IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කෝටි 12 ක මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි

(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)

රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා "කුෂ් " නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති  තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (06) දින සවස  අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

මෙම  "කුෂ් " තොගය තුනී ලෑලි වලින් සකස් කළ පෙට්ටි තුනක ව්‍යාජ පතුල් සකසා ඒ තුළ සඟවා කැනඩාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුමක් තුළ බහා ශ්‍රී ලංකාවට එවා තිබුණි .

ගංජා තොගය අත් අඩංගුවට ගත් රේගු නිලධාරීන් විසින්  මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සේනක ඇරැව්පොළ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන සුගන්ධි පද්මනාදන් සහ අජිත් රූපසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන ඉසුර සුමනරත්න , සහන් ලාලිත්‍ය , රුවන් පෙරේරා සහ ෂෙහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .       



අදහස් (2)

කෝටි 12 ක මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි

Kule Friday, 06 October 2023 08:17 PM

නඩුභාණ්ඩ ලෙස ඉතා ස්වල්පයක් අධිකරණයේ බාරයට ගෙන ඇති. ඒවා ආණ්ඩුකාර මහතුන් කීප දෙනෙකුගේ අධීක්ෂණයෙන් විනාශ කරලා දමන්න බැරිද? නැතිනම් ඕවා පහුවෙනකොට පාන් පිටි වෙනවා.

:       1       0

Rata Perata Saturday, 07 October 2023 01:54 PM

අල්ලපු අයගේ පින්තූර දාන්න දෙයක් නෑ. අපි පඩි දීලා ඔය තනතුරුවල ඉන්නේ ඕවා අල්ලන්න තමයි. දාන්න ඕනෙ ඕවා අල්ලාගත් අයගේ පින්තූර.

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1094 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 704 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1769 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 548 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site