IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කෝටි 4ක් අරන් ඉතාලියෙන් පැන්න මිනිහා අල්ලයි

ඉතාලියේ බ්‍රේසියා නුවර ධන කුවේරයකු වන ගණකාධිවරයකුට අයත් රන් ආභරණ තොගයක් හා යූරෝ ලක්ෂ දෙකහමාරක්  පමණ (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් පමණ) සොරකම් කරගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන මාරවිල පුද්ගලයෙක් මාරවිල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටී ඇතැයි අන්තෝනියෝ රෝස් ගණකාධිවරයා කියා ඇත. පොල්කඩන්නකුගේ නම ඉදිරිපත් කර තම ඡායාරූපය අලවා ගමන් බලපත්‍රය හා වීසා ලබාගෙන ඉතාලි ගිය මෙම පුද්ගලයා වසර පහළොවකට වැඩි කාලයක් එහි ගත කර ඇතැයි ද, ඉතාලියට ගිය පසු වෙන නමකින් ජීවත් වී ඇතැයි ද, සොරකමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් නමකින් යැයිද ඉතාලි ආරංචි කියයි. සොරකම් කළ සල්ලි බස්නාහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකු නමට එවා ඇතැයි ද එම ආරංචි කියයි. සැප්තැම්බර් 25 වැනිදා එසැණ මේ සිද්ධිය වාර්තා කළේය. පසුගිය සැප්තැම්බර් 10වැනිදා මේ සොරකම සිදු කර ඇත. ඉතාලි ගණකාධිකාරීවරයාගේ විශ්වාසදායක සේවකයකු වූ ඔහු සොරකම් කළ බව කියන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම කෙතෙක්දැයි පැමිණිල්ල කරන විටද තොරතුරු ලැබී නොතිබිණි. ජයලත් ෆෙඩ්රික් ඝෝඨාභය වික්‍රමසිංහ ජයලත්  නමින් ඉතාලි ගිය මොහු එම ගණකාධිකාරී ලඟ සේවය කර ඇත. එහෙත් ඔහුගේ සැබෑ නම හරේන්ද්‍ර බන්දුල ලොකුගේ බවට ඉතාලි පොලීසිය සතුව තොරතුරු ඇත. සොරකමින් පසුව ඔහු  ඒ නම් දෙකම හැර වෙනත් නමකට හදිසි ගමන් බලපත්‍රයක් ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම ඉතාලි ආරංචි කියයි. මාරාවිල පොලීසිය අද (21) දහවල් එකට පමණ මොහු අත්අඩංගඩුවට ගෙන ඇත්තේ ඔහු නාත්තන්ඩිය පුබුදු මාවතේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරක් මතය. එහෙත් ඔහු පොලීසියට පවසා ඇත්තේ තමාගේ නම ජයලත් ඝෝඨාභය වික්‍රමසිංහ ජයලත් නොවන බවයි. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට නියමිතය. මාරවිල පොලීසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක  එච් එම් රත්නතිලක මහතා පරීක්ෂණ මෙහෙයවයි. එසැණ පෙර ලිපිය http://www.lankadeepa.com/index.php/articles/66721  



අදහස් (0)

කෝටි 4ක් අරන් ඉතාලියෙන් පැන්න මිනිහා අල්ලයි

වාසල Sunday, 21 October 2012 05:28 PM

සොරකමට සහ වංචාවට වැඩි ආයුෂ නැහැ මිත්‍රයා. නීතියෙන් නැත්නම් ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙනවා. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 21 October 2012 05:41 PM

මෙයා වෙන නමකින් ඉතාලි යන්නයි, එහෙ ගිහින් තවත් නමකින් ජීවත් වෙන්නයි...නැවත ලංකාවට එන කොට වෙනත් නමකින් පාස්පෝර්ට් එකක් ගන්නයි අවස්ථාව හදා ගත්තේ කොහොමද..??? ඒකෙන්ම හිතා ගන්න පුළුවන් රටවල් දෙකේ නීති රාමුවේ වටිනා කම..ඒකත් එච්චර දෙයක් නෙමේ,එකම හැදුනුම්පත් අංකය බර ගානකට නිකුත් කරන එකේ...? නීති පද්ධතිය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා.

:       0       0

බන්ඩාර Monday, 22 October 2012 09:28 AM

පොලීසියට මල් මිටක් (ස)

:       0       0

නිශාඩ් Monday, 22 October 2012 09:30 AM

අපරාධ කරානම් ඊට දඩුවම් ලැබිය යුතුයි (ස)

:       0       0

ඉශාන් Tuesday, 23 October 2012 04:51 AM

වෙන්නප්පුවයි නාත්තන්ඩියයි අදුරන්නේ නැති මිනිස්සුත් ඉන්නවනේ. අපේ රටේ පාලම් තොටවල් වලින් එහා මෙහා බලලාද මිනිස්සු වැරදි කරන්නේ? (නි)

:       0       0

ජගත් සුජීව Sunday, 21 October 2012 06:00 PM

නියම පුද්ගලයා මොහු නම් නිසි දඬුවම් දෙන්න. අපටත් සැනසීමේ රස්සාව කරගෙන ඉන්න.

