(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙකු සහිත බහු දින යාත්‍රාව අද (15) නාවික හමුදාව විසින් ගාලු වරායට රැගෙන ආවේය.
ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 34 ත් අතර වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් පෙරේදා (14 ) නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා අද (15) ගාල්ල වරායට පැමිණියේය.
එහිදී සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස උර හයක් අසුරා බහු දින යාත්‍රාවේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගේ නාවික හමුදාව විසින් සොයාගනුු ලැබීය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී තවත් යාත්‍රාවක් මගින් මෙම සැකකරුවන්ට ලබා දෙන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
දීපාල් Saturday, 16 November 2024 03:00 AM
ඔය ටික උරලා ජීවිත කීයක්, පව්ල් කී දාහක්ම යහමගට වැටෙන්න තිබුණද, ඕක බලාගෙන දැනට නැතිවෙච්චි පවුල් කොච්චර ඇතිද...? ඔය බෝට්ටුවේ හිටපු අයට ප්‍රසිද්ධ ස්ථානයක මරණීය දඬුවම දුන්නා නම් ආයි ලොවෙත් ගේන්නේ නෑ... එකෙක්වත් කුඩු ලංකාවට... නැත්නම් වෙන්නේ කුඩු ජාවාරම හුරතල් කෙරිල්ලක් විතරයි.
Lalla Saturday, 16 November 2024 07:10 AM
ඕවා පිටි වෙන්න කොපමණ කල් යනවාද? රස පරීක්ෂක වාර්තාවත් අදාල ඉබි ගමන නැතිව සතියක් ඇතුළත වත් දීලා ඊළඟ සතියේ දඬුවම් දීලා මත්ද්‍රව්‍ය විනාශ කරනවා නම් මතට තිත හරි යයි....
බකල ජයා Saturday, 16 November 2024 08:58 AM
පොලිසියට ඉදිරි කටයුතු සඳහා දුන්නා නේද ...? මේ අහිංසකයෝ පාං පිටි ගෙනැල්ලා වෙයිද?