IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කෝටි 150 ක ගල් අඟුරු ගිලලා

කල්පිටිය, නොරොච්චෝලේ බලාගාරයට ලංකා කෝල්ට්ස් සමාගමෙන් ගෙන්වූ බව කියන ගල් අඟුරු නැව් දෙකකින් කෝටි 154 ක්  පමණ වංචා කළැයි දැනට නැව් සංස්ථාවේ සභාපති කාංචන රත්වත්තේ ඇතුළු නිලධරයන්  4 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක මෙවන් සිල්වා මහතා කියයි.

විදුලිබලාගාරය විසින් 2012/2013 වසරවල ගෙන්වූ මෙම ගල් අඟුරු නැව් දෙක අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩබෑමට නොහැකි බවත් එය පිපිරීමකට ආසන්න බවටත් දන්වා නැව් සංස්ථාවේ සභාපති ඇතුළු මෙම පිරිස එය මෙරටින් රැගෙන ගොස් ඉන්දියානු සමාගමක් වෙත හොර රහසේ අලෙවිකොට රුපියල් මිලියන 416 ක් සහ රුපියල් ලක්ෂ 1119  ක මුදලක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව වන අතර එයට විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතාගේ අනුමැතියද ලැබී නොමැති බවද සඳහන්වේ.

නැව් සංස්ථාවේ සභාපති ඇතුළු සිව්දෙනා විසින් පත්කරගත් කමිටුවක් හරහා මෙම අයථා ගනුදෙනුව සිදුව ඇති බවද පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භකොට ඇති අතර විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා ගේ මෙහෙයවීමෙන් සිදුකළ පරීක්ෂණයෙන් පසු නැව් සංස්ථාවේ සභාපති ඇතුළු සිව්දෙනා අත් අඩංගුවට ගෙන තිබුණි. අත් අඩංගුවට ගත් සෙසු සාමාජිකයන් පිරිස එම කමිටුවේ සාමාජිකයන් බවද පැවසේ. මෙම සමාගමින් මේ ආකාරයට ගල් අඟුරු නැව් 15 ක් මෙරටට ගෙන්වාගෙන ඇති අතර මෙම නැව් දෙක සඳහා පමණක් මෙම අයථා ගනුදෙනුව සිදුවී ඇතැයි කියති.

මෙම ගනුදෙනුවට මැදිවූ ලංකා කෝල්ට්ස් සමාගමේ සභාපතිවරයා ඉකුත් දෙසැම්බර් මස හෘදයාබාධයකින් මියගොස් ඇති අතර තවත් අතරමැදි ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කරමින් පවතින අතර හෙට(4) දිනයේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

කෝටි 150 ක ගල් අඟුරු ගිලලා

ජෙරමි ලුඩුකින්ස් Wednesday, 04 March 2015 05:59 AM

නැව් කතාව විතරද මෙයා ගැන දන්නේ (දිල්)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 06:36 AM

නැව ගිලිලා නැද්ද (දිල්)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 04 March 2015 07:21 AM

පහු ගිය රජය කාලේ, රජයේ උසස් නිලධාරීන් ගොඩක් දෙනෙක් ධන කුවේරයන් බවට පත් උනා. දැන් 'මග නැගුම' 'ගම නැගුම'ට එහෙම වෙච්ච දෙයක් නෑ. ඉතිරිවෙලා තියෙන්නේ රජයේ උසස් නිලධාරීන්ගේ 'මම නැගුම' පමණයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 34 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 423 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 238 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 351 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1093 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2883 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site