IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘කොටි හිස ඔසවන කථාව බොරුවක්‘

විවිධ ග්‍රහචාර විග්‍රහ කරමින් ශ්‍රී ලංකාව තුළ යළි කොටි ත්‍රස්තවාදය හිස ඔසවන බව ජ්‍යෙතිෂය සම්බන්ධයෙන් අනාවැකි කියන එක්තරා ප්‍රසිද්ධ හා ප්‍රවීණ යැයි කියාගන්නා ජ්‍යෙතිෂවේදියකු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවසූ බවත් එය විශාල මුලාවක් බවත් යෝගී සුජිත් නිශාන්ත පවසයි.

එවැනි දෙයක් කියන්නේ නම් එය ජනතාව මුලා කිරීමක් බවත් තමා ඔහු සමග ඕනෑම මොහොතක විවාදයට සූදානම් බවත් සුජිත් නිශාන්ත යෝගීවරයා සඳහන් කරයි. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය නිවැරදිව හදාරන්නේ නැතිව මෙවැනි බොරු කරන අයට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

 

 



අදහස් (0)

‘කොටි හිස ඔසවන කථාව බොරුවක්‘

රුවන් Thursday, 13 August 2015 08:37 AM

ජ්‍යෝතිෂ අනාවැකි අනවශ්‍ය යි .මහින්ද මයා රැවටුවා.එනිසා රට අවුලක් වුනා.මේ කාලයේ සල්ලිවලට කහින අය හැම තැනම (බ)

:       0       0

සුජීව Tuesday, 11 August 2015 04:29 AM

පටලව ගන්න එපා. කොටි කොටි කියල. නම මොකක් වුනත් එන්නේ බෙදුම්වාදය....සියලුදෙනාම කල්පනාවෙන් වැඩ කරන්න. අපේ දරුවන්ට රටක් තියෙන්න ඕනේ (බ)

:       0       0

රොෂාන් Tuesday, 11 August 2015 04:29 AM

ඔය කතාව කියපු කෙනා කියන්නෙම බොරු අත් දැකීමෙන් මම දන්නවා (බ)

:       0       0

වසන්ත කුමාර Tuesday, 11 August 2015 10:56 PM

කවුරු මොනවා කිවුවත් ජ්‍යෝතිෂය යනු පුළුල් විෂයක්. එම විෂය සුළුවෙන් දැනගත් පමණින්, මුළු ක්‍ෂේත්‍රයම දැනගත් අයකු වශයෙන් අනාවැකි කියන අයත් සිටිනවා. (නි)

:       0       0

අමාලි තිලකරත්න Tuesday, 11 August 2015 04:35 AM

2002 අපිව රැවැට්ටුවා. අායෙත් එ්ක වෙන්න ඉඩ තියෙනවා. (බ)

:       0       0

නිරුල් Monday, 17 August 2015 02:04 AM

ලංකාවේ මිනිස්සු මේ වගේ අනාවැකි විශ්වාස කරනවද? (නි)

:       0       0

සමිර Tuesday, 11 August 2015 04:51 AM

පොඩ්ඩක් හිතන්න මොකක්ද මේ බෙදුම් වාදය. හැමෝම හිතාගෙන ඉන්නේ හමුදාව යොදල බෙදුම් වාදය නතර කරන්න පුළුවන් කියලද එහනම් මහත්තුරු ඔය ගොල්ලෝ සේරටම වැරදිලා බෙදුම් වාදය හරි මොන වදයක් හරි නවත්තන්න පුළුවන් සමානාත්ම තාවයෙන් විතරයි. (ම)

:       0       0

සුජිත් Tuesday, 11 August 2015 04:52 AM

ග්‍රහචාරය අනුව කොටි එනවානම් මහින්ද බලයට පත්කරා කියලා එයාට බැහැනේ ග්‍රහවස්තු එහාට මෙහාට කරන්න.(ම)

