(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශික ගුවන් මගී කාන්තාවක් ද ඊයේ (15 ) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 36 හැවිරිදි කැනඩාව ජාතික කාන්තාවකි . ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින කාන්තාවක් බවද , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදීම අනාවරණය කර ගෙන තිබේ .
පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි මෙම කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් , එම නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , ඇද ඇතිරිළි කීපයක් තුළ ඔතා සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500 ක බරකින් යුතු මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය , සුළං කාන්දු නොවන පොලිතින් ඇසුරුම් 12 ක් තුළ , එක් ඇසුරුමකට 06 බැගින් වන සේ , කාබන් කොළ වල ඔතා , ඇසුරුම් 72 ක් ලෙස සකස් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය බොහෝ විට , වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇතැයි , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීන් සැක පහළ කරති.
ශ්රී ලංකාව නවෝත්පාදන ක්ෂේත්‍රයේ දී අනෙකුත් රාජ්‍ය හා සම-තරඟකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අයවැය සාර්ථක වේවා කියා තමා අවංකව ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අත්ටැක්ටරයක ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබලෙකු එම ටැක්ටරයේ නගුලට සිරවී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වර
උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු