IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්

( ජේ.ඉඳුරුවගේ) 

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින්     රුපියල්  91,970,290 ක් වැයකර  ක්‍රියාත්මක  කළ  බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ  පස් අවුරුදු  ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවට අයත් ඉඹුල්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ  2019 දී අරඹා  ඉකුත් වසර අවසානයේ  අවසන්වු  මෙම  ව්‍යාපෘතියෙන් වසරකට 50 බැගින්  එළුවන් 250 ක් අභිජනනය කිරීම  අරමුණවූ බව   විගණන කාර්යාලය සඳහන් කරයි.

එහෙත් මෙසේ  එළුවන් 23 ක් පමණක් අභිජනනය කර     රුපියල් 2 ,362,442 ක ආදායමක් උපයා තිබීමෙන්  ව්‍යාපෘතියේ අරමුණ ඉටුව නැතැයි  මේ සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ. 

අභිජනනයට යොදාගත්  ආනයනික එළුවන් තුළ  නිරෝධායන කාලයේ  බී.ටී සහ සී.ඒ.ඊ.ප්‍රතිදේහ  තිබූ බැවින් එළුවන්  අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීම නතරකළ බව දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා  විගණන‍‍යට දැනුම් දී තිබේ.

  විගණනයෙන් අනාවරණයවූ   මෙම දත්ත අනුව ව්‍යාපෘතියට වැය කළ මුදලෙන් ලැබුනු ආදායම අඩුකළවිට ඉතිරි මුදල හා  අභිජනනය කළ එළුවන් සංඛ්‍යාව  සැසඳීමේදී එම එක් එළුවෙක් වෙනුවෙන් රුපියල් 3,895 ,993 ක් වැයවී ඇති බව පෙනී යයි.

 



අදහස් (5)

කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්

පිටරටවැසියා Wednesday, 27 November 2024 10:30 AM

දශක හතක සාපය කියන්නෙ නිකං නෙමෙයි... ඔය මුදල් වැයකරලා තව බත්කන හරක් ටිකක් බිහිකෙරුවනම්, මෑත ඉතිහාසයේ රටකාපු හැතිකරේට ඡන්ද ටිකක් හරි ගන්න තිබුණා...

:       0       30

වනසුන්දරWednesday, 27 November 2024 12:13 PM

පිට එකෝ දසක හතේ ශාපය කියමින් දේශපාලුවන්ට දෙස්දෙවොල් තියල හරියන්නේ නැහැ. තමන්ගෙ බඩගෝස්තරය පමණක් ගැන හිතාගෙන දේශපාලුවො රවටා රට වට්ටන්නෙ නිළධාරි තමයි. උන්දැල දේශපාලුවන් වගේ සියගුණයක් ගසාකෑමට පුරුදුවෙලා ඉන්නෙ. මොන දේශපාලුවො ආවත් ඉන්න නිළධාරි තමයි දේශපාලුවො හැසිරවීම කරන්නෙ

:       5       8

රම්බොඩ Wednesday, 27 November 2024 11:32 AM

ලංකාවේ බොහෝ පර්යේෂණ ආයතන මෙහෙම වෙන්න පුළුවන් . සුදු අලින්. තේ රබර් පර්යේෂණ ආයතනත් මේ වගේ වෙන්න ඕන. පොල් පර්යේෂණ ආවතනය නම් යම් වැඩක් කරන වගක් පේන්න තියෙනවා. නමුත් ගසා කෑම් කොහොමද දන්නෙ නෑනෙ.

:       0       4

රුවන් Wednesday, 27 November 2024 12:49 PM

ගමේ එළුවන් ඇතිකරන මහතුන්ට අඩුම ලක්ෂ 10 ගානේ දුන්නා නම් අද එළුවෝ 50-100ක් අභිජනන කරලා. මේවා තනිකරම සහගහන අපරාද. අඩුම දුප්පත් පාසල් වලට දුන්නා නම් තවත් දෙයක්.

:       0       6

අන්දරේ Wednesday, 27 November 2024 02:11 PM

වනඅසුන්දර, එතකොට රටේ ජනතාව කතිරෙ ගහලා, මන්ත්‍රී කරලා දියවන්නාවට ඇරලා බදුමුදල් වලින් දිව්‍ය ලෝක සැපසම්පත් මෙලොවදී දුන්නේ, නිලධාරීන්ට වැඩකරන්නද? නැත්නම් රටට-ජනතාවට වැඩකරන්නද? අනිත් එක මන්ත්‍රී ඇවිල්ලා බබා, නිලධාරීන්ට කියන විදිහටම වැඩකරන්න. ඔය කියන නිලධාරීන්ගෙන් අති බහුතරයක්ම දේශපාලන හිතවත්කමට පත්වීම් ලබපු අය, ඒ නිසා ඇත්ත තත්වය නම්, මන්ත්‍රී කඩප්පුලි වැඩකරනකොට නිලධාරීන් නිහඬව සිටීම සහ නිලධාරීන් කඩප්පුලි වැඩකරනකොට මන්ත්‍රී නිහඬව සිටීමයි. වෙලාවකට ඔය දෙගොල්ලෝම එකට එකතුවෙලා තමයි කඩප්පුලි වැඩකරන්නේ. අවසාන ප්‍රථිපලය රට අගාධයට යන එකයි, අන්තිමට වුණෙත් ඒකමයි...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 33 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 188 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1368 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 358 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1200 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 829 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site