IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘කෝටි 250 ජනපති මන්දිරේ‘ - මෛත්‍රී

යාපනය කන්කසන්තුරෙයි ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව ජනපති එහි සංචාරය කොට ඉදිවන ජනාධිපති මන්දිරය පිළිබඳව සොයා බැලුවේය.

දැනට 80%ක පමණ වැඩ අවසන්වී ඇති එහි ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 200කි. මහජන මුදල් විනාශ කරමින් ඉදිවන එවැනි සුඛෝපභෝගී මැදුරක් තම සුඛ විහණයට යොදා නොගන්නා බවද එහිදී මෛත්‍රිපාල සිරිසේන ජනපති පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවති බවත්, 1980 දී කොටි ත්‍රස්තයින් විනාශ කරනතුරු ජනපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්ය. මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල  ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් නාවික හමුදාව එහි ඉදිකිරීම් බාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා කියයි.

කන්කසන්තුරෙයි හා ආරුගම්බේ ඉදිවෙමින් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත් ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවන්ට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.

01 02 03 04 05



අදහස් (0)

‘කෝටි 250 ජනපති මන්දිරේ‘ - මෛත්‍රී

දුනුමන්ත Friday, 06 March 2015 11:14 AM

ඉදිරි දැක්මක් නොමැති නායකයන්ට මේවා විහිළු වියහැකියි. නමුත් මෙවැනි දෑ සැබැවින්ම රටකට අවශ්‍යයයි. මිනිස්සු කොහොම කීවාත් මේවා මහින්ද මහත්තයා යනකොට අරන් යන්න කරපුවා නොවෙයි. (ර)

:       0       0

සමන්ති Friday, 06 March 2015 06:36 PM

යාපනයේ යුද්දෙන් පස්සේ කලයුතු මන්දිර හැදීම නොව අවතැන්වූ මිනිසුන් සඳහා ස්ථිර පදිංචි කිරීමට කටයුතු කිරීමයි. ඉදිරි දැක්මක් නැති නායකයන් හදන්නේ මන්දිර. (නදී)

:       0       0

ගයාන් Friday, 06 March 2015 08:12 PM

මේක මන්දිරයක් වගේ නම් පෙනෙන්නේ නැහැ. ගොඩනැගිලි තිබෙන විදිහට මට නම් හිතෙන්නේ හමුවීම් සඳහා හදපු තැනක් කියලා. (නි)

:       0       0

ගැමි පුතා Friday, 06 March 2015 11:01 PM

හිටපු ජනාදිපතිතුමනි,ඔබ යුද්දය දිනවන්නට නායකත්වය දුන්නා වගේම දහස් ගණන් රණ විරුවන් ජීවිත පුජාකළ අතර දහස් ගණන් අබාධිත වුනා. ඔබටත් අඹු දරුවන්ටත් බොහෝ සැප සම්පත් වරප්‍රසාද ලැබුන නමුත් රණවිරුවන්ගෙන් සුළු පිරිසකට පමණයි උපකාර ලැබුනේ. නමුත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ඉදිකිරීමට පෙර අර අසරණවූ රණවිරුවන්ට කුඩා නිවසක් වත් දීල කෙලෙහි ගුණ දක්වන්නට තිබුන නේද? එය අතපසු කලේ මොන හිතකින්ද? (නදී)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 05:59 AM

සමන්ති උතුරට මන්දිර අකැපද - කැප බංකර විතරද....නමුත් යළි පදිංචි කිරීමට දුන්න අත-හිත මදි (දිල්)

:       0       0

මිස්ටර් ජයේ Saturday, 07 March 2015 03:29 AM

මේවා රටකට අවශ්‍යයි. පසුගිය රජය විසින් උතුරේ අවතැන්වූ ජනතාවට අවශ්‍ය ඉඩම් හා නිවාස ලබා දුන්නා. නමුත් උතුරේ දේශපාලුවන් ඒවාට බාධා කරා. දැන් උතුරේ ප්‍රශ්න මොකුත් පේන්නෙ නෑ. රණවිරුවන්ට නිවාස ඉදිකරල දුන්නෙ නෑ කියල කට්ටිය කියනව නේද. හැබැයි ඔයාලට අමතක වෙලා පසුගිය රජය තරම් රණවිරුවන්ට සලකපු වෙන රජයක් ලංකාවෙ ඉදල නෑ. කොච්චර නම් නිවාස හදල දුන්නද. නිවාස අවශ්‍ය පුද්ගලයන්ට නිවාස ලැබුන. රණවිරු ගම්මාන හැදුව. ඒ වගේම ආබාධිත රණවිරුවන්ට අභිමන්සල වගේ තැන් හැදුව. ඒව දැන් අමතකයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1529 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4427 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2172 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site