:       0       0

ධම්ම Tuesday, 11 August 2015 04:54 AM

ඊළඟ රජයේ රාජකීය දෛවඥයා වෙන්නද කල්පනාව? (ම)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 11 August 2015 05:08 AM

දැන් අපිට මේ ජ්‍යෙතිෂය කාරයන්ගෙන් ප්‍රවේශම් වෙලා ඉන්න කාලේ ඇවිත්. මේ මිනිස්සු දෙපැත්ත ගිනි තියමින් තමා බඩ වඩා ගන්නේ. වෙන මුකුත් සෙතක් වෙන්නේ නෑ (බ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 11 August 2015 05:10 AM

නැවත කොටි හිස ඔසවන්නේ නැතිනම් මොකටද ප්‍රභාකරන්ගේ පිළිරුවක් හදන්න යන්නේ. ත්‍රස්තවාදය අපේ රටේ පටන් ගන්න පෙර ඔය කිසි කෙනෙක් සාස්තර බලල කීවේ නැහැ අපේ රටට වෙන්න යන විපත. (ම)

:       0       0

දහම් Monday, 10 August 2015 04:06 PM

මේ ජ්‍යෝතිෂය ඕනේ නැහැ, දැක්කද වන්නි යූ එන් පී ද්‍රවිඩ අපේක්ෂකයා කියපු දේ. අපේ රට අපේ ජාතියයි. අපේ රටේ රත්තරන් නායකයා ප්‍රභාකරන්. ඔහේ ඉතින් බයිලා කියනවා. (බ)

:       0       0

හේමන්ත Monday, 10 August 2015 04:32 PM

කොටි හිස ඔසවන බව දැනගන්න ජ්‍යෙ‍ා්තිෂවේදී වෙන්න උවමනා නැහැ. ද්‍රවිඩ ජාතිකයෝ වැඩිපුර සිටින රටක මැරුණු කොටි සමරන මහවිරු දිනයක ටිකක් ඇවිද්දා නම් බලාගන්න පුළුවන් වෙන්නේ මොනවද කියලා. (නි)

:       0       0

නිහාල් Tuesday, 11 August 2015 05:25 AM

කොයි සාත්තර කාරයද කිව්වේ අවුරුදු 30 යුද්දය තියෙනවා කියලා.මහින්ද යුද්ධය නවත්තනවා කියල කිව්වද.(ම)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 05:26 AM

ජෝතිෂ්‍ය සහ දේශපාලනය යනු වෙනස් විෂයන් වේ (ම)

:       0       0

සොපී Thursday, 13 August 2015 06:06 PM

දේශපාලන විශාරදයින් අනතුරු අඟවන කරුණු ගැන නැහැ කියන්න හදනවද? (නි)

:       0       0

සුදීර Tuesday, 11 August 2015 09:24 AM

යෝගී සුජිත් නිශාන්ත මහතාණෙනි,මා ඔබතුමා සමඟ 100%ට 100ක්ම එකඟ වෙමි.මාත් ඔය කියන ජ්‍යෝතිෂ වැඩ සටහන බැලුවා.ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ පුරසාරම්.මහින්දට කළගුණ සළකනවා නම් එයාගේ අනුගාමිකයන්ට කියනවා මහින්දට ඡන්දය දෙන්නලු.මා එතැනින්ම රූපවාහිනිය වසා දැමුවා. (නි)

:       0       0

මාලිි Monday, 10 August 2015 04:53 PM

මේ එක දෙයක්වත් මම විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

උමේෂී Tuesday, 11 August 2015 09:33 AM

දැන් රටේ ජනතාව බුද්ධිමත් (නි)

:       0       0

ශානක Monday, 10 August 2015 06:15 PM

18 වෙනිදට බලමුකෝ (නි)

:       0       0

හේවා සරත් Wednesday, 12 August 2015 06:27 AM

කව්ද හරි බලමුකෝ (නදී)

