් උෟ මනුස්සයෙක් වෙන්ට බෑ.සල්ලි තිබුනත් යම් ප්‍රමානයකින් හරි වියදම් කරල සරල ජීවිතයක් ගතකරන්ඩත් පින තියෙන්ඩ ඕන දුකයි ඉතින්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 19 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 804 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1516 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1372 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 389 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 348 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38453 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site