IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි දොළහ හමාරේ අල්ලස් මුදල ඉල්ලාලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදු කළ බව ඇතුළු චෝදනා 16 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එවකට එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි 12 ½ ක අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරුන්ය.

2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පංචිකාවත්තේදී රුපියල් මිලියන 150 ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.

එම කුමන්ත‍්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125 ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කර තිබේ.

රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබිණි.

පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්ෂාවට භාජන කර ඇති බවත් එහිදී නිසි අන්දමට මෙම භාණ්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300 ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවනු ඇති බව පවසා එය අඩුවෙන් ගණනය කර රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සලසා දීම සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවස්ථාවේදී ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

රුපියල් මිලියන 150 ක මුදල ඉල්ලීමේ සිද්ධියෙන් පසුව පැමිණිලිකරු අවස්ථා ගණනාවකදී විත්තිකරුවන් සමග සාකච්ඡා කර අල්ලස් මුදල රුපියල් මිලියන 125 දක්වා අඩු කරගෙන ඇති බවත් ඉන් අනතුරුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125 ක මුදලක් පැමිණිලිකරුගේ ව්‍යාපාරික ස්ථානයේදී ලබාගන්නා අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනකුත් ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී සෙසු විත්තිකරුවනුත් අත්අඩංගුවට ගෙන ඇතැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන හා සාක්කිවලට අමතරව හඬපට සහ රූප දර්ශන සහිත වීඩියෝ පටද සාක්කිලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.



අදහස් (6)

කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු

Perakum Monday, 02 October 2017 04:52 AM

රේගුවේ ලොක්කෝ පොඩ්ඩෝ එක්කොම අල්ලස් ගන්න එක අමුත්වෙන් කියන්න ඕන නැහැ. වැරැද්ද තියෙන්නේ ඒවා අල්ලන්න ඇති උනන්දුව නැතිකම. නැති නම් බැරිකම. හේතුව හරියට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

:       0       6

Thilak Monday, 02 October 2017 04:56 AM

මට මතක නැහැ.. දන්නේ නැහැ කිව්වා නම් ඉවරයිනේ..

:       0       34

Sanjay Monday, 02 October 2017 06:00 AM

ඔක්කොම සිංහල අය නේද?

:       0       1

shameer Monday, 02 October 2017 06:16 AM

රේගුව සුද්ද කරන්න ගියොත්, අවුරුදු 100ක් විතර යයි ....

:       10       15

Raveendra Monday, 02 October 2017 07:23 AM

තිලක් මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අපද ගරු කරන්නෙමු. දැන් අපටද ඕනෑම අසීලාචාර, අලුගුත්තේරු වැඩකර ඉතා පහසුවෙන් කිසිම හිරිකිතයක් නැතුව එලෙස (දන්නේ නැහැ, මට මතක නැහැ, මම අල්ලපු ගෙදර ඇඳේ නිදාගෙන හිටියේ) පැවසීමට හැකිවන වටපිටාවක් සලසා දීම පිළිබඳව සහ මහජනතාවගේ විශාලම මුදල් හොරා ගැනීම වෙනුවෙන් "දෙනුලබන කුසලානය හිමිකරගත්" එ් අයට අප සියල්ලෝම අසීලාචාර ලෙස හෙළා දකින්නෙමු.

:       0       57

pradeepa Monday, 02 October 2017 09:29 AM

රේගුව කිව්වොත් මුලින්ම මතක්වෙන්නේ අල්ලස් ගන්න එකනේ......රේගුවේ මහත් හොරු සල්ලි හුගක් තියෙන අය කියල පුංචි දරුවෝ පවා දන්නා දෙයක්නේ.....ඉතින් මේවා වෙනස්කරන්න මොන සක්කරයා ආවත් බැහැ. මේවා පෞද්ගලික කරණය කරන්න ඕනේ ......රජයේ කියල රටට මොකක්ක්ද ඇති සෙතේ. හොරෝ ඇල්ලුවා කියල දඩුවම් දෙන්නේ කවුද ?? නීතියේ ලොක්කොත් ජරාව ගන්නේ මේ අයගෙන්නේ ....මේක ජරාව චක්‍රයක් කීවොත් නිවැරදි. අනේ රටේ මුදල් වලට වෙන දෙයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 84 0

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 290 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 275 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 288 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 329 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 605 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site