(ඉන්දිකා රාමනායක)
විදේශ රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බවට හා විදේශ රටකින් වටිනා ත්‍යාගයන් ලැබී ඇති බවට පවසමින් අන්තර්ජාලය ඔස්සේ පිරිස් මුලා කර රුපියල් කෝටි 6 ට අධික මුදලක් චංචා කළ බවට පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද (16) පැවසීය.
මෙම පැමිණිලි අනුව නයිජීරියානු ජාතිකයන් සහ චීන ජාතිකයන් 16 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය.
මෙම වංචාවන් දිගින් දිගටම සිදුවන හෙයින් පිටරටින් ත්‍යාගයක් හෝ ලොතරැයි දිනුමක් ඇදී ඇති බවට පවසමින් මුහුණු පොත හරහා , විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකරන පණිවිඩ පිළිගෙන නාදුනන ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
ලොතරැයි දිණුම් ඇදී ඇති බව පවසා එම මුදල් ලබා දීමට බදු මුදල් වශයෙන් සහ පිටරටින් ත්‍යාග ඒවා රේගුවෙන් නිදහස් කිරීම සඳහා යැයි පවසමින් විවිධ වංචාකරුවන් ඔවුන්ගේ ගිණුම් වලට වංචනික ලෙස මුදල් තැන්පත් කරගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
කිසිවකු නොමිලේ ත්‍යාග මුදල් ලබා නොදෙන බවත් , එවැනි වංචනිකයන්ට රැවටී නොදන්න ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වැනි රටවල බොහොමයක් පිරිස මෙවැනි වංචාවන්ට ඉතා ඉක්මනින් හසුවන බැවින් නයිජීරියානුවන් ඇතුලු විදේශිකයන් මෙවැනි ක්‍රියා සඳහා ශ්‍රී ලංකිකයන් තෝරා ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව පැවසුමේ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 6 ක් වංචා කළ විදේශිකයන් 16 ක් අත්අඩංගුවට
Prabha Wednesday, 16 September 2020 07:38 PM
ලංකාවේ විතරක් නොවේ යුරෝපෙත් තක්කඩි වැඩවලට නයිජීරියානුවෝ ප්‍රසිද්ධයි. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම නිසා ඇමෙරිකානුවන් ලෙස පෙනීසිටිමින් මිනිස්සු මුලා කරනවා.
Kamal Koyrala Thursday, 17 September 2020 06:19 AM
රුපවාහිනී නාලිකා වලින් උදේ පාන්දර සාස්තර කියනවට වඩා මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් ගැන සහ නීතිය ගැන දැනුවත් කරානම් හොඳයි.