IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කෝටි 15 ඉතාලි වන්දිය වංචා කළැයි පියාට නඩු

ඉතාලි රජයෙන් වන්දි වශයෙන් පුතාට ලැබුණු රුපියල් කෝටි 15ක් වංචා කළැයි කියන පියකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය.

හොරණ පදිංචි රමේෂ් කුසල් රහස් පොලිසියට පැමිණිලි කර ඇත්තේ වසර 13ක් තමා ඉතාගියේ සේවය කළ බවයි.

2006 මාර්තු 26 වැනි දා ඉතාලියේදී තම රිය නතර කළ බවත්, පොලිස් නිලධරයකු අතින් වැරදීමකින් අවියක් පත්තුවී තමා තුවාල ලැබා ආබාධිත වූ බවත්, ඊට එරෙහිව පැවරූ නඩුවේදී තමාට යූරෝ 1200000ක් ද, තම පියාට හා මවට යුරෝ 120000 බැගින් දතම සහෝසරයාට යුරෝ 70000ක් ද, ඥාති සහෝදරයාට යුරෝ 40000ක් ද වන්දි ලෙස ගෙවූ ඉතාලි රජය නිවසක් සාදා ගැනීමට යුරෝ 21200ක් දුන් බවත් පැමිණිල්ලේ සදහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අවසරය ඇතුව ඉතාලි රජය එම මුදල ශ්‍රී ලංකාවට ගෙවූ බවත්, තම පියා තමා විවාහකයකු බව සඟවා ව්‍යාජ ලියැවිලි මගින් තමාගේ භාරකාරත්වය හොරණ දිස්ත්‍රික් අධිකරණයෙන් ලබා ගෙන ඇති බවත් කුසල් රහස් පොලිසියට කියා ඇත.

තම පියා අනියම් සම්බන්ධයක් ද ඇතිව සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ද, තමාගේ මුදල් හා දේපල පරිහරණය කරන බව ද, තමා දැන් අමාරුවෙන් ජීවත් වන බව ද පුතාගේ පැමිණිල්ලේ සදහන් වේ.

 

 



අදහස් (0)

කෝටි 15 ඉතාලි වන්දිය වංචා කළැයි පියාට නඩු

චන්දිමා Wednesday, 18 September 2013 10:18 PM

බලන්න ඒ රටවල මනුස්ස ජීවිතයට තියෙන වටිනාකම. (නදී)

:       0       0

මසූඩ් Wednesday, 18 September 2013 10:29 PM

සල්ලිවලට යක්කුත් ආස නිසා මෙහෙම පියවරු ගැන මොන කතාද? (නදී)

:       0       0

චින්තක Wednesday, 18 September 2013 10:33 PM

ඕව මොනවාද , අපේ පොලිස් නිලධාරීන් අතින් වැරදීමකින් ගුටි වැදිච්ච කෙනෙකුටත් ලක්ෂ 100 ක් විතර ගෙවනවා . කිසි තාත්ත කෙනෙක් හොරෙන් ගන්නේ නැ. (අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 September 2013 08:56 PM

කේ.එච්.ආර්.කේ.දිසානායක මහත්තයෝ, මුන් කොන්ද කඩාගත්තත් ඉතාලිය වගේ රටකට ඇවිල්ලත් 'වලිගෙ' කඩාගන්නේ නැහැනේ. (අ)

:       0       0

රනිල් Wednesday, 18 September 2013 11:59 PM

පිම්පියා (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 19 September 2013 02:01 PM

බෝට්ටුවෙන් ඇවිල්ලා කෝටි පහළොවක් ලැබුනත් ඒකත් ගියේ තාත්තගේ හොර අඹුවට. ඕකට තමයි කියන්නේ අතට ගත්ත දේ කටට දාගන්න වාසනාව නැහැ කියලා. (නි)

:       0       0

දසුනි Thursday, 19 September 2013 12:46 AM

චන්දිමාට හිතුන දේම තමා මටත් කියන්න තියෙන්නේ.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 19 September 2013 04:44 AM

