( ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී කපිල )
රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කමකින් යුතු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් කිලෝ 04 ග්‍රෑම් 180 ඉතා සූක්ෂම අයුරින් මෙරටට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයෙකු අද (09) උදෑසන 06.01 කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි යු එල් 186 දරණ ගුවන් යානයෙන් උදැසන 6.01 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සැකකටයුතු අයුරින් හැසිරුණ මෙම පුද්ගයා පිළිබඳ සැක සිතු නිළධාරින් පරික්ෂාවෙන් සිට සැකකරු ගුවන්තොටුපළ බැංකු ලොබියට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔහු සන්තකයේ තිබු ගමන් මල්ල පරීක්ෂා කිරීමදි එහි ව්‍යාජ පතුලක මෙම හෙරොයින් තොගය සගවා තිබියදි සොයා ගනු ලැබු බව පොලීසිය කියයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එරික් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව විමර්ශන සිදු කරති.
(ඡායාරූපය- ප්‍රසාද් මුතුකුඩ)
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 5 ක හෙරොයින් සමඟ පකිස්තාන් ජාතිකයෙක් අත්අඩංගුවට
Lebbe Monday, 09 July 2018 05:41 AM
මිනිහට විශ්වාසයක් නැතුව ඇති අපේ හෙරොයින් ගැන... එ්කයි තමුන්ගේ රටෙන්ම හලාල් කරලා අරගෙන ඇවිත් තියෙන්නේ පාවිච්චියට. ග්‍රෑම් 4 නේ... යන්න දෙන්න අහිංසකයෙක්. ඊළඟ පාර ගොඩක් අරගෙන එයි.
KANDEPOLAMonday, 09 July 2018 07:37 AM
කිලෝ 04 ග්‍රෑම්180 යි.
manoj Monday, 09 July 2018 05:41 AM
ලඟදී කීදෙනෙක් නම් අහුවුණාද? මේවා ගේන්නේ ලංකාවේ ඉඳන් කව්රු හරි මේවා ඇනවුම් කරන නිසා. මහමොළ කරුවන් අල්ලන්නේ නැතුව මේක නවත්තන්න බෑ.
nirupa Monday, 09 July 2018 06:13 AM
මේ විදියට ලොකු ලොකු ගණන් කියන කොට අනිත් අයත් යනවා සල්ලි හොයන්න . හොඳම ක්‍රමය ගාන කියන එක නවත්වන්න ඕනි . මොකද මේවා අල්ලගත්ට දඬුවන් ලැබුන අය අඩුයි.
kumara Monday, 09 July 2018 06:57 AM
5ක් කියන්නේ මොන තරම් ලොකු ප්‍රමාණයක්ද..? මේවා ඔක්කොම දෙන්නේ අපේ රටේ දරුවන්ට නේද..? ඇයි ඒ පිටිපස්සේ ඉන්න අය අල්ලන්න බැරි..? මේ අයත් ටික දවසකින් නිදහස්.. එ්කනේ අපේ රටේ නීතිය..
nanju Monday, 09 July 2018 07:07 AM
මහමොල කරුවන් ඉන්නේ දියවන්නාවේ.
Kumara Monday, 09 July 2018 07:33 AM
පොලිස්පතිතුමනි, 225 ගැන හොයලා බලන්න.
palitha Monday, 09 July 2018 08:22 AM
මේ පුරුදුවෙන්න පලවෙනි වතාවට ගෙනා එකක් නොවෙයි, කාලයක් තිස්සේ කරගෙන ගිය දෙයක්, ඒකයි බය නැතුව කිලෝ ගණන් ගේන්නේ. මේවගේ ලොකු අය ඉන්නේ ලංකාවේ. පුළුවන්නම් එයාලව අල්ලන්න.
isurandi Monday, 09 July 2018 08:56 AM
ලංකාව දැන් කුඩු තිප්පොලක් ගානයි. ඇසට අහුවෙන්නේ නැති කොච්චර නම් දේවල් මේ විදිහට පන්නනවා ඇද්ද මෙහෙම බලපුවාම...?
nuwan Monday, 09 July 2018 08:57 AM
ඔය ජාතියේ අය ඉන්න රටවලින් අපේ රටට වෙච්ච සෙතක් නැහැ විනාශයක් මිස...