(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
එම සැකකරු සමග හොරෙයින් මත්කුඩු කිලෝ 13 යි ග්‍රෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 යි ග්‍රෑම් 580 ක් හා විද්‍යුත් තරාදියක් පොලිස් බාරයට ගෙන ඇත
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාශ්වර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.
එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා සඟවා තිබූ මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු තොගය පාර්සල් 13 ක් වශයෙන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 02ක් වශයෙන් තිබූ බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මහර ප්‍රදේශයේ මොරින් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බවත් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීම සඳහා 27 හැවිරිදි සැකකරුට එරෙහිව රැදවුම් නියෝග ලබා ගන්නා බවත් පොලිසිය කියයි
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය
භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
ගුණරත්න Sunday, 27 April 2025 01:03 PM
කොටිකාවත්ත කිව්වාම සද්ධාතිස්ස හාමුදුරුවෝ මතක් වුනේ.