(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 34 ක්, හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 254 ක ප්‍රමාණයක් තිබු බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් තම්මැන්නා කඳවුරේ භට කණ්ඩායමක් ඊයේ අලුයම ඌරුමලේ වෙරළ තිරයේ සිදුකළ හදිසි සේදිසියකදි වෙරළේ තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සෝදිසි කිරීමේ දී එහි සුක්ෂම ලෙස සඟවා තිබු මෙම මත්ද්‍රව්‍ය තොුගය සොයාගෙන ඇත.
ඩිංගි යාත්‍රාවේ පාර්සල් 10 ක මේවා අසුරා තිබු බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සිදුකරන සෝදිසි මෙහෙයුම් වල ප්‍රතිපලයක් වශයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
කිසියම් සැකකරුවන් පිරිසක් මේවා මුහුදු මගින් රැගෙන විත් පිටතට රැගෙන යාම සදහා යාත්‍රාවේ සඟවා නාවික හමුදාව දැක පලා යන්නට ඇති බව නාවික හමුදාව සැකකරයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කෝටි 10ක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි
Kumar Wednesday, 18 October 2023 04:04 AM
මත්ද්‍රව්‍ය අල්ලන එක ගැන නිතරම ඇසෙන්නට ලැබෙනවා. අවසානයේදී සිදුවන දෙය ගැන ලියන්නකෝ.