:       0       0

නිහාල් Wednesday, 12 August 2015 04:49 PM

ප්‍රදීප් කුමාර ඔබ රට ගැන ඔයිට වැඩියෙන් අවධානය යොමුකරන්න. එවිට සත්‍ය වැටහේවි.(නදී)

:       0       0

හේවා සරත් Wednesday, 12 August 2015 06:28 AM

මංජුල පීරිස් මහතා හරි අපිට විශ්වාසයි (නදී)

:       0       0

ටී සුනිල් Wednesday, 12 August 2015 10:41 AM

මංජුල පීරිස්ට කඩේ යන අයවලුන්,කරුණාකර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ යසපාල සේනාදිසිංහ මහතාගේ කොළම බලන මෙන් කරුණාවෙන් ඉල්ලීමක් කරනු කැමැත්තමි. (බ)

:       0       0

විජිත Monday, 10 August 2015 06:52 PM

ජ්‍යෝතිෂය කියන්නේ මොකද්ද කියලාවත් සමහරු දන්නේ නැහැ එදා තරු හා අනෙකුත් ග්‍රහ වස්තුවල බලපෑම නිසා පරිසරයේ වෙනසත් සමඟ වෙනස්වන මනසත් සමඟ වෙන දේවල් ගැන කෙරෙන විස්තරය සටහන්වුණ ඒ පරණ පොත් තාම තිබෙනවා. අද ඒ ග්‍රහ වස්තු එදා තිබුන තැන දැන් නැහැ (නි)

:       0       0

නන්ද Monday, 10 August 2015 07:20 PM

බුද්ධිමත් අයට ඔය කතා තේරුම් ගන්න පුළුවන්. ඕනෑ කෙනෙකුට තේරෙනවා මේ වෙලාවේ ඔය වගේ කතා වලින් වාසිවෙන්නේ කාටද කියන එක. (නි)

:       0       0

සමීර Thursday, 13 August 2015 06:14 AM

අපිට නම් ඇත්ත තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 12 August 2015 10:52 AM

හිටපු ලොක්කට ගෙදර යන්න වුනෙත් සියල්ල දත් ජ්‍යෙතිෂවේදියෙක් පස්සේ ගිහිල්ල. දැන් එතනට තවත් කෙනෙක් ඇවිත් බයිලා ගහනවා. මෙයාල දාහක් කියන කොට කනාපල්ලමේ දහයක් විතර හරියන,ඊට පස්සේ ඒ ගැන තප්පුලනව. නමුත් අර වැරදුන නවසිය අනූව ගැන මීක් නැහැ.මොනවා කරන්නද, රටේ නායකයෝ වෙන්න හදන දෙන්නත් තරගෙට ගස් ගල් වලට වදිමින් කෝවිල් ගානේ යනකොට. (බ)

:       0       0

උද්දික Monday, 17 August 2015 04:59 AM

ග්‍රහ තාරකා වලට පුලුවන් නම් අනාවැකි කියන්න මොන එහෙකෙට යුද්දයක් කලාද ? (නදී)

:       0       0

සිරිල් Tuesday, 11 August 2015 01:54 PM

එතුමාගේ කතාව අපිත් ඇසුවා තව කෙනෙක් වෙනුවෙන් කඩේ ගියා වගේ දෙයක් මට හිතෙන්නේ (නදී)

:       0       0

ඉන්දික Monday, 10 August 2015 08:03 PM

ප්‍රභාකරන් ඔච්චර මිනිමරනතුරු මොකුත් කරගන්න බැරිවුණ අය දැන් පණ්ඩිත කතා කියනවා. තවත් මිනිස්සු මුලාකරන්න නම් එපා. බුද්ධි වාර්තාවල සඳහන් වෙනවා නේද අවදානමක් ඇති බව?

