IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොටි හිංසනය ගැන පිල්ලේට වාකරෙන් පැමිණිලි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ නැගෙනහිරදී රජයේ හා හමුදා නිලධරයන් හමුවීමට අමතරව රජයේ ආරක්ෂකයන් නොමැතිව කිලිවෙඩ්ඩි අනාථ කඳවුරට හා නාවල්අඩි ගමට ගියාය.

කොමසාරිස්තුමියගේ උපදේශක රෝරි මුද්දවන් වාකරේහිදී පැවසුවේ සියලු අවි ගත් කණ්ඩායම්වලින් සිදුවූ හිංසනයන් සොයා බලා සාධාරණය ඉෂඨ කිරීම එක්සත් ජාතික සංවිධානයේ අරමුණ බවයි.

ඔහු එසේ කීවේ දෙමළ ජනයාගෙන් පෙත්සම් රැසක් පිළිගනිමිනි. එම පෙත්සම් වැඩිහරියකින් කියැවුණේ කොටි සංවිධානයෙන් තමනට හිරිහැර වූ බවයි. අතුරුදන් කිරීම් හා ඝාතන රැසකට කොටි සංවිධානයේ එදා සිටි නැගෙනහිර නායකයකු සම්බන්ධ බව ඔවුහු කීහ.

 



අදහස් (0)

කොටි හිංසනය ගැන පිල්ලේට වාකරෙන් පැමිණිලි

ප්‍රසන්න Thursday, 29 August 2013 04:23 AM

දසුනි කියන එක හරියටම හරි. එක තමයි අද ලංකාවේ තත්වය. මට හිතෙනවා ඔයාගේ කටේ මාළු පාන් ගෙඩියක් ඔබන්න. (අ)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 29 August 2013 01:55 PM

ප්‍රභාහරන් හිටිය නම් අද පිල්ලෙගෙ පිල්ලියටවත් එන්න දෙන්නේ නෑ අපේ ජනාධිපති තුමා හිටිය නිසා හොදා.(නදී)

:       0       0

නිලන්ත Thursday, 29 August 2013 06:47 AM

එදා නැගෙනහිර හිටපු මිනීමරුවා කරුණ අම්මාන්. අනිකා පිල්ලෙයාන්. ප්‍රභාකරන් ඉවර නිසා ඒයා ගැන දැන් කියන්නේ නෑ. අවසාන යුද්දේ අපරාදයක් නොවේ. දිනන්න යුද්ද කරන්නේ එහෙම තමා. මාතලේ මිනී වල ගෙන කියන්න කව්රුවත් නැති එක ගැන දුකයි.(නදී)

:       0       0

නිශාර්ඩ් Thursday, 29 August 2013 02:22 PM

මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් නැවි පිල්ලෙ මහත්මිය කරන අතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධව කාටද පැමිණිලි කරන්නෙ !!?? (ස)

:       0       0

චින්තක Thursday, 29 August 2013 07:01 AM

දසුනි, අප ඔබ ගේ අදහස් දැක්වීමට ඇති අයිතියට ගරු කරනවා . නමුත් කියා ඇත්තේ නම් අන්තිම මොන්ටිසෝරි කතාවක්. මේ හදන්නේ කරුණාව කුඩු කරන්න. (නදී)

:       0       0

ලලිත් Thursday, 29 August 2013 07:21 AM

කිරිපොවල ඇතිදැඩි කරපු කට්ටිය හම්බවෙන්න ආරක්ෂකයෝ මොකටද? (අ)

:       0       0

සරත් Thursday, 29 August 2013 07:23 AM

ප්‍රභාකරන් මොන තරම් අහිංසක සන්තුවරයෙක්ද . එයා මරපු එකම මදිද පිල්ලේට, සිංහල හමුදාවට සහ රජයට විරුද්දව කටයුතු කරන්ට. (අ)

:       0       0

ලලිත් Thursday, 29 August 2013 07:32 AM

පිල්ලේ ඇවිල්ලා ඉන්නේ ඔය කියන දේවල් අහන්න නෙමෙයි (නි).

:       0       0

අසේල Thursday, 29 August 2013 08:19 AM

පිල්ලේ මහත්මිය කියා තිබෙනවා මානව හිමිකම් පිළිබද ප්‍රශ්ණ ගොඩක් අපේ රටේ තියනවා කියලා.ජාත්‍යන්තරය විසින් අපේ රටට ඉබේම ඇගිලි ගහන්න අවස්ථාව ලැබෙනවා. (නි)

:       0       0

සේන Thursday, 29 August 2013 07:41 PM

කරුණාකර ශ්‍රී ලාංකිකයන්ට සුහදව ඉන්න ඉඩ දීලා නෝනා යන්න (නි)

:       0       0

දිල්හානි Thursday, 29 August 2013 08:53 AM

මගේ අදහස නම් එල්ටීටීඊ එකේ හිටපු සියලුම අයට දඩුවම් දිය යුතුයි. කාටවත් කිසිම සමාවක් නොදිය යුතුයි. (ස)

:       0       0

කුමාර Wednesday, 28 August 2013 07:46 PM

එදා සිටි නැගෙනහිර නායකයාටත් අණ දුන්නේ ප්‍රභාකරන්.එවැනි පිලි නොගත්තොත් ඔහුත් මරනවා.එ නිසා ප්‍රභාකරන්ගේ මතයේ ඉන්න අය තමා වග කියන්න ඕනේ.එදා හිටපු නායකයන් ප්‍රභාකරන්ගෙන් ඉවත් උන නිසා තමා යුද්ධය දින්නන්න ලේසි උනේ.එක නිසා මොන වරද තිබුණත් එ අයට සමාව දිය හැක.මොකද එ අය ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් උන නිසා. (අ)