මේ තාත්තා වැරදි වෙන්න ඇති. ඒ වුණත් මෙතන වෙලා තියෙන්නේ පුතාටත් තණ්හාව ඇතිවෙච්ච එක. විශේෂයෙන් තාත්තගේ දෙවැනි විවාහයේ බිරිඳ සතුටින් ඉන්න එක ගැන තියෙන අකමැත්ත. උසාවියෙන් තීරණය නොකළත් තාත්තා කියන්නේ තමන්ගේ භාරකාරයා. වියපත් තාත්තා සතුටින් ඉන්න එක ගැන පුතෙක් හැටියට සතුටු වෙන්න ඕනෑ. තාත්තට ලැබුණු මුදල අමතක කළත් තමන්ට ලැබුණු රුපියල් කෝටි 20 කට අධික මුදල ලංකාවේ ජීවත් වෙන්න ප්‍රමාණවත් නේද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 19 September 2013 04:45 AM

මේක අහලා වෙන්නප්පු අයියලා පාරේ යන කාර් වලට බෙල්ල තියයි ලෙහෙසියෙන්ම කෝටිපතියෝ වෙන්න. (නි)

:       0       0

බී Thursday, 19 September 2013 04:47 AM

සීයට දහයක් ගන්නවා දැනගත්තා නම්. (නි)

:       0       0

මංජුල වෙරෝනා Thursday, 19 September 2013 02:54 PM

ලාල් ගලබඩ හිතන්නේ එයා වගේ ඔක්කොම ඉතාලියට ඇවිල්ල ඉන්නේ බෝට්ටු වලින් කියලා.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 19 September 2013 11:49 PM

එකනම් එහෙම තමා පිටිගල මිලානෝ, ඔයාගේ ඔයාගේ කතාවත් හිතාගන්න පුළුවන්. මම නොදන්නා නිසා ඇහුවේ.ඔයත් බෝට්ටුවෙන්ද ගියේ? (නි)

:       0       0

ක්‍රිස්ටි මොන්සා Thursday, 19 September 2013 03:14 PM

අනේ ගලබඩ, ළිං ගෙම්බා වගේ දන්නා තරම තමයි. ඔබ ඇතුළු කීප දෙනෙක් විතරයි මෙහෙට බෝට්ටුවෙන් ඇවිල්ලා තියෙන්නේ.(නදී)

:       0       0

රොෂාන් සමන්ත Friday, 20 September 2013 02:44 AM

මේ තරම් ගානක් දෙනවද? (නදී)

:       0       0

සේනාරත්න Thursday, 19 September 2013 08:52 AM

නිවැරදි සිද්ධිය දැන ගැනීමට උසාවි තීන්දුව එනතුරු අපි ටිකක් බලා ඉඳිමු. (නි)

:       0       0

කුමාරි Wednesday, 18 September 2013 06:44 PM

මෙහෙමත් පියෙක්! (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 18 September 2013 06:45 PM

අපොයි මෙහෙමත් තාත්තලා ඉන්නවද, තමන්ගේ දරුවන්ගේ දේවල් මංකොල්ල කන? (නි)

:       0       0

ටිරෝන් Wednesday, 18 September 2013 07:05 PM

පියෙක් නෙමෙයි දුෂ්පියෙක් (නි)

:       0       0

අනුර Wednesday, 18 September 2013 07:09 PM

පෝරකයට යවන්නයි වටින්නේ (නි)

:       0       0

අනුර Wednesday, 18 September 2013 07:09 PM

මෙච්චර දීලත් මෙයාට මදිවෙලාද පුතාගේ ඒවටත් තට්ටු කළේ? (නි)

:       0       0

සුජීව Wednesday, 18 September 2013 07:16 PM

එයා නම් පියෙක් නෙමෙයි. (නි)

:       0       0

මීනු Wednesday, 18 September 2013 07:39 PM

පියෙක්? (නි)

