(යොහාන් භාසුර)
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය.
ප්‍රවීන්, බග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගනිමින් ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගනිමින් මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය.
අකිල ධනංජය 2018 වසරේ ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 44 කට කඩුලු 8 ක් දවාගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීය.
විසිදෙහැවිරිදි ප්‍රවීන් පළමු ඉනිමේදී දවාගත් කඩුලු හය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේදී ඉනිමකදී දක්‍ෂතම පන්දු යැවීමේ වසර 40 ක් පැරණි වාර්තාව බිඳ දැමීමකි.
හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක උපුල් චන්දන 1999 වසරේ පාකිස්තානයට එරෙහිව ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 179 කට කඩුලු 6 ක් දවාගනිමින් මීට පෙර වාර්තාවට හිමිකම් කීය
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක්
Raveendra Monday, 03 May 2021 12:46 PM
පුතේ නුබට අපගේ උණුසුම් සුබ පැතුම්.... අනාගතේදී නුබට තව තවත් වාර්තා තබා තමන් උපන් ලංකා මාතාවට කිර්තියය ගෙනඒමට හැකිවේවා.....එලෙසම විනීතව, නිහතමානිව මෙන්ම නීතිගරුක ක්‍රීඩකයකු වීමට සැමවිටම හිතට ගනින් පුතේ..... කිසිවිට තම දෙමාපියන්ට කිසිවෙකුගෙන් අසංවර වචන ඇසිමට නොහැකි වෙන ලෙස සමාජයේ හැසිරීමට හොදින් හිතට ගනින් පුතේ.....