:       0       0

දිමුත් Tuesday, 11 August 2015 06:04 AM

මෙතුමා ඔය කියන්නේ මංජුල පීරිස් ගැන. මාත් ඒක දැක්කා. මම නම් එයා කියන ඒවා විශ්වාස කරන්නේ නැහැ.(ම)

:       0       0

ඉමල්කා Tuesday, 11 August 2015 02:00 PM

අනේ එහෙනම් දෙමල සන්ධානේ, ඩ්යස්පෝරාව මේ බොරුවක් වෙන්න ඇති කොරන්නේ. මේවා ඇස් කන් තියන ඕන කෙනෙකුට පේනවා. (නදී)

:       0       0

සිරිල් Wednesday, 12 August 2015 05:57 PM

මෙවැනි අනාවැකි වලට දායක වීමෙන්, මහජනයා තුල ඇති විශ්වාසය ගිලිහි යා වී දෝ?. (නදී)

:       0       0

නිමන්ත Sunday, 16 August 2015 07:43 AM

ලෝකයේ බිහිවුණ දරුණුම ත්‍රස්තවාදය එල්ටීටීඊ කියලා හැමෝම දන්නවා. ආයේ ඒකේ දෙකක් නැහැ (නි)

:       0       0

මහින්ද Thursday, 13 August 2015 06:37 AM

මමත් පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

විපුල Tuesday, 11 August 2015 02:17 PM

සමානාත්මතාවය තිබෙන රටවල් බොහොම අතළොස්සයි තියෙන්නේ. සිංහල අපට ලැබුණු මේ දිවයින රැකගනිමු . (නි)

:       0       0

දේශාන් Sunday, 16 August 2015 07:51 AM

මෙවර මහින්ද දිනනවා (නි)

:       0       0

කුමාරසිරි Monday, 17 August 2015 05:48 AM

කවුරුවත් කියන්න උවමනා නැහැ දිනන අය දිනනවා (නදී)

:       0       0

කමල් Saturday, 15 August 2015 03:42 PM

නිලාන් -කටාර්, ඔයා දන්න දෙයක් ගැන කතාකරන්න (නි)

:       0       0

පාලිත Tuesday, 11 August 2015 09:54 AM

හැබැයි රට ගැන සාමන්‍ය දැනීම බින්දුවයි. රට විනාශ කළ ප්‍රභාකරන්ට දෙමළ මිනිස්සු දෙවියන්ට වගේ සළකනවා. හැබැයි අපේ සිංහලයෝ ප්‍රභාකරන් මරපු මහින්දට අද හොරා හොරා කියලා ගරහනවා (නි)

:       0       0

දොම්පේ Monday, 10 August 2015 10:26 PM

මහත්තයෝ, ජ්‍යෝතිෂය ඕනෑ නැහැ. දැන් රටේ වෙන දේවල් වලින් ඕනෑම කෙනෙකුට පෙනෙනවා කොටි හිස ඔසවනවාද නැද්ද කියලා. (නි)

:       0       0

දහම් Tuesday, 11 August 2015 02:42 PM

ශක්ති කරුණාකරලා වන්නි දිස්ත්‍රික්කයට යූ එන් පී එකෙන් ඉල්ලන දෙමල අපේක්ෂකයාගේ කතාව බලන්න අහන්න. (නදී)

:       0       0

ශක්ති Tuesday, 11 August 2015 12:43 AM

දහම්, පටු දේශපාලන අරමුණු සඳහා ජාතිවාදය මතුකරන්න එපා. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 11 August 2015 01:30 AM

ජාති බේද අවුළුවලා, මිනිසුන්ගෙ හිත් ගිනිතියලා, එකට ජීවත්වෙන්න පුලුවන් ජාතීන් අසමගි කරලා කොටින්ට පාර කපන්න පුළුවන්. නැති කොටි ඇති කිරීමේ අදහස ඒකම තමයි. කොටි ඇති තාමත් හිත්වල. ඒත් රටේ සාමය සහජීවනය තිබේ නම් ජේවීපී වගේම එයාලත් පාර්ලිමේන්තුවට එයි. (නි)