:       0       0

ක්.ක්.ද.ඩුබායි Wednesday, 18 September 2013 07:49 PM

පියෙක් නෙමෙයි... (නි)

:       0       0

කුමාර Wednesday, 18 September 2013 08:01 PM

කලබල වෙන්න එපා. ඉදිරියේදී සත්‍ය හෙළි වෙයි (දී)

:       0       0

පෙරේරා Wednesday, 18 September 2013 08:03 PM

හුගක් ඉතාලි පවුල් වල සහජීවනය අව්ල් . (දී)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 11:30 AM

තාත්තානේ පුතේ, උන්දැගේ සැදෑසමය අලුත් මායියත් එක්ක ඔන්න ඔහේ සතුටින් හිටපුවාවේ (නි)

:       0       0

සුනිල් වෙරෝනා Wednesday, 18 September 2013 08:15 PM

ඔය වගේ දෙයක් කාලයකට පෙර මිලානෝ පැත්තේත් වුණාද? (නි)

:       0       0

රජීව් Thursday, 19 September 2013 11:39 AM

මෙහෙමත් පියෙක්? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 18 September 2013 08:22 PM

ඉතාලි නෙමේ කොහේ ගියත් ලංකාවේ මිනිස්සුන්ගේ කපටි කම් නැතිවෙන්නේ නැහැ,මේ කතාව හරියටම පිළිගන්න බැහැ (දී)

:       0       0

සුරංග Wednesday, 18 September 2013 08:35 PM

හොද වෙලාවට හොරණ උනේ වෙන්නප්පුවේ උනානම් පනාගොඩට සහ අනෙත් එක්කෙනාට තද වෙන්න ගියා....(දී)

:       0       0

කුරුනේරු Saturday, 21 September 2013 04:55 PM

මේකට අදහස් ලියූ සියලු දෙනාම මේ පිළිබදව හරියටම නොදනී. මම ඔය සිද්ධිය හොඳට දන්නවා. (නි)

:       0       0

සාරා Wednesday, 18 September 2013 08:53 PM

ඉතාලියට තියෙන දුක තාත්තට නෑනේ ?ඇත්තටම තාත්තද ?(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 18 September 2013 09:09 PM

මිලානෝ නගරයට කිට්ටුව ඇති වරේසි නගරයේ වාහනයක ගමන් කරන විට අනතුරකට ලක් වී කොන්ද පන නැති වූ කෙනෙක්ට රුපියල් කෝටි විස්සක පමණ මුදලක් කලකට පෙර ලැබුණා. කාලයක් සිංහල වෙදකම් කිරීමෙන් පසු දැන් ඔහුට සුවයි. (අ)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 19 September 2013 07:10 PM

ඉතාලි ගිහිල්ලා කොන්ද කඩාගත්තත් සල්ලි ...ලංකාවේ කොන්ද කඩා ගත්ත එකාට ගොනා ඇන්නත් එක වන්දියක් නැහැ (නි)

:       0       0

රෝහණ Thursday, 19 September 2013 12:53 PM

අද අපේ රටේ ඇතැම් පියවරු හැසිරෙන්නේ ඉස්සර බටහිර රට වල තිබෙන නරක දුශ්චරිත පියවරුන් වගේ. හැම එක්කෙනාම අනියම් සම්බන්ධකම් තියාගෙන දරුවන්ට නරක ආදර්ශ දෙනවා. ඉස්සර හිටිය අපේ මුතුන් මිත්තන්ගේ පවුල් සංස්ථා වලින් බාල පරපුරට දුන්නේ අගනා ආදර්ශයන්. නමුත් දැන් ඒවා වලපල්ලට ගිහිල්ලා (නි)

:       0       0

ටිකිරි මැණිකේ Wednesday, 18 September 2013 10:03 PM

අනේ මෙහෙමත් පිනට උපන් පියෙක් මේ පි පියාට නිසි දඩුවම් ලැබේව කියා මා ශාප කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1002 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6179 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3445 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23600 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site