:       0       0

ඇසළ Wednesday, 28 August 2013 07:53 PM

''හිංසනයන් සොයා බලා සාධාරණය ඉෂඨ කිරීම'' මෙහි අදහස ඉදිරියේදී අපේ යුද විරුවන්ට විරුද්ධව පරීක්ෂණ පටන්ගන්නවා කියන එකද.? (අ)

:       0       0

නන්ද Wednesday, 28 August 2013 08:05 PM

සිංහල අයට පෙත්සම් දෙන්න බැරිද? කවුරුත් ඒ ගැන කතා නැහැනේ (නි)

:       0       0

වර්ණකීර්ති Thursday, 29 August 2013 09:45 AM

එල්ටීටීඊ එක මොන තරම් අහිංසක මිනිස්සුන්, දරුවන්, දේපොළ විනාශ කලද. නමුත් කවුරුත් අද ඒවා ගැන කතා කරන්නෑ, රටක සාමය හොඳ නම්, සම්පත් තියෙනවා නම් රට දියුණු කරන්න පුළුවන් (ස)

:       0       0

දෙව්මිත් විතානගේ Wednesday, 28 August 2013 08:39 PM

කොටි කරපු තිරිසන්වේද පිල්ලේ බලන්නේ අපේ රණවිරුවන්ගේ වරදිවිතරද(අ)

:       0       0

දසුනි Wednesday, 28 August 2013 09:19 PM

කුමාර කියන විදිහට ප්‍රභාකරන් හිටියානම් එයාවත් ඔය මොන හරි කියල, නිදස්කරලා ඒ වෙලාවට පාරේ යන අහිංසකයෙක්ව අල්ලලා , පෝරකේට යවන්න තිබුණ. ඔය කියන" ප්‍රජාතන්ත්‍රවාදය" අපේ රටේ එක එක්කෙනාට බලපාන්නේ,එක එක විදිහටනේ.හැමෝටම එක සමානව නෙමෙයි. එහෙම නේද?.(අ)

:       0       0

වීරසුරිය Wednesday, 28 August 2013 09:57 PM

ඇමරිකාව මුස්ලිම් රටවලට ගහල අහිංසක මිනිස්සු මරනවා. නමුත් පිල්ලේට ඒවා පෙන්නේ නැහැ ඒවා පහුකරලා අපිට වින කරනවා. එල් ටි ටි කාරයෝ සිංහල මිනිස්සු කොච්චර මැරුවද. ඔවුන්ගේ නෑයන්ට පුළුවන් මෙයාට කියන්න.(නදී)

:       0       0

රෝහණ Thursday, 29 August 2013 10:51 AM

පිල්ලෙ මැතිනිය හරි හැටි තමන්ගේ හදවට උගත් දැනුමට අනුව වැඩ කල යුතුයි. හැදියාව හා අවංකකම කියන්නේ අනිත් අයගේ ඉගැනුම් බස් වලට අවස්ථාවාදීන්ගේ බස් වලට සවන් නොදිය යුතුය. කොටින්ට කත් අදින නිවට දේශපාලකයන්ගේ හඞට නොව යුක්තිය සාධාරණය අනුව තමා තීරණ ගත යුත්තේ. නමුත් එය එසේ වේවිද කියලා කියන එක කළුනික හමුවුණා වගේ වේවි. මොකද දේශපාලක අතරත් තිබෙන්නේ රටට ආදරය නොව අවස්ථාවාදී අදහස් දරන අයයි. එම තරමට අද ලංකා මෑණියන් අසරණ වෙලා. (ස)

:       0       0

ශාන් Wednesday, 28 August 2013 09:59 PM

ඇයි යුද්ධය තියෙනකොට ආවේ නැත්තේ?  සිංහල, දෙමළ මිනිස්සු යුද්ධෙන් බැටකාපු හැටි දැකගන්න තිබුනේ. ඇයි බෝම්බ පිපිරෙනකොට ඇවිත් කතා කළේ නැත්තේ. (නදී)

:       0       0

සෙන්තිල් Wednesday, 28 August 2013 10:07 PM

රණවිරුවෝ ගොඩාක් වැරදී කොරල තියෙනවා, ඒ නිසා ඔවුන්ටත් මෙම දඬුවම දිය යුතුයි. ලොකු ලොකු අයටත් දඩුවම් දියුයුතුයි. දඩුවම වැරදි කරන කාටත් පොදු විය යුතුයි.(නදී)

:       0       0

ෂෙල්ටන් Wednesday, 28 August 2013 10:29 PM

කුමාර හරි.(නදී)

:       0       0

කමල් Wednesday, 28 August 2013 11:06 PM

කොටින්ගෙන් හිරිහැර වුණා කියලා දුන්න ඒවා නම් විසිකරයි (නි)

:       0       0

ජයනි Wednesday, 28 August 2013 11:44 PM

අපේ රට විනාශ වුණේ මේ මිලේච්ච ත්‍රස්තවාදීන් නිසා බව මුළු ලෝකයම දන්නවා.සිංහල ,දෙමළ,මුස්ලිම් කියන සැමදෙනා ගේම ජීවිත නැති වුණා.එක ජාතියක් වෙනුවෙන් පෙනී සිටින කිසිම සංවිධානයක් හෝ නිරීක්ෂකයෙක් ඒක පාර්ශිකව පරීක්ෂණ පැවැත්වීම සුදුසු නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 671 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 918 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1377 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2525 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3327 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35054 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site