:       0       0

ශිහාන් Tuesday, 11 August 2015 02:00 AM

ප්‍රභාකරන් ඔච්චර මිනීමරනතුරු මොකුත් කරගන්න බැරිවුණ අය දැන් පණ්ඩිත කතා කියනවා. තවත් මිනිස්සු මුලාකරන්න නම් එපා. බුද්ධි වාර්තාවල සඳහන් වෙනවා නේද අවදානමක් ඇති බව.මහත්තයෝ, ජ්‍යෝතිෂය ඕනෑ නැහැ. දැන් රටේ වෙන දේවල් වලින් ඕනෑම කෙනෙකුට පෙනෙනවා කොටි හිස ඔසවනවාද නැද්ද කියලා...18 වෙනිදට බලමුකෝ (නි)

:       0       0

මෙරාවත්ත Wednesday, 12 August 2015 12:21 PM

ටී සුනිල්, ඔබගේ දැනුවත් කිරීමට තුති. ලෝකයේ උතුම් රට ලංකාවයි කීවාට,බොරු වපුරන, මිත්‍යාවෙන් දෑස අඳ වූ රුපවාහිනිය ඉදිරිපිට පැය ගණන් කාලය කා දමමින් ජෝතීර්වේදීන් කියාගන්නා බොරු කාරයන්ට රැවටෙමින් කාලය ගතකරන,බත් කන හරක් සිටිනා එකම උතුම් රට ලංකාව වේ. මෙවැනි මිනිසුන් දැනුවත් කිරීම, බීරි අලින්ට වීනා ගැයුවා හා සමාන වේ. (නදී)

:       0       0

කුමාර ගාමිණී Thursday, 13 August 2015 02:47 AM

ශ්‍රී ලංකා යුධ බුද්ධි අංශය තිබෙනතුරු නැවතත් කොටියාට අපේ රට තුළ ක්‍රියාත්මකවීම සිහිනයක් පමණි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 17 August 2015 08:09 AM

ථෙරවාදී බුදුදහම තිබෙන රටේ බොදුනුවන් ජෝතිශයට වහල් වීම මටනම් ප්‍රහේලිකාවක්. හේතුව බුදුන් දේශනා කර තිබෙන්නේ අන්ධ භක්තිය පිළිනොගෙන මනසට මුල්තැන දී අප්‍රමාදීව කටයුතු කරන්න කියා. අප කරන්නේ කුමක්ද අතේ තිබෙන සල්ලි ටික ජෝතිශයට පුජා කරලා ඔවුන් කියනා සම්ප්‍රප්පලාප පසුපස ගොස් ජීවිතයේ සාර්ථකත්වය අහිමි කර ගන්නා එක නේද ? මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේවා ප්‍රතික්ෂේප කරන්න. සත්වයෙකු මව් කුසට පැමිනි දා සිට මැරෙන මොහොත දක්වා ඔහුට තිබෙන්නේ සැපට වඩා දුක් පැත්ත. ඔබට අපලයි කියා ජෝතිෂ්‍ය කියන්නේ මෙන්න මේ දුකයි. ඉතින් මේ දුක දැනගන්න මොකටද ඔබ ඔබේ මුදල් නිකරුනේ ජෝතිෂ්‍ය කරුවන්ට පුජා කරන්නේ ? ඔබ හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගය හදාරන්න. එයිනුත් සම්මා සතිය පිළිබඳව අධ්‍යනය කරන්න. ඔය ජෝතිෂ්‍ය කරුවන් අපල තිබෙනවා කියා දෙන ප්‍රතිකර්ම වෙනුවට සම්මා සතිය ඔබට පෙන්වා දෙනවා. ජීවිතය වරද්දා ගන්නේ නැතිව අපල වලින් මිදී ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය බුදුන්ගේ අන්තිම අවවාදය පිළිබඳව සිත යොමු කරන්න. අප්පාමාදේන සම්පාදේත. මේ වදන තුල ජෝතිශයට ,රාහු කාලයට ඉඩක් නැත්තේය (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 17 August 2015 08:15 AM

