IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කඩාකප්පල් වැඩට පොලිසිය තදින් හිටී

(අංජුල මහික වීරරත්න)

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී ඇත.

ඒ අනුව කොට්ඨාශ බාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශයේ සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බවත්, සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැලැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත් පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී තිබෙි.

 



අදහස් (0)

කඩාකප්පල් වැඩට පොලිසිය තදින් හිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site