:       0       0

රූපා Monday, 22 October 2012 09:52 AM

රටේ බලධාරියෝ අවදියෙන්ද? (නි)

:       0       0

පනාගොඩ Monday, 22 October 2012 10:12 AM

සම්පූර්ණ ඇත්ත ඉන්දික .(ස)

:       0       0

පනාගොඩ Monday, 22 October 2012 10:16 AM

ඉතාලි ඉන්න අනෙක් අය ගැනවත් හිතලා මේ කන්න දුන්න අත සපාකාපු කෙනාව අඩුම අවුරුදු 10කටවත් හිරේට යවන්න (නි)

:       0       0

විශ්ව Sunday, 21 October 2012 06:11 PM

වරදක් කළා නම් තද දඩුවම් දිය යුතුයි. නැතොත් ඉක්මනින් නිදහස් කළ යුතුයි.

:       0       0

පද්මි Monday, 22 October 2012 10:28 AM

බෙන්තර ග‍ඟෙන් එහා කෙනෙක් කිව්වද ? (ස)

:       0       0

අයේෂා Monday, 22 October 2012 05:00 PM

ඉතාලියේ ඉන්න පනාගොඩ වෙන්නප්පුවේ අය ගැන ලොකු තරහකින් ඉන්න බවනම් පේනවා (ස)

:       0       0

යොහාන් ඩුබායි Sunday, 21 October 2012 06:35 PM

කොහොමද අපේ පොලීසිය? පොලීසියට මල් මිටක්..

:       0       0

පිටිගල Monday, 22 October 2012 10:27 AM

පුදුමයිනේ අහවල් නම මෙයාට අමතක වුණ එක (නි)

:       0       0

රන්ජන් Sunday, 21 October 2012 06:34 PM

ලොකුගේ, බන්දුල, ජයලත්, ගෝඨාභය, වික්‍රමසිංහ.....! දාගෙන තියෙන නම් දිහා බැලුවම කියන්න පුලුවන්..මෙයා හොරගෙඩියෙක් බව.

:       0       0

පනාගොඩ Monday, 22 October 2012 10:42 AM

මෙවැනි අය විවිධ නම් වලින් පෙනී සිටිනවා (නි)

:       0       0

දයා, සෞදි Sunday, 21 October 2012 06:55 PM

බස්නාහිර ද, දකුණද දන්නේ නෑ.

:       0       0

ෆාන්ස් Tuesday, 23 October 2012 03:09 PM

පනාගොඩ මහත්තයා, ඔය කියන්නේ වෙන්නප්පුවේ අය ඒ හොරාව සාදාරනීකරණය කරනවා කියලද ? නැහැ ඒ හොරා හොරාමයි. දැන් ඉන්නේ වෙන්නප්පුව කොලින්ජඩියේ කොළඹ පාරේ ලස්සනම ගෙදර. ඒත් වෙන්නප්පුවට හෝ වෙන්නප්පුවේ අය‍ට ගරහන්න, දොස් කියන්න එපා. (ස)

:       0       0

ලක්මාල් Monday, 22 October 2012 06:10 PM

මෙයාගේ බිරියගේ කීමටද දන්නෙ නැහැ මේ හොරකම කළේ? (නි)

:       0       0

තරුෂ Sunday, 21 October 2012 07:38 PM

සේවයට බඳවා ගන්න මිනිස්සු අනුභව කරල බලන්නයැ මෙහෙම මිනිස්සු යම් කිසි ප්‍රතිශතයක් අනිවාරයයෙන්ම කොයි රටෙත් ඉන්න බව දැනගෙන සේවයට බඳවා ගැනීම තමයි (නුවනැතිකම) නැත්නම් (නුවනනැතිකම) තමයි ප්‍රදර්ශනය වෙන්නෙ (අ)

:       0       0

පාලිත් Monday, 22 October 2012 11:58 AM

රජ බඩුවක් ..ජය වේවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 07:34 PM

එතන වරදකරපු ලාංකිකයෝ සේරම මේ සිද්ධියෙන් පස්සේ අස්කරල මොහුට උපරිම දඩුවම් දෙන්න ඕනේ. (අ)

:       0       0

silva tabuk Sunday, 21 October 2012 07:47 PM

හතර වැනි තට්ටුවට අරගෙන ගියාම නිකම්ම කියයි. අල ගිය මුලගිය තැන්, (අ)

:       0       0

ලලිත් කටාර් Sunday, 21 October 2012 08:02 PM

මොකුත් වෙන්නේ නැහැ. දේශපාලනාඥයෙක් මෙකට සම්බන්දයිනේ. අපරාදේ අර මනුස්සයාගේ ව්‍යාපාරය. (අ)

:       0       0

shantha lal jeddah Sunday, 21 October 2012 08:46 PM

කන්න දුන්න අත හපා කලා, ලංකාවේ නමත් බාල්දු කරල. කෝටිපතියෙක් වෙලා මොකටද, ජනපතිතුමනි අපේ රට හොරුන්ගේ පාර දීසයක් වෙන් දෙන්න එපා මොහුට උපරිම දඩුවම් දෙන්න. (අ)

