(යොහාන් භාසුර, ඉන්දිකා රාමනායක සහ කටුනායක ටී. කේ. ජී. කපිල)
රුපියල් කෝටි 900 කට අධික වටිනාකමින් යුත් විදේශ දුම්වැටි කෝටි 20 ක් පමණ අඩංගු බහාලුම් 21 ක් ශ්‍රී ලංකා රේගු අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශය අද (13) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
ප්‍රතිඅපනයන කිරීමට යැයි පවසමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් මෙම දුම්වැටි තොගය ආනයනය කර තිබූ බවත් ඉන් බහලුම් තුනක් ඊයේ පරීක්ෂා කිරීමේදී දුම්වැටි තොගය සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
‘සිලෝන් බ්ලැක් ටී’ ලෙස සඳහන් කරමින් සාවද්‍ය නැව්බාර පත්‍රයක් සකස් කර නෙදර්ලන්තය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ආදි රටවල්වලට මෙම දුම්වැටි තොගය ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර තිබූ බවත් එහි අපනයනකරු ලෙස ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ තේ අපනයන සමාගමක් නම් කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාල ජාවාරම්කරු මේ වන විටත් මෙවැනිම බහලුම් 12 ක් බෙල්ජියම, නෙදර්ලනත්ය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවල්වල යවා ඇති බවත් මෙම ජාත්‍යන්තර දුම්වැටි ජාවාරම පිළිබඳව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 900 ක දුම්වැටි රේගුවේ හිර වෙයි