අවශ්‍ය ප්‍රශ්නයට අවශ්‍ය විසදුම් නොසොයා තාවකාලික පැලැස්තර දමන්න ගියොත් කොටි නොවෙයි නරි උනත් හිස ඔසවන්න පුළුවන්. (නදී)

:       0       0

ලලිත් Tuesday, 11 August 2015 06:01 PM

ජ්‍යෝතිෂ කතාව අමතක කරන්නකෝ.උතුරේ දේශපාලකයෝ බෙදුම්වාදයකට සැරසෙනවා දිනු රට රැකගන්න. අපිට නිර්භීත නායකත්වයක් ඕනෑ. (නි)

:       0       0

ටී සුනිල් Wednesday, 12 August 2015 08:08 AM

නැති ගෝනි බිල්ලෙක් මවාපාගෙන දේශපාලන වාසි ගන්න හදනවා. මංජුල පීරිස් ජෝතිශයේ නාමයෙන් කාටද කඩේ යන්නේ කියා ඉතා පැහැදිලයි. පුරාන සෘෂි වරුන් ලොවට පහන් සිතින් දායාද කළ උතුම් ජෝතිෂ්‍ය සාස්තරය ජරා දේශපාලනයේ නාමයෙන් නොකෙලෙසන මෙන් ඉල්ලා සිටිමි. (නදී)

:       0       0

රජීව් Tuesday, 11 August 2015 07:27 AM

යුද්දේ තියෙද්දී ප්‍රබාකරන් මැරෙනවද නැද්ද කියල ඔය සාත්තරේට අහුවුනේ නැද්ද? (නදී)

:       0       0

කුමාර් Monday, 17 August 2015 06:03 PM

සමහරුන්ට නම් හොඳටම රිදිලා (නි)

:       0       0

දහම් Wednesday, 12 August 2015 08:22 AM

එතකොට ටී සුනිල්, අර දිවස් තියෙන යෝගී තුමා කියන එක ගැන ඔබ මොකද කියන්නේ.(නදී)

:       0       0

නිලාන් - කටාර් සිට Tuesday, 11 August 2015 03:56 AM

කොටින්ගේ ක්‍රියාකාරකම් ගැන කිවේ අපි නෙමෙයි.ඇමරිකාවෙන් ,ලෝකයේ හොඳම බුද්ධි අංශය තියන රට. යහාපලනයට මේක තේරුම් ගන්න තාමත් බැරිවෙලා. මහත්වරු ඇවිත් ඇත්ත වහන් කරන්න හදනවා, දේශපාලුවන්ට කඩේ යනවා .මෙවැනි දේ මිනිසුනට අතරට යොමුකොට රටට ද්‍රෝහිවෙන්න එපා මහත්තයෝ (ම)

:       0       0

මහේෂ් Tuesday, 11 August 2015 08:05 AM

ජ්‍යෝතිෂය මාත් විශ්වාස කරන්නේ නැහැ. එ්ත් රටේ තත්ත්වය බලද්දී කොටි කතාව බොරුවක් කියන්න බැහැ. (නි)

:       0       0

ටී සුනිල් Wednesday, 12 August 2015 08:37 AM

දහම්,යෝගී තුමා ඉල්ලා සිටින විදිහට මංජුල පීරිස්ට ප්‍රසිද්ද විවාදයකට සහබාගි වී කරුණු පැහැදිලි කිරීමට බැරි ඇයි? කෙලින් කොන්දක් තියේ නම් බාර ගන්න කියන්න අබියෝගය. අපිත් බලාගෙන ඉන්නම්. (නදී)

:       0       0

තාරා Saturday, 15 August 2015 08:24 AM

මහින්ද දිනන්නේ නැහැ (නි)