:       0       0

කසුන් Sunday, 21 October 2012 09:35 PM

මේක සැළසුම් කරලා කළ දෙයක් වෙන්න බැරිද? (නි)

:       0       0

ෆ්‍රෑන්ස් Monday, 22 October 2012 08:01 PM

පනාගොඩ, පිටිගල, සුදත්,ගලබඩ ඉන්දික, මේ කට්ටිය වෙන්නප්පුවට මෙච්චර ගරහන්නෙ ඇයි? වෙන්නප්පුවේ අය ඉතාලි ගියේ නැත්නම් ඔයාලත් තවම ඔයාලගේ තාත්තලා වගේම පොල් කඩනවා නේද? මාළු අල්ලන්න මූදු යනවා නේද? (නි)

:       0       0

චමිලා Sunday, 21 October 2012 09:55 PM

පරීක්ෂණ තියලා උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

පනාගොඩ Tuesday, 23 October 2012 10:56 AM

වෙන්නප්පුවේ, නාත්තන්ඩියේ කට්ටිය ඔක්කොම එකතුවෙලා ප්‍රතිචාර දාන්නේ කන්න දුන්න අත හපාකාපු මේ හොරාව සාධාරණීකරණය කරන්නනේ. (නි)

:       0       0

කස්තුරි Monday, 22 October 2012 12:05 AM

පළමුව කළයුත්තේ හොරුන්ට උප්පැන්න හැදුනුම්පත් හදන අයව අල්ලාගන්නා එකයි (නි)

:       0       0

නන්දි Monday, 22 October 2012 01:14 AM

සොරාගත් රන් සහ මුදල් ආපසු දෙනු! (නි)

:       0       0

හිල්මි Monday, 22 October 2012 01:48 AM

පේනවා නේද අපේ අයියලාගේ තරම? (නි)

:       0       0

ක්ලෑරන්ස්-ඉතාලිය-මාරවිල Monday, 22 October 2012 02:50 AM

මෙයාගෙ මුල් පදිංචිය ගාල්ල, මාරවිල කියලා දෑම්මට, දෑන් පදිංචිව ඉන්නෙ නාත්තන්ඩියෙ. (නි)

:       0       0

මැක්ස් Monday, 22 October 2012 03:40 AM

විශිෂ්ට රාජකාරියක්! (නි)

:       0       0

maxi Monday, 22 October 2012 03:49 AM

lankawata, enava july 14,gaja panaya, nea.monavada one,staff 1 ta.00393200517103 call 1k denna.

:       0       0

චන්දන Monday, 22 October 2012 04:02 AM

කේපී ට දීපු දඬුවමම මෙයාටත් දෙන්න. (නි)

:       0       0

ඉන්දික ඉතාලිය Monday, 22 October 2012 04:15 AM

ඉතාලියේ ඉන්න සමහරු බස් වල යන්නෙම හොරෙන්. අහු වුණහම දෙන්නේ අපේ නළුවන්ගේ, නිළියන‍්ගේ, ගායකයන්ගේ ප්‍රසිද්ධ අයගේ නම. තමන්ගේ නම දෙන්නේ නැහැ. එහෙම කරලා යාලුවෝ අතරට ඇවිල්ලා ලොකු හපන්කමක් කළා වගේ කියවනවා. අර කතාවක් තියෙන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්ත ගැන. ඒ වගේ තමයි මීගමුවේ පාලමෙන් එහාට ඉන්න කට්ටිය 80 % ක් ම ගමයි රටයි දෙකම කනවා. (නි)

:       0       0

සිරිනාග Monday, 22 October 2012 03:53 PM

මොහුගේ අලුත් නම සහ සැගවී සිටින තැන පිළිබදව ලංකාවේ පොලිසිය දැනුවත් කළ අයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුනේත්‍රා Monday, 22 October 2012 04:01 PM

කාරුණික සේවාදායකයෙක් බිංදුවට බස්සවපු මේ හොරාට දැඩි දඩුව්ම දියයුතුයි. (නි)

:       0       0

පනාගොඩ Sunday, 21 October 2012 05:18 PM

ඉතාලියේ සිටින වෙන්නප්පුවේ අය මෙවැනි සාපරාධී ක්‍රියා නවත්වන්නේ කවදාද? (නි)

:       0       0

පිටිගල Sunday, 21 October 2012 05:20 PM

වෙන්නප්පුවේ අයියලා කරන පළමු හෝ අවසන් හොරකම මෙය නොවන බව සියල්ලන්ම දනී. (නි)

:       0       0

සුදත් Sunday, 21 October 2012 05:26 PM

වෙන්නප්පුවේ පොල්ගස් නැගලා දැන් රට කනවා. (නි)

:       0       0

ගලබඩ Sunday, 21 October 2012 05:36 PM

මෙන්න තවත් ඉතාලියේ වෙන්නප්පු වාර්තාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 953 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1569 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1211 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site