:       0       0

ඉන්ද්‍රානි Tuesday, 11 August 2015 08:05 PM

එතුමාගේ අනාවැකිය මේ කාල වකවානුවේම ප්‍රකාශ කලේ මොකද ? ජනතාව රවට්ටන්න නම් හිතන තරම් ලේසි නෑ මොකද කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසුවොත්. (නදී)

:       0       0

ප්‍රදීප් ක්‍රමාර Wednesday, 12 August 2015 08:40 AM

කොටි ඔලුව උස්සන්නේ කොහෙද ? (නදී)

:       0       0

දුල්මි Tuesday, 11 August 2015 04:06 AM

ඔය කවුරු මොනවා කීවත් වැඩේ තියෙන්නේ අපේ අතේනේ. 18 වෙනිදාම බලා ගන්න පුළුවන්.ඔය කතා කියන අයට මොනවා කියන්න බැරිද. (බ)

:       0       0

දහම් Tuesday, 11 August 2015 11:24 AM

ශක්ති, පටු හරි පුළුල් හරි දේශපාලනේ කරන්න හරි නොකරන්න හරි ජීවත් වෙන්න එක රටක් තියෙන්න ඕනේ. ඔයා ම බලන්න ඒ වීඩියෝ එක. වන්නි යූ එන් පී අපේක්ෂකයා එහෙම කියනවද නැද්ද කියල. දෙමල පක්ෂෙක කෙනෙක්නම් තව කමක් නැහැ කියමුකෝ. මේ යූ එන් පී අපේක්ෂකයමනේ.අපි ජාතිවාදීන් නෙමේ. හැබැයි මේ අය ජාතිවාදී. ඒක පිළිගන්න. අපට තිබෙන්නේ මේ රට පමණයි. ඒක අමතක කරන්න එපා. දේශපාලනෙට වඩා වටින්නේ රට. (බ)

:       0       0

විදු Tuesday, 11 August 2015 04:11 AM

කොටින්ට සල්ලි දුනේ මහින්ද කේ පී ට රජ සැපදුන්නේ මහින්ද පීල්ලයාන් ට සැප දුනේ මහින්ද කරුණ අම්මාන් ශ්‍රීලනිප නියෝජ්ජ ලේකම් කම දුන්නේ මහින්ද 2004 සුනාමි - ප්‍රබාකරන් එක්ක ගිවිසුම අත්සන් කළේ මහින්ද ඉතින් මහින්ද 58 ලක්ෂයක් ගොනාට අන්දනවා (බ)

:       0       0

චන්දා Tuesday, 11 August 2015 11:31 AM

යෝගී බෙරිහන් දීමකට අභියෝග කරන්න සමතෙක් තුන්ලොවම නැත. ඕනෑ කෙලියක් කොරන්න නිවහල් නිදහස් රටක් තිබිය යුතු බව නොදන්නා හරකුන්. (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 13 August 2015 08:28 AM

හැමදාම මිනිස්සු බය කරලා උතුර දකුණ පටු අදහස් වලින් වෙන් කරලා කතා කරනකම් කොටි ඉන්නවා එහෙම නැතිව එක රටක් විදියට හිතන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න කියල පටු බලලෝබි හරක්ට කියමු මේ පාර ඡන්දෙදි (බ)

:       0       0

සෙනෙවි Monday, 17 August 2015 12:37 AM

එහෙම කිවුවා කියමු. ඒත් ඒ කියන විදියටද රට පාලනය වෙන්නෙ? හිතනවද ඊළාම් අදහස් ඉක්මනින් අවසන්වේ යැයි කියලා? (නි)

:       0       0

විජයබාහු Tuesday, 11 August 2015 08:23 AM

මේ මනුස්සයට කොලොප්පන්ද කොහෙද ජෝතිෂ්‍ය හින්දා ඇස් පේන්නෙත් නෑ කන් ඇහෙන්නෙත් නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3714 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩුනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 7 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 63 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 89 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 171 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14674 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site